සම්මුතීන් සහ නිර්දේශයන් ක‍්‍රියාවේ යෙදවීම සම්බන්ධයෙන් සමුළු කමිටුව තුළ සිටින සේවායෝජක සහ සේවක සාමාජිකයන්ගේ කාර්ය භාරය

සම්මුතීන් සහ නිර්දේශයන් ක‍්‍රියාවේ යෙදවීම සම්බන්ධයෙන් සමුළු කමිටුව තුළ සිටින සේවායෝජක සහ සේවක සාමාජිකයන්ගේ කාර්ය භාරය

විශේෂඥ කමිටුවේ Committee of Experts වාර්තාව, සම්මුතීන් සහ නිර්දේශයන් ක‍්‍රියාවේ යෙදවීම විමර්ශනය කිරීම සඳහා ජගත් කම්කරු කමුළුව සෑම වසරක ම පත් කරන ත්‍රෛපාර්ශ්වීය කමිටුව තුළ සිදු වන සාකච්ඡාව සඳහා අවශ්‍ය මූලික තොරතුරු සම්පාදනය කරයි. එම නිසා, මෙම ලියවිල්ලේ අන්තර්ගතය අන් කිසිවෙකුටත් වඩා සේවා යෝජකයන්ගේ සහ සේවකයන්ගේ සංවිධානවලට අතිශය වැදගත් වේ. පවත්නා සීමිත කාලය උපරිම ලෙස භාවිතයට ගනු පිණිස, සම්මුති සහ නිර්දේශ ක‍්‍රියාවේ යෙදවීම පිළිබඳ සමුළු කමිටුව විශේෂඥ කමිටු වාර්තාවේ ඇතුළත් කරුණු අතරින් සිය විශේෂ අවධානය යොමු කළ යුතු කරුණු තේරීමක් කරයි.

මෙම කමිටුව තුළ සිටින සේවා යෝජක සහ සේවක සාමාජිකයන් ILO ප‍්‍රමිතීන් සම්බන්ධයෙන් ඒ ඒ සාමාජික රාජ්‍යයට පවත්නා ව්‍යවස්ථානුකූල බැඳීම් (වාර්තා සැපයීම, සැලකිරීම් යනාදිය) පිළිබඳව එම රාජ්‍යයන් කරන පිළිපැදීම් සම්බන්ධයෙන් ප‍්‍රශ්න මතු කළ හැකි ය. සේවා යෝජක සහ සේවක කණ්ඩායම්වල ස්ථාවරය බොහෝ විට සකස් වන්නේ කණ්ඩායම් රැස්වීම් අතරතුර දී වන අතර, අදාළ රජය සමග සිදු වන සංවාදය හා එහි ප‍්‍රතිඵලය සමුළුවේ සමස්ථ සැසිවාරයට ඉදිරිපත් කරනු පිණිස විශේෂඥ කමිටුව සකස් කරන වාර්තාවේ පුර්ණ ලෙස වාර්තාගත කෙරේ. මේලෙස සේවක සහ සේවා යෝජක සාමාජිකයන්ගේ සහභාගිත්වය හේතු කොට ගෙන, සාකච්ඡාවට ලක් වන ILO ප‍්‍රමිතීන් ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධ අනාගත ප‍්‍රගතිය සඳහා වන පදනම සම්පාදනය වේ. 

මූලාශ්‍රය: www.ilo.org