ප‍්‍රමිතින් ක‍්‍රියාවේ යෙදවීම පිළිබඳ සමුළු කමිටුව Conference Committee on the Application of Standards

ප‍්‍රමිතින් ක‍්‍රියාවේ යෙදවීම පිළිබඳ සමුළු කමිටුව Conference Committee on the Application of Standards

සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසයේ දී සම්මත කෙරෙන විශේෂඥ කමිටුවේ Committee of Experts වාර්ෂික වාර්තාව ඊළඟ ජූනි මාසයේ දී ජගත් කම්කරු සමුළුව වෙත ඉදිරිපත් කරනු ලැබේ. ප‍්‍රමිති ක‍්‍රියාවේ යෙදවීම පිළිබඳ සමුළු කමිටුව එම වාර්තාව විමසුමට ලක් කරන්නේ එහි දී ය. සමුළුවේ ස්ථාවර කමිටුවක් වන සමුළු කමිටුව සමන්විත වන්නේ රජයේ, සේවා යෝජකයන්ගේ සහ සේවකයන්ගේ නියෝජිතයන්ගෙනි. ත්‍රෛපාර්ශ්වීය වාතාවරණයක් තුළ වාර්තාව විමර්ශනය කරන එම කමිටුව, සාකච්ඡා කරනු පිණිස ඉන් නිරීක්ෂණ ගණනාවක් තෝරා ගනියි. සමුළු කමිටුව හමුවේ ප‍්‍රතිචාර දැක්වීමට සහ ප‍්‍රශ්නයට බඳුන්ව ඇති තත්ත්වය පිළිබඳව තොරතුරු සැපයීම කිරීමට එම අදහස් දැක්වීම්වල සඳහන් කර තිබෙන රජයන්ට ආරාධනා කරනු ලැබේ. බොහෝ අවස්ථාවල දී සමුළු කමිටුව නිගමනවලට එළඹෙන්නේ, කිසි යම් ගැටලූවකට පිළියම් යෙදීම සඳහා රජයන් යම් නිශ්චිත පියවරයන් ගත යුතු යැයි හෝ ILO දුත කණ්ඩායම් හෝ තාක්ෂණික සහාය එවන ලෙස ආරාධනා කළ යුතු යැයි නිර්දේශ කරමිනි. සමුළු කමිටුව විමසුමට ලක් කළ තත්ත්වයන් පිළිබඳව කෙරුණු සාකච්ඡා සහ එළඹුණු නිගමන සමුළු කමිටුවේ වාර්තාව තුළ ප‍්‍රකාශයට පත් කෙරේ. විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු තත්ත්වයන් එහි සමස්ත වාර්තාවේ General Report අදාළ ඡේදය තුළ දී ඉස්මතු කර දැක්වේ.

මූලාශ්‍රය: www.ilo.org