ජගත් කම්කරු ප‍්‍රමිතීන් යනු ජාත්‍යන්තර ප‍්‍රජාව සම්මත කළ විශ්වීය සම්මුතීන් වන අතර, ඒවායින් පිළිබිඹු වන්නේ සේවයට අදාළ කාරණා පිළිබඳ පොදු සාරධර්මයන් සහ මූලධර්මයන් ය. කිසි යම් සම්මුතියකට අත්සන් කළ යුතු ද නැද්ද යන්න තෝරා ගැනීමට සාමාජික රාජ්‍යයන්ට හැකියාව තිබෙන නමුත්, එම රටවල් ඒවාට අත්සන් කර ඇතත් නැතත්, සියලූ රටවල් තුළ සිදු වන වර්ධනයන් පිළිබඳව පූර්ණ ලෙස සෙවිල්ලෙන් සිටීම වැදගත් යැයි ILO සලකයි. ILO ව්‍යවස්ථාවේ 19 වන වගන්තිය අනුව, පාලක මණ්ඩලය ඉල්ලා සිටි විට, සම්මුති හා නිර්දේශ වල කවර හෝ විධිවිධානයක් ක‍්‍රියාවේ යෙදවීම සඳහා ගෙන ඇති පියවරයන් කවරේ දැයි සාමාජික රාජ්‍යයන් විසින් ඒකාකාර කාල ප‍්‍රාන්තරවල දී වාර්තා කළ යුතු ය. එමෙන් ම, කිසි යම් සම්මුතියකට අත්සන් කිරීම වළක්වා හෝ පමා කර ඇති කිසි යම් බාධාවන් වේ නම් ඒවා කවරේ දැයි පෙන්වා දිය යුතු ය.

19 වන වගන්තිය පදනම් කරගෙන විශේෂඥ කමිටුව විසින්, පාලක මණ්ඩලය තෝරා ගන්නා කිසි යම් විෂයකට අදාළව, සාමාජික රාජ්‍යයන්ගේ ජාතික නීතිය සහ භාවිතය පිළිබඳව වාර්ෂිකව පරිපූර්ණ පොදු අධ්‍යයනයක් General Survey ප‍්‍රකාශයට පත් කරයි. මෙම අධ්‍යයනයන් ප‍්‍රධාන වශයෙන් පදනම් වන්නේ සාමාජික රාජ්‍යයන් එවන වාර්තා මත සහ සේවා යෝජකයන්ගේ සහ සේවකයන්ගේ සංවිධාන එවන තොරතුරු මත ය. ඒවාට අදාළ සම්මුතීන්හි සහ නිර්දේශයන්හි බලපෑම විමර්ශනය කිරීමට, ඒවා ක‍්‍රියාවේ යෙදවීමට බාධා කරන්නේ යැයි රජයන් පෙන්වා දෙන දුෂ්කරතාවන් විශ්ලේෂණය කිරීමට සහ එම බාධාවන් ජය ගත හැකි ක‍්‍රම හඳුනා ගැනීමට විශේෂඥ කමිටුවට ඉඩ සලසා දෙයි.

මූලාශ්‍රය: www.ilo.org