මොකක්ද මේ බලවේගේ - බැංකු අපේ බලවේගේ

මොකක්ද මේ බලවේගේ - බැංකු අපේ බලවේගේ

 

ලංකා බැංකුවේ සභාපතිගේ දූෂණ හෙලි කළ වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීම් නවතනු ! 2022. 08. 15 දින කොටුව, ලංකා බැංකු මූලස්ථානය ඉදිරිපිට, ලංකා බැංකු සේවක සංගමය විසින් සංවිධානය කළ විරෝධතා උද්ඝෝෂණයේ සටන් පාඨ

මොකක්ද මේ - බලවේගේ

බැංකු අපේ - බලවේගේ

එදත් අදත් - හෙට දවසෙත්

බැංකු රකින - බලවේගේ

මොකක්ද මේ - විරෝදේ

සේවක අපෙ - විරෝදේ

නායකයින් - හිරකලාට

බැංකු අපේ - විරෝදේ

පහන් ටැඹට - එලිය දුන්නු

නායකයින් - හිර නොකරනු !

දූෂණයට - විරුද්ධ උන

නායකයින් - හිර නොකරනු !

හොරකම් තොග - හෙලි කලාට

මුං මෙහෙමයි - පලිගන්නේ

නායකයින් - හිරකලාට

අපි පස්සට - නෑ යන්නේ

ජන අයිතිය - රැක ගන්නට

බැංකු පොකුර - ගෙන යන්නට

වෙර දිරි බල - දුන්නු අයට

අද දාලා - පොලිස් පොල්ල

තොපෙ සෙල්ලම - නවත්තපං

මර්දනයට - තිත තියපං

සංගමයේ - නායකයින්

මර්දනයට - තිත තියපං

හතර දෙසින් - වරෙල්ලා

රොද බැදගෙන - වරෙල්ලා

පහන් ටැඹේ - හොර දෙටුවා

පන්නන්නට - වරෙල්ලා

පුරසාරම් - නරි වාදම්

සභා හාමු - එපා අපට

අපෙ බැංකුව - වනසන්නට

ඉඩ දෙන්නෑ - සභාපතිට

සභාපතිගෙ - මහ වංචා

හෙලි කළ උන්   - මර්දනයට

සේවකයිනි - ඉඩ දෙනවද

යන්න තවත් - මේ ක්‍රමේට

මහ දවාලෙ - පිල්ලි ගසති

කොල්ල කද්දි - කෝ නීතිය

හොර නඩයක් - බැංකුව කයි

රජ කරන්නෙ - අවනීතිය

මර්දනයේ - හදිසි නීති

අකුලා පං - මරිසි නීති

පල් හොරුන්ගේ - කැලෑ නීති

අකුල ගනිං - තගරි නීති

අත නොතබන් - අරගලයට

තිත  තබපං - මර්දනයට

රැකල දියව් - මහජනයට

පහන් ටැඹේ - අනාගතය

අපි ආවේ - මහ පාරට

ඊධක්‍ - රැක ගන්නට

ආර්තිකෙට - දුන්න සවිය

ඊධක්‍ - රැකගන්නට

හිරේ දාල - අපේ එවුන්

නවතනු බෑ - දැනගල්ලා

බැංකුව කෑ - උන් ඔක්කොම

බැහැල ගෙදර - පලයල්ලා

එතෙර මෙතෙර - හැම තැනින්ම

විරෝධයේ - රැල්ල එනවා

වැඩි දවසක් - නෑ චාමන්

උඹට ගෙදර - යන්න වෙනවා

මහ පාරත් - හිර ගෙදරත්

අපිට එකයි - අපි බය නෑ

සාමාජික - අපෙ බලයෙන්

යවල මිසක් - හැරෙන්නෙ නෑ

මොන බලයත් - ජන බලයට

යටයි ඒක - දැනගල්ලා

හොරු එලවන - බලය හමුවෙ

රෙදි නැතුවම - දුවපල්ලා

සාමාජික - විරු සොයුරනි

එක්ව නැගෙමු - එක්ව හැපෙමු

මහ හොරාව - පන්න දාමු

අපෙ බැංකුව - බේර ගනිමු !

ලංකා බැංකු සේවක සංගමය