ඔබේ සේවය අමිලය....

ඔබේ සේවය අමිලය....
සුදෝ සුදු වතින් සැරසී
මුදු සිනාවෙන් මුව සරසාගෙන
කවුරුන් සොයා ගමන් කරනුද මේ....
මව්වරුන් , දරුවන් සොයා යන ගමනේ..
නුඹට,
මේ ගිනිගහන අව් රෂ්මියේ සැර...
මහ වරුෂාවෙන් තෙතබරිත වූ ගත...
හිසටත් උඩින් ඉහළ යන ජීවන වියදම...
ඉහළ යන ජීවන වියදමට අනුව වැඩි නොවන මාසික වැටුපෙන් තෙල් වියදම දරණ විට...
ඉලක්ක සපුරන්නට තෙල් කෝටාව පසෙකලා මදි පාඩුව පිය මං කරන විට......
................. විඩාවක් නොදැනුනි ද........
සියල්ල දරමින් සිනාමුසු මුවින් සේවය සලසන නුඹ සැමට ආදර්ශයකි ........

ඔබේ සේවය අමිලය.....

පබැඳුම - අවන්ති ලිවේරා - රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය