හඳුනාගැනීමට කිසිදු සඳහනක් නැති,
පිටපතක්ද නැති,
හිස්ම හිස් ලේඛණ බවට,
අපව පත්කර ඇත...
අප ගැන කිසිවක් සඳහන් ලේඛණ අද මෙහි නැත,
මින් මතුවටද නොමැතිවනු ඇත
එබැවින් අපි අපේ සිහිනවලට හෝ...
දැන්වත් ජීවය දිය යුතුය
පිටපතක් නොමැති හිස් ලේඛන ලෙස
අප පිටුවහල් කෙරී ඇත...
අනන්‍යතාවයක් නොමැතිවුන් ලෙසට
අපව පාලනය කෙරී ඇත,
අපගේ අනන්‍යතා, සොරකම්වී ඇත...
කාලය නම් නොවෙනස්ව ගෙවී යයි
නමුත් අනන්‍යතා ලේඛණයක්වත් නොමැතිවූ,
අපගේ ඊළඟ පියවරම ප්‍රශ්ණාර්ථයක්...
හැමදේම අප පසු කර ගෙවී යයි
තවදුරටත් ''ඔහේ'' බලා සිට
හිස් අතින්ම යන්ටනම් නොහැකිය
අපි අපේ සැබෑ අනන්‍යතා සොයාගමු
අපි අපේ සැබෑ ‘ලේඛණ’ සොයා යමු
| එස් . පී බාලමුරුගන්