පසුගිය දා පැවැති ගුරු විදුහල්පති උද්ඝෝෂණයේ සටන්පාඨ

පසුගිය දා පැවැති ගුරු විදුහල්පති උද්ඝෝෂණයේ සටන්පාඨ

කාගෙද මේ බලවේගේ - ගරුවරුන්ගේ බලවේගේ

කාගේද මේ බලවේගේ - විදුහල්පති බලවේගේ

අනුහතේ විෂමතාව - දෙදාස් හයේ විෂමතාව

විසඳුම් නැති විෂමතාව - විසි හතරයි විෂමතාව

විෂමතාව විෂමතාව - ගුරු සේවයේ විෂමතාව

ප්‍රින්සිපල්ව ගුරුවරයව - තලා පෙළන විෂමතාව

කෝ ජී එල් ඇමතිතුමෝ - දෙනව කිව්ව අපේ වැටුප

මාස්පතා කෙබර කෙලින - ඇමතිතුමෝ - ලැජ්ජ නැද්ද

සෞභාග්‍ය දැක්ම ලියා - ඡන්දෙ ගන්න මුලා කළා

කයිය නොවෙයි  දෙනව කිව්ව - අපේ වැටුප අපට දියව්

පහසුකමක් දෙන්නෙත් නෑ - ටුබ් එහෙමත් දැක්කෙත් නෑ

තාක්ෂණය දෙන්නේත් නෑ - ආණ්ඩුවට දැනේන්නේ නෑ

රට හදන්න දරුව හදන - ගුරුවරයද කාලකන්නි

රට වනසන පිස්සු කෙලින - පාලකයද කාලකන්නි

අධ්‍යාපනේ ගැන කියන්න - වෙද ඇමතිය තප්පුලනවා

ලිස්සු බෙහෙත විදගන්නට - ඇමතියන්ට ඇයි ප්‍රමාද

ගැටළු ගොඩයි රට ඉවරයි - - අරුම පුදුම ආණ්ඩුවක්

අකුරු කරන ගුරුවරයට - නිගා කරන ආණ්ඩුවක්

ගනිව් ගනිව් හකුල ගනිව් - වහවහාම හකුල ගනිව්

කොතලාවල නමින් ආව - බුරු පනත හකුල ගනිව්

වසංගතේ බොර වතුරේ - මාලු බාන ආණ්ඩුවක්

සිසු කම්කරු නායකයෝ - පැහැර ගන්න ආණ්ඩුවක්

පාසල්වල දූදරුවන් - උගන්වනා ගුරුභවතුන්

කොවිඩ් වලින් බේරගන්න - ආණ්ඩුවෙන් මොකද කලේ

ඇමති හැත්ත වැඩිවෙනවා - උන්ගේ පඩි වැඩි වෙනවා

අපේ ප්‍රශ්ණත් වැඩිවෙනවා - අඩු වැටුපෙන් ලතවෙනවා

අපේ වැටුප් විෂමතාව - කල් නොමරා දැන් විසඳව්

ආණ්ඩුවට ඇමතියාට - ගුරුවරුන්ගේ හඬ ඇහියං

ගුරු - විදුහල්පති වෘත්තීය සමිති