මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත: භාෂණයේ නිදහස නැතිවෙයි ද ?

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත: භාෂණයේ නිදහස නැතිවෙයි ද ?

මේ වන විට සමාජය තුළ විශාල විවාදයක් නිර්මාණය වී තිබෙන "මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ බොහෝ පාර්ශවයන් අදහස් දක්වා තිබුණේ එය පුද්ගලයන්ගේ භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතියට බාධා පමුණුවන පනතක් බවටය.

සැප්තැම්බර් 15 ගැසට් පත්‍රයේ පළ කර තිබු මෙම පනත් කෙටුම්පත ඔක්තෝබර් 3 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

සැප්තැම්බර් 15 ගැසට් පත්‍රයේ පළ කර තිබු මෙම පනත් කෙටුම්පත ඔක්තෝබර් 3 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

| සැප්තැම්බර් 15 ගැසට් පත්‍රයේ පළ කර තිබු මෙම පනත් කෙටුම්පත ඔක්තෝබර් 3 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

ආසියානු අන්තර්ජාල හවුලේ කණස්සල්ල

ආසියා ශාන්තිකර කලාපයේ සේවා සපයන අන්තර්ජාල සහ තාක්ෂණ සමාගම් එකතුවක් වන ආසියානු අන්තර්ජාල හවුල (Asia Internet Coalition); ඇපල්, ඇමසන්, ගූගල්, X, Meta, LinkedIn ඇතුළු ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල සේවා සපයන සමාගම්වල එකතුවකි. ඔවුන් විසින් ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඒමට යන මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඔවුන්ගේ කණස්සල්ල පළ කර 2023 සැප්තැම්බර් 28 වැනිදා නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම පනත කිසිඳු හවුල්කරුවෙකුගේ උපදේශනයකින් තොරව, විසම්මුතිය හා ශ්‍රී ලංකිකයන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යටපත් කරන කුරිරු ක්‍රමයකට මඟපාදන්නක් බව එහි සඳහන් ය. සිය සේවාවන් භාවිත කරන්නන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන් බැරෑරුම් ලෙස සැලකිලිමත්වන බවත්, නීති නිර්මාණය කිරීමේ දී කර්මාන්තයේ පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කරන ලෙසත් ඔවුන් රජයට යෝජනා කර තිබේ. එමෙන් ම මෙවැනි නීති මඟින් ශ්‍රී ලංකාවේ නව ඩිජිටල් ආර්ථිකයට බලපෑමක් ඇති නොකරන ලෙස ද ඔවුහු ඉල්ලා සිටිති.

ආසියා ශාන්තිකර කලාපයේ සේවා සපයන අන්තර්ජාල සහ තාක්ෂණ සමාගම් එකතුවක් වන ආසියානු අන්තර්ජාල හවුල| ආසියා ශාන්තිකර කලාපයේ සේවා සපයන අන්තර්ජාල සහ තාක්ෂණ සමාගම් එකතුවක් වන ආසියානු අන්තර්ජාල හවුල

"රජය වහාම පනත ඉල්ලා අස් කරගත යුතුයි"

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂනායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ, "මේක ආණ්ඩුව, රජය හා ජනාධිපතිවරයා ආරක්ෂා කරන්න ගෙන ආ පනතක්," බවයි. ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ එය, "ආඥාදායක හා ඒකාධිපති නීතියක් වන නිසා රජය වහාම පනත ඉල්ලා අස් කරගත යුතුයි," යනුවෙනි.

එහි දී මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙම පනත් කෙටුම්පතට අදාල මූලික ලියවිලි සියල්ල යහපාලන අණ්ඩුව සමයේ සකස් කළ ඒවා බවයි. "2016 දි සකස් කළ මුල් පනත් කෙටුම්පත සංශෝධන පොඩි ප්‍රමාණයක් කරලා තමයි මේ පනත් කෙටුම්පත ගෙනාවේ. මේක යහපාලන කාලයේ ගෙන එන්න ආ පනතක්."

මෙම පනතට එරෙහිව තමා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යන බවට මහාචාර්ය ජී. එල්. පීරිස් ප්‍රකාශ කළේ ය. "මේ පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුරවැසියන්ට අයිතියක් තියෙනවා. මමත් යනවා. ඒකට දීලා තියෙන්නෙ සතියක කාලයක්. ඒක අසාධාරණයි."

