මානවයාගේ නිදහස් සංක්‍රමණතාවයන් යළි සැකසීම තේමාවෙන් ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සැමරේ

මානවයාගේ නිදහස් සංක්‍රමණතාවයන් යළි සැකසීම තේමාවෙන් ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සැමරේ

ජත්‍යන්තර සංක්‍රමණිකයන්ගේ දිනය දෙසැම්බර් 18 දිනට යෙදී තිබෙන අතර මෙවර එහි තේමාව වූයේ මානවයාගේ නිදහස් සංක්‍රමණතාවයන් යළි සැකසීම වේ.

පවතින කොරෝනා වසංගතය හමුවේ මේ වන විට ගෝලීය වශයෙන් මෙම සංක්‍රමණියකයන්ගේ අර්බුද හා අපරාධයන්ගේ ඓක්‍ය  විශාල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්නුම් කරනවා.

සියලු සංක්‍රමණිකයින්ගේ සහ ඔවුන්ගේ පවුලේ උදවියගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් 1990 දී දෙසැම්බර් මාසයේ  18 දින ජාත්‍යන්තර යෝජනාවක් සම්මත වීමත් සමඟ 2000 වසරේදි එම දිනයේ දීම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් සම්මත වුණා මෙම දිනය සැමරීමේ දිනයක්ව වශයෙන් සම්මත වුණි.

සංක්‍රමණික අර්බුදයන්හි නිදසුනක් ලෙස ඉන්දියාවේ පළමු රට වැසිමේ දී මාර්තු අගදී මිලියන සංඛ්‍යාත ඉන්දියානු සංක්‍රමණික සේවකයින් පාරට ඇද දැමූ තත්වයක් වාර්තා වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුර වාර්තා කර සිටියේ.

මේ අතර මෙවසර ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සැමරීම සඳහා ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය (IOM) ලෝක ප්‍රජාව එකට එක්වී “ජීවිත අහිමි වූ සරණාගතයින් සහ සංක්‍රමණිකයන් සිහිපත් කරන ලෙස” ඉල්ලීමක් සිදු කර තිබෙනවා.  සංක්‍රමණික අර්බුදයන් හා අපරාධයන් මතකයට නැගිමට නොයෙකුත් මතක තිබුණද අප කාගේත් මතකයට ක්ෂණීකයට නැගෙන අයුරින් නම් ග්‍රීසියට යෑමට උත්සාහ කරමින් බෝට්ටු ගමනේ දී ගිලී මියගොස් වැල්ලේ වැතිරී තිබූ  සිරියානු තුන් හැවිරිදි පිරිමි ළමයෙකු වන අයිලන් කුර්ඩිගේ ඡායාරූපය කාගේත් මතකයට එන්නෙ දෑස් කඳුලු පුරවාගෙනය.

IMO හි නිර්දේශයට අනුව සංක්‍රමණිකයා යනු නෛතික තත්ත්වය නොසලකා, සංක්‍රමණයේ ස්වෙච්ඡා හා ස්වේච්ඡා නොවන බව නොසලකා, හේතු සහ රැඳි සිටින කාලය නොතකා  ජාත්‍යන්තර දේශ සීමාවක් හරහා හෝ ඔහුගේ / ඇයගේ පුරුදු වාසස්ථානයෙන් ඉවත්ව යන්නා වේ.

ජාත්‍යන්තර සංක්‍රමණික දිනය නිමිත්තෙන් විදෙස් මාධ්‍යක සඳහන් කර තිබු තොරතුරු හා දත්ත කිහිපයක් පහත අයුරින් දැක්වීය හැකියි,

  • 2019 වන විට ගෝලීය වශයෙන් සිය උපන් රට හැර ගිය හෝ සංක්‍රමණය වීඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිිලියන 272කි
  • මුළු සංඛ්‍යාවෙන් කාන්තාවන් ගණන 48%කි
  • මේ අතර කුඩා ළමුන් මිලියන 38ක් පමණ ඇති බව වාර්තා වේ
  • මේ අතර අවු 20 හා 64, එනම් වැඩක් ඵලක් කර ගත හැකි සංඛ්‍යාව 3/4 සිටි
  • ගෝලීය වශයෙන් සංක්‍රමණිකයන් ආසියාවේ 31%ක්ද යුරෝපයේ 30%ක්ද ඇමරිකාවේ 26%ක් ද අප්‍රිකාවේ 10% ක්ද සිටින බවයි ගෝලීය සංක්‍රමණ දත්ත සටහන දක්වන්නේ.

මේ අතර දෙසැම්බර් මස 18 දිනට යෙදී තිබූ ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සැමරීම නිමිත්තෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සුරක්ෂිතව විදේශ රැකියාවකට යොමුවීම පිළිබදව මහජනතාව දැනුවත් කිරීම සදහා බත්තරමුල්ල, පැලවත්ත පාලම් තුන හන්දියේ සිට කාර්යාංශය දක්වා පා ගමනක් සංවිධානය කර තිබුණා.

(උපුටා ගැනීමකි)