සැලකුම් නොලබාම නික්ම ගිය අප්පච්චි...

සැලකුම් නොලබාම නික්ම ගිය අප්පච්චි...
 
ගල් බොරළු
කටු පදුරු ඉවත් කරමින් මග තැනිතලා...
ආ ගිය මාවත
සොදුරු නෑ ඉවසමින් කදුළු සගවලා......
දුටුව කෙනෙකුට
කියනු කුමකට බලනු දෙපයම ඉරිතලා...
ආව මග ඔබ
ගියේ නෑ වෙන මං ආ පසුත් හැරිලා.......
ගත්තු ණය ඇත
මං ඔබෙන් මහ ගොඩක්...
ලැබුනොතිත් වරමක්
නෑ හිතන්නේ දෙවරක්.....
වැදල ඉල්ලමි
ලබා දෙනු මට පියාණන් තව වරක්....
පුදමි දෙවියනි
එසේ උවහොත් ඔබට පිං මා කප්පරක්.....
✍️සමන් ගුණසිංහ

06/01/20,