නමුත් නියෝජ්‍ය කතානායකවරයා ප්‍රකාශ කළේ ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව දින 14ක කාලයක් ලබා දී ඇති බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම පනත අවලංගු කරන ලෙස තීන්දුවක් ලබා දුනහොත් පනත ඉවත්කරගැනීමට වුවද බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ ය."ශ්‍රේෂ්ඨාධිකරණය තමයි අවසන් තීන්දුව දෙන්නෙ. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වොත් සියලුම වගන්ති ඉවත් කරන්න කියලා, අපි ඒවා ඉවත් කරනවා."

පනත් කෙටුම්පතට එරෙහි පළමු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට

පනත් කෙටුම්පතෙහි අන්තර්ගත ඇතැම් විධි විධාන හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිදුවන හෙයින්, එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී, ජනමත විචාරණයකින් ද සම්මත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ඔක්තෝබර් 3 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයාව නම් කර ඇත. මෙම පෙත්සම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුපතට එරෙහිව ගොනු කළ පළමු පෙත්සමයි.

ඊට අමතරව, පනත් කෙටුම්පතට එරෙහි ව ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත්, හිටපු සභාපති/කමිටු සාමාජික ලසන්ත රුහුණගේ හා භාණ්ඩාගාරික ටී. නඩරාසා විසින් ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරු ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයාය.

වෘත්තිය සමිති ව්‍යාපාරයත් විරෝධය ප්‍රකාශ කරයි

මෙම පනතට විරෝධය දක්වමින් වෘත්තිය සමිති හා මානව හිමිකම් සංවිධාන කිහිපයක් ඔක්තෝබර් 2 වැනිදා කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණි.

එහි දී අදහස් දැක් වූ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් ප්‍රකාශ කළේ ආණ්ඩුව වහාම මෙම පනත හකුලා ගත යුතු බවයි. "මේ පනත් ගෙනල්ලා භාෂණයේ ප්‍රකාශනයේ අයිතිය නැති කරන්න ආණ්ඩුව හිතනවා නම් ඒක හීනයක් විතරයි. වෘත්තිය සමිති විදිහට ජනතාව පෙළගස්වලා අපේ බලය ආණ්ඩුවට පෙන්වන්න අපි සූදානම්."

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩය ද මෙම පනත් කෙටුම්පතට සහ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට විරෝධය දක්වමින් ඔක්තෝබර් 2 වැනිදා කොළඹ දී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

මාධ්‍ය හමුවට එක් වු, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පැවසුවේ, "තොරතුරු සමඟ මිනිසා පරිණාමය වෙන යුගයක තොරතුරු වාරණය කරලා ගොඩ යන්න හදන එක මුග්ධ, නොදියුණු අදහසක්," බවයි. "සමාජ මාධ්‍ය පාලනය කරන්න හදන ජනාධිපතිතුමා හිතන් ඉන්නේ එතුමා කෘතිම බුද්ධියටත් වඩා බුද්ධිමත් කියලා."

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් ප්‍රකාශ කළේ ආණ්ඩුව වහාම මෙම පනත හකුලා ගත යුතු බවයි.

| ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් ප්‍රකාශ කළේ ආණ්ඩුව වහාම මෙම පනත හකුලා ගත යුතු බවයි.

ත්‍රස්ත්‍ර විරෝධී පනත් කෙටුම්පතට හා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට විරෝධය දක්වමින් සිවිල් සංවිධානවල ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ඔක්තෝබර් 04 දින කොළඹ දී කැඳවා තිබුණු අතර, එහි දී අදහස් දැක් වූ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්මත වුවහොත් පාලකයන් විවේචනය කිරීමේ අයිතිය ජනතාවට අහිමි වන බවයි.

"අපේ අත්දැකීමෙන් දන්නවා මේ ඔන්ලයින් පනතත්, ත්‍රස්තවිරෝධී පනතත් ගේන්න හදන්නෙ පාලකයන්ගේ ආරක්ෂාවට කියලා. දැන් ත්‍රස්ත පනත දෙවැනි වතාවටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන එක නැවතිලා තියෙන්නේ ගොඩනැගිලා තිබෙන විරෝධය නිසා. ඒ පනත ආණ්ඩුව හකුලා ගෙන මේ පනත විතරක් සම්මත කළත් අපේ භාෂණයේ නිදහස අහිමි වෙනවා. ඒ නිසා මේ පනත් දෙකම හකුලා ගත යුතුයි."

(bbc/Sinhala)