අවසරයි සමුගන්නට සෙනෙහසේ සොදුරු නවාතැනෙන්...

අවසරයි සමුගන්නට සෙනෙහසේ සොදුරු නවාතැනෙන්...

සෙනෙහසේ තෝතැන්න මන ඇසේ සුව සදන...

දුක දරා සවිමත්ව හිනහෙනා රුක් සෙවන ...

සිත කොනක ගුලි වෙච්ච සිහින හැම බිද වැටුන...

බර වෙච්ච කදුලු කැට නෙතගෙ රහසේ රැදුන...

 

රැදෙන්නට බල කරන එනතුරා මග බලන

ගොතන්නට කවි කතා පොඩි මිසී ලා සමග

හිරු බහින නිමේෂයේ ගී කියා හිනහෙන්න

අපූරුය හෙද කමත් ගිලන් හදවත් නිවන

 

මාසයක් පුරාවට මතක ගෙත්තම් කෙරුන

හෙදකමේ තවත් එක් ඉසවුවක් මුන ගැහුන

රැදෙයි උවටැන් කෙරූ මතක මේ හිතගාව

සෙනෙසින් හැමදාම මුල්ලේරියාවෙදි ලැබුණ

 

අවසරයි සමු ගන්න සිත නිවන සුව අරන

ගිලන් සිත් සුව සදන සොදුරු මිනිසුන් රැදුන

හෙද කමේ සොදුරු බව අරුත් බර ලෙස පිරුන

පින්බරයි මේ ගමන හෙද දිවියේ මට ලැබුන

 

දිලේකා සෙනවිරත්න.

හෙද විදුහල ,කදාන.

2018  A කණ්ඩායම.

30 සැප්තැම්බර් 2022

#SriLankanNurse