කොරෝනා ... උඹ නම් මාරයි

කොරෝනා ... උඹ නම් මාරයි
රට හැම තැනම විහිරී
පපු කැවුතු හාරයි...
ගෙට වෙලා උන්නොත්
කුස ගින්න පාරයි...
අනේ ලක් මව හෙට සිට...
දෙවියන්ට බාරයි...
''''''''''''''''''
හෙට උදාවන දින
දුම් රියන් ඇත යහමට...
ගෙට වෙලා උන් අය
යන්න වෙයි රස්සාවට....
වැට කඩුලු බින්දත්
දැං කොරෝනාවට....
රට රකින්නට සෙවනැල්ල වී
අපේ අත් ඇත අපේ හිසකට....
"""""""""""''''''''
මීටරේ දුර නොව
හැකි පමණ දුර තබමින...
අත් වැසුම් දාගෙන
සැනිටයිසර්ද ගාගෙන...
කටට නිකටට නොව
මාස්ක් හරියට දාගෙන...
හෙට ස්ටේශමට එනවද ?
අනේ අපිවත් රැකගෙන....
 
රසාංග හපුආරච්චි
 
දුම්රිය ස්ථානාධිපති

බෝලවත්ත දුම්රිය ස්ථානය.