හෙළිදරව්ව: සුපිරි ධනපතීන්ගේ දැවැන්ත දේශගුණික බලපෑම

හෙළිදරව්ව: සුපිරි ධනපතීන්ගේ දැවැන්ත දේශගුණික බලපෑම
  • ධනවත්ම 10%කගේ කාබන් විමෝචනය දුප්පතුන්ට වඩා 40 ගුණයක් දක්වා විශාල වන අතර බෙදීම් නොසලකා හැරීම දේශගුණික අර්බුදය අවසන් කිරීමට බරපතළ අභියෝගයක් බව විශේෂඥයෝ පවසති.

The Guardian විසින් ලබාගත් දත්ත වලට අනුව බොහෝ රටවල ධනවත්ම පුද්ගලයින්ගෙන් 10% පුරවැසියන්ගෙන් දුප්පත්ම 10%ට වඩා 40 ගුණයකින් වැඩි දේශගුණික තාපක කාබන් විමෝචනයක් (climate-heating carbon emissions) ඇති කරයි.

කාබන් විමෝචනය කපා හැරීමට ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී මෙම විශාල බෙදීම ගණනය කිරීමට අපොහොසත් වීම දේශගුණික ක්‍රියාකාරකම්වල දැරිය හැකි මිල පිළිබඳ පසුබෑමක් ඇති කළ හැකි බව විශේෂඥයෝ පවසති.

ලෝකයේ ධනවත්ම 10% සංවර්ධිත රටවල බොහෝ මධ්‍යම පන්තිකයින් ආවරණය කරයි. ඉතා පොහොසත්  1%  සුඛෝපභෝගී ජීවන රටාවන් අනුගමනය කරයි. නමුත් ලොම ධනවත්ම 10% ගෝලීය විමෝචනයෙන් 50%කට වගකිව යුතු අතර, එය අවම කිරීම දේශගුණික අර්බුදය අවසන් කිරීමට ප්‍රධාන සාධකයක් වේ.

1990 ගණන්වල දේශගුණික සාකච්ඡා ආරම්භ වූ විට, ගෝලීය කාබන් විමෝචනයේ අසමානතාවයෙන් වැඩි ප්‍රමාණයක් ධනවත් සහ දුප්පත් ජාතීන් අතර විය. නමුත් දශක තුනකට පසු තත්ත්වය ආපසු හැරී ඇත. දැන් ධනවතුන් සහ දුප්පතුන් අතර විමෝචනයේ අසමානතාවයෙන් වැඩි ප්‍රමාණයක් තනි තනි රටවල් තුළම පවතී.

මෙම මාරුව දේශගුණික අර්බුදය අවසන් කළ හැකි ආකාරය සඳහා දැවැන්ත අභියෝගයක් වී ඇත. පර්යේෂකයන් පවසන පරිදි, දුප්පත්ම හා අවම වශයෙන් දූෂණය කරන ජාතීන් සඳහා ජාත්‍යන්තර සහයෝගය ඉතා වැදගත් වේ.

ජාත්‍යන්තර බලශක්ති නියෝජිතායතනයේ (International Energy Agency – IEA) දත්ත 2021 දී ප්‍රධාන රටවල් 12ක සහ යුරෝපා සංගමයේ එක් පුද්ගලයෙකුට බලශක්ති සම්බන්ධ CO2 විමෝචනය විස්තර කරයි. එක්සත් ජනපදයේ, එක්සත් රාජධානියේ, යුරෝපා සංගමයේ සහ ජපානයේ ධනවත්ම 10%ට කාබන් පියසටහන් දුප්පත්ම 10%ට වඩා 15 ගුණයකින් පමණ වැඩිය. චීනය, දකුණු අප්‍රිකාව, බ්‍රසීලය සහ ඉන්දියාවේ ධනවත්ම 10% විමෝචනය දුප්පත්ම 10%ට වඩා 30-40 ගුණයකින් වැඩිය.

මේ සෑම අවස්ථාවකදීම, ඉහළම 10% විමෝචනය අවම වශයෙන් දුප්පත්ම 10% විමෝචනය මෙන් 50 ගුණයකින් ඉහළ අගයක් ගනී. එක්සත් ජනපදයේ සහ චීනයේ තත්වය ඊටත් වඩා අසමානය. එම රටවල ඉහළම 10% ගේ විමෝචනය පහළ 10ට වඩා 70කටත් වඩා වැඩි ය. දකුණු අප්‍රිකාව වඩාත්ම ආන්තික නිදසුනයි. එහි ඉහළම 10%ක පිරිසේ කාබන් පියසටහන දුප්පත්ම 10%ට වඩා 90 ගුණයක් විශාලය.

ප්‍රවාහනය (විශේෂයෙන් මෝටර් රථ භාවිතය) ධනවත්ම 10%කගේ අහස උසට විමෝචනය කිරීමේ ප්‍රධාන සාධකයක් වන අතර, මෙම විමෝචනය විශ්ලේෂණය කරන ලද රටවල දුප්පත්ම 10% කගේ ප්‍රවාහන විමෝචනයට වඩා එය 20-40 ගුණයකින් වැඩි ය.

