වැඩබිම...

වැඩබිම...

රැකියා කිහිපයක එකතුවක්

වැඩබිම තුලට ජවයක්

දහඩිය, කඳුළ එක්ව සටනක්

ජීවිතය ජය ගන්නට යන මගක්...

 

පියවරෙන් පියවර සටනට ජයක්

ගොඩ නගා ගන්නට පෞරුෂයක්

බාධක බිඳිමින් ඉදිරියක්

තනා ඇත සැමට එක වැඩබිමක්...

 

ජාති භේද නැති වැඩබිමක්

ඔසවා තබන්නට හැක උනුන්

පිරි ඇත උගතුන් වියතුන්

නිසි කලට වැසි වස්සමින්...

 

මිතුදමට දිගුවන අතින්

පෝෂණය කරනට දැනුමින්

වැඩ කරන උන් එකතුවක්

වැඩබිමේ සාර්ථක බවක්...

 

සමන්ති ප්‍රියංගිකා ඩයස්
රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය