දේශපාලන හා ආර්ථික ක්‍රියාවළිය තුළ කාන්තාව අවභාවිතා කිරීම සාමාන්‍ය තත්ත්වයක් වෙලා

දේශපාලන හා ආර්ථික ක්‍රියාවළිය තුළ කාන්තාව අවභාවිතා කිරීම සාමාන්‍ය තත්ත්වයක් වෙලා

සාමාන්‍යයෙන් කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට එරෙහිව සිදුකරන හිංසනයට, ප්‍රචන්ඩත්වයට එරෙහිව ගැහැණුන් හා පිරිමින් සිදුකරන ආරගලය ආරම්භ වුණේ අද ඊයෙක නොවේ. එම ආරම්භයට පිරිමින් විසින් ස්ත්‍රීන් මත බලය පැතිරවීමේ ආරම්භක ඉතිහාසයට සමපාත වෙනවා. විවිධ හැඩයන්ගෙන් හා මානයන්ගෙන් දිගහැරුණු ඒ විදියට දිගහැරුනු අරගලයන්ට අතර සෑම වසරකම නොවැම්බර් 25 වනදා සිට දෙසැම්බර් 10 දිනය වන මානව හිමිකම් දිනය දක්වා දිවෙන දින 16 වැඩසටහන ඉතාමත් සුවිශේෂි වෙනවා.

ලෝකයේ සෑම රටකම අයත් කාන්තාවන් හා ගැහැණු ළමයින් සමාන අයිතිවාසිකම් භුක්තිවිඳිය යුතු බවට  සියළු ගැහැණුන් හා පිරිමින් විසින් විවිධ ප්‍රමාණයන්ගෙන් යුතුව මෙම කාලපරාසය තුළ විවිධ වැඩසටහන සංවිධානය කරමින් සිටිනවා. ඒ ගැහැණුන්ට හා දරුවන්ට සිදුවන ලිංගිකත්ව මත පදනම්වූ හිංසනය නවතා දැමීම උදෙසා.

ලාංකීය සංදර්භය තුල මෙවර අප මෙම ක්‍රියාකාරිත්වයට හවුල් වන්නේ වඩාත් බරපතල හා සංකීර්ණ වූ කොංකිරිමක්, නොසලකා හැරීමක් කාන්තවන්ට මත වැටුණු අඳුරු වසරක් වූ වටපිටාවක් තුළයි. ලාංකීය ජනගහණයෙන් 53%කට ආසන්න ස්ත්‍රී ප්‍රජාවකුත් 21%කට ආසන්න ළමා පරපුරකුත් ඇතුළු කාන්තා හා ළමා ජනගහනය 74%ක් ඉක්මවූ මෙරට මේ වන විට කලින් මොවුන් වෙනුවෙන් තිබූ කළින් පැවැති අමාත්‍යංශ පවා ඉවත් කිරීම එයට ඇති හොඳම උදාහරණය ලෙස දැක්වීමට පුළුවන්.

දේශපාලන හා ආර්ථික ක්‍රියාවළිය තුළ කාන්තාවන් තුළ අමුඅමුවේ පාවිච්චි කිරීම අවභාවිතා කිරීම තව තවත් ත්‍රීව්ර වී තිබීම මේ සන්දර්භය තුළ සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වෙලා. බොහෝ ආසියානු රටවල් වල මෙම තත්ත්වය අඩුවැඩි වශයෙන් සමානයි. එමෙන්ම මේ වන විට කාන්තා අරගලය සංකීර්ණ හා අත්‍යාවශ්‍ය කාරණයක් බවට පත්වෙලා තිබෙන්නේ මෙවැනි පසුබිමක් තුළයි. ලෝකයේ බොහෝ රටවල් එක්ව එක් වසරක් සඳහා කාලෝචිත එක් කරුණක දැවෙන ප්‍රශ්න ඉලක්ක කරගෙන මේ තේමාවන් සඳහා තෝරාගන්නවා. ඒ අතර මෙවර ප්‍රධාන තේමාව වෙලා තිබෙන්නේ, “වැඩ ලෝකය තුළ ස්ත්‍රින්ට එරෙහි ප්‍රචාන්ඩත්වය තුරන් කිරීමට එක්ව නැගී සිටීම සඳහා ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ 108 වන සැසියේදී සම්මත කරගන්නා ලද, වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය මුලිනුපුටා දැමීම හා සම්බන්ධ සම්මුතිය C190 සම්ම්‍රතිය අපරානුමත කර නීති සම්පාදනය කිරීම යන්නයි.

අප දන්නවා වැඩ ලෝකය තුළ අප කාන්තාවන් කොතරම් හිංසනයන්ට පත්වනවද කියල. එය ඉහල පාලනාධිකාරියේ සිට පහලටත්, ඔවුන්ගේ රාජකාරි වේළාවන් තුළ හා ඉන් පිටතත් විවිධ ලෙස බලපෑම්වලට ලක්වෙමින් තිබෙනවා. එය එන්න එන්නම වැඩිවෙමින් තිබෙනවා.

වසර ගණනාවක් පුරා කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කිරිම හා ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාකාරි ගමනක යෙදුන standup movement ක්‍රියාකාරිත්වයේ සෑම වසරකම මෙම අරගලයට දායක වෙමින් සිටිනවා. මේ වසරෙත් මේ සඳහා අප වැඩපිළිවෙලක් සැළසුම් කර ක්‍රියාත්මක කරනවා.

නීති රාමුව තුළ කාන්තා හිංසනය අවම කර ගැනීමේ ප්‍රතිපත්ති වෙනුවෙන් සටන් කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වන නමුත් මෙවර අපගේ අරගලය මේ මානයෙන් ඔබ්බට ගෙන යාමට අප ක්‍රියා කළා. එහිදි සාමාන්‍ය සමාජය තුළ මැදිහත්කරුවන්ගේ අවශ්‍යතාවය හා එහි වැදගත්කම පිළිබඳ අදහසක් සමාජගත කිරීමට තමයි අප මෙවර උත්සහ කරමින් සිටින්නේ.

යම්කිසි හිංසාකාරි යමක් දුටු විට එම ස්ථානයේ සිටින පුද්ගලයකු ලෙස ඒ සඳහා සිදුකරන මැදහත් වීම එම මොහොතේ නීතිමය රැකවරණය අභිබවා යන ආරක්ෂාවක් වින්දිතියාට ගෙන හැකි බව අපට වැටහි යනවා. ඒ නිසාම අප මැදිහත්කරුවන් නිර්මාණය කිරීම තමයි අප උත්සහ කරමින් සිටින්නේ, අපගේ උද්ඝෝෂණය හරහා. ඒ අනුව රටේ මේ වන විට පවතින තත්ත්වය තුළ අප පුරුදු වෙලා සිටින පොදු අවකාශය තුළ තිබෙන අවස්ථාව නැති වී තිබෙනවා. ඒ නිසා අපගේ අරගලය සමාජ මාධ්‍ය හරහා ක්‍රියාමත්මක කරමින් සිටිනවා. ඒ අනුව අපගේ කම්කරුවන් දෛනිකව මුහුණදෙන හිංසනයන් පිළිපිඹු වන ආකාරයේ සිද්ධි ඇතුළත් පෝස්ටර්, මුහුණ පොත ඇතුළු සමාජ මාධ්‍ය හරහා නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 දක්වා සේවකයින්ගේ යම් යම් ගැටළු හා ඒවාට මැහත්වීමට ඇති හැකියාන් පිළිබඳ දැනුවත් කිරීමක් හා ප්‍රචාරය කිරිමක් ක්‍රියාත්මක කරනවා.

අශීලා දන්දෙනිය -Standup Movement Lanka