P B ගේ නව යොජනාව

 P B ගේ නව යොජනාව

රජයේ සේවකයො ළග පිරිලා මඩිය
දුන්නට භාගයක් ගාණක් නෑ වැඩිය
වැටුණත් ගහෙන් තව ඇනපං ගොං තඩිය
මොනවද භාගයක් දෙන්නං ෆුල් පඩිය

පටි තද කරන් මහජනයා හැමනෙන්නා
වී.අයි.පී.නඩය සැප ගතයුතු වෙන්නා
තාමත් නිළ නිවෙස්වල සුවසේ ඉන්නා
කිසිවෙක් හිටපු ඇමතිල නොදමනු පන්නා

පිටරට මිලමුදල් යහමින් ලැබුණු බව
කිව්වෙත් ඔබයි එහෙනං දැන් මොකද සොව
කළුතර අබේගුණවර්ධන කියපු නැව
අරගෙන සල්ලි එන්නට කල්යයිද තව

කොහොමද ආර්ථික උපදෙස් දෙන කල්ලී
ඇහුණොත් ඇඩම්ස්මිත්වත් යනවා හෙල්ලී
දුන් උපදෙස් අනුව වීරක්කොඩි මල්ලී
ඇයි බැරි අච්චු ගහලා ගන්නට සල්ලී

ඉන්නම් කොටාගෙන බැරිවුණොතින් හේනක්
ලෙල්ලට කෙලවුණත් අපහට නැත ගාණක්
දෙන්නම් කෙලත් මදි නම් අපි අම්බානක්
හිමිවේ නම් යළිත් කෙනෙකුට මල්වානක්

ඉදිරියෙ තවත් හරි හරි දේවල් මේ බී
ඉන්නම් වැඩේ කරගෙන ලෙසටම ඩෝබී
අපහට නැතත් ඔබලා ඉන්නකො කා බී
මොනවද තවත් වියයුතු යුතුකම් පී.බී

ප්‍රියන්ත කොඩිප්පිලි (වමේ හඩ)