කාගෙද මේ බලවේගේ - ගුරු විදුපති බලවේගේ

කාගෙද මේ බලවේගේ - ගුරු විදුපති බලවේගේ

ගුරු නායක ජෝසප් ස්ටාලින් මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කිරීමට එරෙහිව ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින්  2022.08.08 දින කොළඹ ලිප්ටන් වටරවුමේ පැවැති උද්ඝෝෂණයේ සටන් පාඨ

කාගෙද මේ - බලවේගේ

ගුරු-විදුපති - බලවේගේ

හිරේ දමපු - ගුරු සගයා

රැක ගන්නා - බලවේගෙ

බටලන්දේ - මරපු රනිල්

පිං ජනපති - ගහල රනිල්

මහ බැංකුවෙ - හොරා රනිල්

හිරේ දමව් - චෞර රනිල්

යුක්තියෙ හඬ - අරගලයේ

අපේ එවුං - අද ඇතුලේ

හොර හැත්තක් - මැති සබයේ

ගසති ගේම් - හතර අතේ

බැංකු හොරා - රජ වීලා

හිරේ දමපු - ජෝසප්ලව

කරව් කරව් - නිදහස් කරව්

වහ වහාම - නිදහස් කරව්

මර්දනයේ - හදිසි නීති

අකුලා පං - මරිසි නීති

බටලන්දෙගෙ - කැලෑ නීති

අකුල ගනිං - තොපේ නීති

මිලිටරියේ - යකඩ පොල්ල

බිම තබපං - යකඩ පොල්ල

ජනමතයට - වෙලා මෙල්ල

අකුලං පල - තොපේ මල්ල

කම්බ හොරෙක් - ගොස් රජගෙට

ගෙනෙයි නීති - මර්දනයට

අරගලයේ - ජන හදවත

බිය වෙන්නෑ - මර්දනයට

අරගලයේ - නායකයෝ

දඩයම් කර - සිර කෙරුවෝ

එකෙක් මලත් - තව දාහක්

සටන් බිමට - පණ පෙව්වෝ

අත නොතබන් - අරගලයට

තිත තබපං - මර්දනයට

සහන දියව් - මහජනයට

හිස නවපං - ජනමතයට

හිර කෙරුවොත් - අපේ එකෙක්

පෙරට එනව - තව දහසක්

ජන මතයේ - සුනාමියක්

හකුලනවා - හොරු රෑනක්

කඳුළු ගෑස් - තව ගහපං

බැටන්, බුලට් - තව එවපං

අරගලයේ - නායකයින්

බය නැති බව - හිතට ගනිං

තෙල් පෝලිං - තිබෙන තුරා

හොරු රජකං - කරන තුරා

ජනමතයෙන් - නොයන තුරා

වදිමු සටන් - මියෙන තුරා

ජෝසප් ස්ටාලින් ඇතුළු අත්අඩංගුවේ සිටින අරගලකරුවන් වහා නිදහස් කරනු !