වහලේ ඉඳන් ගැටගහලා - එල්ලාගෙන තරාදියක්

වහලේ ඉඳන් ගැටගහලා - එල්ලාගෙන තරාදියක්

සතියක් තිස්සෙම අම්මිත්

කැව්වේ කෑම ගොඩාරියක්

‍යන්නට තියෙනවා කියමින්

බබා එක්ක සවාරියක්

හරිම හැඩට අන්දවගෙන

වාගේ රෝස කුමාරියක්

එක්කරගෙන කොහෙද ආවා

නෑ මට නම් මනාපයක්

වහලේ ඉඳන් ගැටගහලා

එල්ලාගෙන තරාදියක්

ඔන්චිලි චිලි කියුවෝතින්

වේවිද මට තුවාලයක්

අඬන් නැතුව ඉන්නලු තව

එක විඳිහට විනාඩියක්

අනේ බයයි අම්මියෝ මට

මේක හරිම කරදරයක්

බබාගේ බර අඩුවෙලාලූ

කියමින් කර පැමිණිල්ලක්

අම්මිට මොනවද කියනවා

නෑ මට නම් තේරිල්ලක්

තව වැඩියෙන් කන්න වෙයිලු

නෑ වාගේ ගැලවිල්ලක්

හොඳටම ඇති දැන් නම්

මට යනතුරු නෑ ඉවසිල්ලක්

මාලිකා මිස්කින්

(මා කවි අරණ මුහුණ පොතෙන්)