සෞදියේ මිය ගිය බිරිඳ සැමියාට ලියයි

සෞදියේ මිය ගිය බිරිඳ සැමියාට ලියයි

සෞදියේ ගෘහ සේවයට යන  කාන්තාවන් අනෙක වද හිංසාවන්ට ගොදුරු වෙද්දී  බලධාරීන්ගේ දෙසවන් අඟුල් වැටී තියෙන, කළු කඩ ඒජන්සි කරුවන්ගේ මුදල් කෑදරකම් වලට තව තවත් කතුන් අමාරුවේ දාන යුගයක.. ජනිත් විතාරණගේ සහෝදරයා ලියා තිබු සංවේදී පැදි පේළි කිහිපයක් අහම්බෙන් නෙත ගැටුනා.. 

වහිනකොට තාමත් ගේ පුරා තෙමෙනවද
මැටි ගඩොල් බිත්ති ටික පෙන්ද පාසි කනවාද
අරගත්තු ණය ටිකේ වැල් පොළී ආවද
අනේ මට බැරිවෙයි සමාවක් දෙනවාද

තුන්වේල නැතිවත් හිනාවෙච්ච හවසට
රණ්ඩුවක් උනාමත් එක රැයයි දවසකට
නගිනකොට පොල්ගස් බලාගෙන හෙමිහිට
මම ඉතින් මැරුණත් ආදරෙයි හරියට

පොලු වලින් ගැහුවත් හිතුවේ මං අපි ගැන
පුච්චත් දී අත පය හිතුවේ මම ණය ගැන
සමහරක් දවසකදී ගහනකොට ලොකු ඇණ
මං දන්නේ නැතිවම යන්න ඇති මගේ පණ

ජනිත් විතාරණගේ