මෙම සම්මුතිය ලියවිල්ලකට සීමා වන්නට ඉඩ නොදී එය කි‍්‍රයාවට නගා ගැනීමට මැදිහත්වීමේ වගකීමක් වෘත්තීය සමිති ලෙස අපට ඇත.
සාමාජික රටවල් මෙය පූර්ණ ලෙස පිළිගනිමින් එය රටේ නීති පද්ධතියට එකතු කෙරෙන සම්මුතියක් බවට පත් කරන්නට අප සැවොම එකමුතුව වැඩ කළ යුතු වෙමු.
වෘත්තීය සමිති වලට කළ හැක්කේ කුමක්ද?
වැඩකරන ලෝකයේ හිංසනය හා ප‍්‍රචණ්ඩත්වය - වැඩපළෙහි, සේවක විවේකාගාරයේ, ආහාර ගන්නා පොදු ස්ථානයේ, සනීපාරක්ෂණ හා සෞඛ්‍ය කටයුතු කෙරෙන ස්ථානයේ, පොදු වැසිකිළියේ සහ මගී ප‍්‍රවාහනයේ දී වැනි ඕනෑම තැනක සිදුවිය හැකිය.
එය අපට නතර කළ හැක
හිංසනය හා ප‍්‍රචණ්ඩත්වය නතර කරනු යැයි කීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානය 2019 ජූනි මාසයේ ෂඛධ සම්මුතිය 190 (C190) සහ නිර්දේශ අංක 206 (R206) සම්මත කිරීමෙන් අතිශය වැදගත් ජාත්‍යන්තර මෙවලක් සකසා ඇත.
මේ අලූත් සම්මුතිය විසින් රැකියාවේ තත්ත්වය නොතකා වැටුප් ලබන, නොලබන සියල්ලන් ආරක්ෂා කරනු ලැබේ. තාවකාලිකව පුහුණු වෙන්නන්, ආධුනිකයින්, දෛනික කුලී සේවකයින්, කොන්ත‍්‍රාත් සේවකයින්, සේවයෙන් ඉවත් කළ වුන් පමණක් නොව, රැකියා සොයා පැමිණෙන්නන්ද ඉන් ආවරණය කෙරේ.
ILO සම්මුතිය 190 (C190) වැදගත් වන්නේ ඇයි?
හිංසනය හා ප‍්‍රචණ්ඩත්වය කිසිදු සේවා ක්ෂේත‍්‍රයක ඉවසා නොසිටිය යුතු හෙයිනි.
ලොව පුරා සියලූ සේවා ක්ෂේත‍්‍රයන්හි හිංසනය හා ප‍්‍රචණ්ඩත්වය තුරන් කිරීම වෙනුවෙන් නිර්ණායක හා නීතිමය අවකාශ සපයන පළමු මෙවලම මෙය වන හෙයිනි.
ලොව සියල්ලන්ට හිංසනයෙන් හා ප‍්‍රචණ්ඩත්වයෙන් තොර සේවා පරිසරයක් සඳහා අයිතියක් ඇතැයි එය පිළිගන්නා හෙයිනි.
ජාතික නීති පද්ධතියෙහි ඇති අඩු පාඩු හිස් තැන් සියල්ල ඉන් සම්පූර්ණ කරන හෙයිනි.
එයට ජීවිත දියුණු කළ හැක.
නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය
