වැඩ ලෝකය තුළ බහුතරයක් කාන්තාවන් ලිංගික හිංසනයට හා ප්‍රචන්ඩත්වයට ලක්වෙනවා

වැඩ ලෝකය තුළ බහුතරයක් කාන්තාවන් ලිංගික හිංසනයට හා ප්‍රචන්ඩත්වයට ලක්වෙනවා

 

අප මේ මොහොතේ ඉන්න කාල පරාසය තුළ කාන්තාවට එරෙහි හිංසනය හා ප්‍රචන්ඩත්වය දුරු කිරිම සඳහා වූ දින 16 වැඩසටහනේ තමයි ගතකරමින් ඉන්නේ. මේ මොහොතේ අපට වැදගත් සම්මුතියක් තිබෙනවා. ඒ තමයි සි 190 සම්මුතිය. එය ජාත්‍යන්තර කම්කරු සංවිධානය 108 වන සැසියේදී “වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය“ මුලිනුපුටා දැමීම හා සම්බන්ධ සම්මුතිය අපරානුමත කරගනු ලැබුවේ.

මේ මොහොතේ ශ්‍රී ලාංකිකයේ හැටියට අප දන්නවා වැඩ ලෝකය තුළ කාන්තාවන්ට එරෙහි ලිංගික හිංසනයන් හා ප්‍රචන්ඩත්වය නිසා බහුතරයක් කාන්තාවෝ පීඩාවට පත්වෙලා තිබෙනවා. මානසිකව, ශාරීරිකව, සාමාජීව, පවුල් පසුබිම තුළ හා සමාජගත කිරිම් වලදි ඇය හිංසාවට පීඩාවට ලක්වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ආයතන තුළ සිදුවන ලිංගික අතවර නිසා අප දන්නවා. අපේ රටේ මෙය කරුණක් හැටියට ගත්තොත් මානව හිමිකම් උල්ලංඝණය කිරීමක්. ඒ තුළම විඳ දරාගැනීම වැනි කාරණා වලට ලක්වෙලා තිබෙනවා. මෙය ඉතා බරපතල කාරණාවක්. මේ පිලිබඳ විශේෂ අවධානයට ලක් කළ යුතුයි.

මේ පිළිබඳව දණ්ඩ නීති සංග්‍රහය යටතේ තිබෙන පැමිණිලි ඉතාමත් අඩුයි. කම්කරුවන්ට මෙය සාමාන්‍යකරණයට ලක්වෙලා තිබෙනවා. එක පැත්තකින් අපට එය අවාසි සහගත තත්ත්වයක් බවට පත්වෙලා තිබෙනවා. ඒ වගේම අප දන්නවා කර්මාන්තයක් තුළ මෙවැනි තත්ත්වයක් තවදුරටත් වර්ධනය වීම නිසා කම්කරු කාන්තාවන් රැකියාවන් තුළ රැඳිම තුළ ඉන්න බාධාවක් වෙලා තිබෙනවා. ඒ බාධා වීම තුළම රැකියාව තුළ රැඳී සිටීම, රැකියාව සමග ඉදිරියට යාම, රැකියාවෙන් බැහැර වීම වැනි කාරණාවන් නිසා රැකියාව සම්බන්ධයෙන් ගුණාත්මකභාවය අහෝසිවෙලා තිබෙනවා.

අපේ රටේ ශ්‍රම බලකායෙන් 35% කාන්තාවන් සිටින්නේ. කාන්තාවන්ට සුදුසු රැකියාව සඳහා සුදුසු රැකියා පරිසරයක් නොමැති කම මෙම තත්ත්වයට බලපාල තිබෙනවා. මේ තත්ත්වය තුළ 190 සම්මුතිය අපරානුමත කළහොත් අපට 35% කියන ශ්‍රම බලකායෙන් ඉදිරියට යන්න පුළුවන් වෙනවා. රට තුළ සංවර්ධනය වැඩි වෙනවා. කාන්තාවන් තුළ රැකියාව පිළිබඳ තෘප්තිමත්භාවයක් ඇති වෙනවා.

ඒ නිසා අපට වැදගත් වෙනවා මෙම සම්මුතිය අපරානුමත කර ගැනීම.

චමීලා තුෂාරි, වැඩසටහන් සම්බන්ධීකාරිණී, ඩාබිඳු සාමූහිකය