හිමිකම ලැබුණා තෙල් පෝලිමේ අන්තිමට...

හිමිකම ලැබුණා තෙල් පෝලිමේ අන්තිමට...

දහසක් දෙනා අතර ට නිල ඇදුම ඇදන්

අපි සිටි හැටිය සිහිවෙනවා කදුලු දරන්

බොන්නට ගෙනා බෝතලයත් ඉවර කරන්

කුස කෑගැහුවා මහ හයියෙන් හතර වරක්...

 

ගම් දම් පියසෙ මම යන කොට පාර දිගේ

රජයේ නිලදරයෝ දහසය දෙනා වටේ

පෙනෙන්නට නැතිය අද නම් පාර දිගේ

මිස් දුව එන්නෙ මහ පාරේ සතර අතේ...

 

දරුවෙක් ලැබෙන්න ලඟ ඇය නම් එහා ගමේ

අලුතින් ලියන්නට ඉන්නවා අතන කඩේ

කිරි බොන බබා කහ වීලලු මෙහා ගමේ

පියවර මනින්නම් මිස් හංගන් කඳුලු කැටේ ...

 

තෙල් පෝලිමේ අපි අත්‍යාවශ්‍ය නෑ වාගේ

දාරිතව උතුරනවා ටැංකි දිගේ

ෂෙඩ් එකෙ බටේ ගලනවා අර සතර අතේ

මිස්ගේ සයිකලේ සත්තයි විසික් වුනේ ...

 

ගිනියම් අව්ව සැමදා හුරු ඔය වතට

පාදෙක තබන්නම් සැමදා ඉදිරියට

සොබාදහමේ අම්මෙ අපෙ සේවයට

හිමිකම ලැබුණා තෙල් පෝලිමේ අන්තිමට...

 

ගලනා නෙතේ කදුලැලි අර දිගට ගලා

කොපමණ වැටුනාද දන්නේ නැතිය මෙමා

නිල ඇදුමේ දැවටුනු දා බින්දු බලා

සොබාදහම දන්නවා අපි ඇගේ කියා...

 

අව්වෙ වැටෙන අව් රැල්ල ට යාලු වෙලා

වැස්සේ වැටෙන වැහි බිඳුවට හාද වෙලා

උහුලන්න ට බැරි බර ඔලුවෙ දරා

මිස් නිහඬයිලු හැම සේවෙම සලස්සලා...

 

| කුමාරි ගුණතිලක, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණී