දයාබර දයාවන්ට දයාවෙනි !

දයාබර දයාවන්ට දයාවෙනි !

[ගුවන්විදුලියේ කීර්තිමත් ජන ගී ගායිකාවක මෙන්ම ප්‍රශස්ත නර්තනාචාර්යානියකද වන දයා නෙල්ලම්පිටිය කලාකාරියගේ 88 වන ජන්ම දිනය 2022 සැප්තැම්බර් 27 වැනිදාට යෙදේ. මගේ මේ ළබඳ කවි උපහාරය දයාබර දයාවන්ට දයාවෙනි!]

හැම දා උදේ අප පාසල් යන                 කලට

දුටුවා රුවක් මගදී යනු                     කඩිසරට

තිබුණා පිච්ච මලකුත් කොණ්ඩයෙ        හැඩට

දිළුණා දුඹුරු පාටින් දෑසම                    රුවට

 

නුහුරු මිහිර දෙන පින සසරින්            හුරුව

පිනවනු පිණිස දන මන  පෙරුමන්      පිරුව

සරසවි වරම් සඟවා  ගනිමින්            සැරුව

රුවකැයි එදා සිතනුද කෙලෙසින්       එරුව

 

පසු කල එරුව පිය දුව වී              සුවිනීතා

මනදොළ පුරවමින සංගීතයෙ          මාතා

බැබළුණි ගයා දන හද රැව් දෙන        ගීතා

ගුවනේ යුගයක්ය මේ සරසවි           ධීතා

 

මල් මල් මාල් මල් වැනි පදවැලින්   වියූ

නන් ජන ගී අසා ඇය නෑඹුලින්      ගැයූ

කුල්මත් දනන් ඒවා මතකයෙන්     කියූ

ඉතිහාසයකි ගුවනේ එක රැයින්     ලියූ

 

ඇති මුත් ඇතැම් කවියක් අන් අයෙකු    ගයා

ඇය එය ගයන කල ලෙළවා යතිය       තියා

නොහැඟේ හදට එය ඉන් පෙර ඇසුව  නියා

නොදනිමි ඇගේ සර අසිරිය කිමද       කියා

 

පෙර කළ පිනින් ඇය ලද මනහර      රූපා

සරසවි වරම උරුමෙන් විය         අභිරූපා

සැතපූ රසික දන දුරු කර සිත        තාපා

ඇගෙ සර අසිරියෙන් සැනසුණි මුළු  දීපා

 karunarathna amarasinghe

| කරුණාරත්න අමරසිංහ මහතාගේ FB පිටුවෙන්