මෙවර මැයි දිනයේ CMU කම්කරු ගීතය හා සටන් පාඨ

මෙවර මැයි දිනයේ CMU කම්කරු ගීතය හා සටන් පාඨ

කම්කරු ගීතය

නැගී සිටිව් - යුක්තියේ නමින්

බිඳිව් - වහල් බවේ යදම්

නිදිලොවෙන් සමුඅරන් අවදිවව් අවදිවව්

සකලලෝකේ සොයුරු සොයුරනේ

 

එකට එක්වී සැමා දැන් ගයව් හඬ නගා

ප‍්‍රාණ ගීතයයි මේක යුක්තියේ

අපව පාගා පෙලා මුග්ධබාවේ හෙලු ̈

දුෂ්ඨ ධනපතින් හෙලා දකිව්

 

පන්න පන්නා දමා ගයමු කාහල නදින්

වීර ගීතයයි මේක සත්‍යයේ

බලය වේ අපගෙ මේ සමගියේ ශක්තියේ

පෙරටඑව් සියලු ̈ නිර්ධනයිනේ

 

බිය නොවී පෙරටඑව් අරගලේ පනපොවව්

යුතුකමයි අයිතියයි අද දිනේ

ශ‍්‍රමය සූරා කකා දාසබාවෙ හෙලා

සිය ̈ සම්පත් බුදියි උන් අපේ

 

කම්හලේ වැඩපලේ කුඹුරෙ හේනේ පැලේ

මංපෙතේ පාර සාදන තැනේ

අපව සුරා කකා නටපු නාටකේ නිමයි

හෙට අලුත් ලෝකේ-- අප සතුයි

 

ගොවියනේ ගෙවිළියේ කම්කරු සොයුරනේ

සිය ̈ නිර්ධන පංති සගයිනේ

ජාති භේදේ එපා පංති භේදේ එපා

එකතුවව් සමගිවව් සමගිවව්

 

එකට එක්වීසැමා දැන් ගයව් හක්‍ෂනගා

ප‍්‍රාණ ගීතයයි මේක යුක්තියේ

බලය වේ අපගෙ මේ සමගියේ ශක්තියේ

පෙරටඑව් සියලු නිර්ධනයිනේ

̈

ජාති භේදේ එපා පංති භේදේ එපා

එකතුවව් සමගිවව් සමගිවව්

එකට එක්වීසැමා දැන් ගයව් හක්‍ෂනගා

හෙට අලුත් ලෝකේ-- අප සතුයි

 

2015 මැයි දින තේමා පාඨ 2015

1. ජීවත්වීමට සරිලන වැටුපක් ලබා දෙනු!

2. කම්කරු ප‍්‍රඥප්තිය නීතිගත කරනු!

3. මෑන් පවර් ප්‍රෝඩාව අහෝසි කරනු!

4. ජීවන අංකය නීති ගත කරනු!

5. අවම වැටුප රු. 15000/- කරනු!

6. නිදහස් අධ්‍යපනය සුරක්‍ෂිත කරනුු!

7. ස්තී‍්‍රන්ගේ අයිතීන්වලට ගරු කරනු!

 

ENGLISH SLOGANS

1.         GRANT A LIVING WAGE

2.        LEGALISE WORKERS’ CHARTER

3.        ABOLISH MAN POWER SYSTEM

4.        GAZZETTE THE  C.O.L  INDEX

5.        MAKE 15,000/- MINIMUM WAGES

6.        SECURE FREE EDUCATION

7.        RESPECT WOMENS RIGHTS

 

வாழ்வதற்குப் போதிய சம்பளத்தை வழங்கு !

2. தொழிலாளர் சாசனத்தை சட்டமாக்கு !

3. மேன்பவர் (MAN POWER) பித்தலாட்டத்தை நீக்கு !

4. வாழ்க்கைச் செலவூப் புள்ளியை சட்டமாக்கு !

5. ஆகக் குறைந்த சம்பளமாக 15,000 ரூபாவை வழங்கு!

6. இலவசக் கல்வியைப் பேணு !

7. பெண்களின் உரிமைகளுக்கு மதிப்பளி !

 

වැඩබිම