එක්සත් ජනපදයේ සහ කැනඩාවේ, මාර්ග ප්‍රවාහන විමෝචනය ඉහළම 10% හි අඩිපාරෙන් තුනෙන් එකක් පමණ වේ. ධනවත්ම 10% හි ප්‍රවාහන විමෝචනය එම රටවල ජනගහනයෙන් පහළම 70%කගේ ප්‍රවාහන පියසටහනට සමාන වේ.

ප්‍රවාහනයේ කාබන් විමෝචනය

තවත් ප්‍රධාන සාධකයක් වන්නේ මිනිසුන් මිලදී ගන්නා ගෘහ භාණ්ඩ සහ ඉලෙක්ට්‍රොනික උපකරණ වැනි භාණ්ඩවල අන්තර්ගත කාබන් විමෝචනයයි. ධනවත්ම 10% සඳහා මේවා 20-50 ගුණයකින් වැඩි වන අතර බොහෝ රටවල විමෝචනයෙන් තුනෙන් එකක් පමණ වේ.

දකුණු කොරියාවේ ධනවත්ම 10% විසින් භාණ්ඩ මිලදී ගැනීමෙන් වාර්ෂිකව පුද්ගලයෙකුට CO2 ටොන් 14ක් ජනනය කරයි. ඉන්දියාව සහ ඉන්දුනීසියාව ඇතුළු දුප්පත් රටවල දුප්පත්ම 10% දෙනාට මාර්ග ගමන් සහ නිෂ්පාදන මිලදී ගැනීම් වලින් කිසිසේත්ම කාබන් විමෝචන පියසටහනක් නොමැති වීම ද විශේෂත්වයකි.

“ඔබ සාමාන්‍යය කෙරෙහි පමණක් අවධානය යොමු කරන්නේ නම්, ඔබට ගැටලුවේ විශාල කොටසක් මග හැරී ඇති අතර ඔබට නිවැරදි ප්‍රතිපත්තියද මග හැරෙනු ඇත” යනුවෙන් පැරිස් ආර්ථික විද්‍යා පාසලේ ලෝක අසමානතා විද්‍යාගාරයේ සම අධ්‍යක්ෂක ආචාර්ය ලූකස් චාන්සල් පැවසීය. ඔවුන්ගේ කණ්ඩායම රටවල් තුළ කාබන් අසමානතාවයේ වැඩිවීම නිරීක්ෂණය කර ඇත.

නිදසුනක් වශයෙන්, රජයක් ඉහළ විමෝචනය කරන ධනවතුන් කෙරෙහි අවධානය යොමු කිරීම වෙනුවට ජනගහනය පුරා විමෝචන බද්දක් අය කරන්නේ නම්, එය ලබා ගත හැකි විමෝචන අඩු කිරීම්වලින් විශාල කොටසක් මග හැරිය හැකි බව ඔහු පැවසීය.

“ගෝලීය උතුරේ (ඔබ විමෝචන අසමානතාවයට හේතු නොවන විට) ඔබට ‘කහ කබා’ විරෝධතා තත්වයන් සමඟ අවසන් විය හැකිය” 2018 දී ප්‍රංශයේ ඩීසල් මත බදු වැඩි කිරීම ගැන සඳහන් කරමින් චාන්සල් පැවසුවේය.

කැනඩාවේ කාබන් බද්දේ උදාහරණය ගෙනහැර දක්වමින් චාන්සල් පැවසුවේ, “ශුභාරංචිය නම් එවැනි අවහිරතා මඟහරවා ගැනීමට බොහෝ ක්‍රම තිබෙන බවයි.  පීඩාවට ලක්වූවන්ට වන්දි ගෙවීම සඳහා ඔවුන් ආදායමෙන් විශාල කොටසක් භාවිතා කරනවා”

| රටවල් අතර කාබන් අසමානතාවය 1990 දී සමස්ත කාබන් අසමානතාවයෙන් තුනෙන් දෙකක් සඳහා හේතු වූ නමුත් දැන් කාබන් අසමානතාවයෙන් තුනෙන් දෙකක් ජාතීන් තුළ සිදු වේ. මෙයට හේතුව චීනය වැනි ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල විමෝචනය මෑත දශක කිහිපය තුළ ධනවත් රටවල අය වෙත ළඟා වී ජාතීන් අතර වෙනස පටු කිරීමයි. අනෙක් ප්‍රධාන සාධකය, විශේෂයෙන්ම ගෝලීය දකුණේ ආදායම් අසමානතාවය ඉහළ යාම බව චාන්සල් පැවසීය.

“රටවල් අතර විශාල හිඩැස් තවමත් පවතින බව අවධාරණය කිරීම ඉතා වැදගත් වෙනවා. නමුත් මෙයට උඩින් ඔබට දැන් රට අභ්‍යන්තර අසමානතාවයන් විශාල ප්‍රමාණයක් දැකගත හැකියි ” ඔහු පැවසීය.

IEA දත්ත පෙන්නුම් කරන්නේ එක්සත් ජනපදයේ දුප්පත්ම 10% තවමත් ඉන්දියාවේ සිටින අයගෙන් 90% ට වඩා විශාල කාබන් අඩිපාරක් ඇති බවයි.

ස්ටොක්හෝම් පරිසර ආයතනයේ සහ ඔක්ස්ෆෑම් හි වාර්තාවකට අනුව ඉහළම ආදායම් ලබන 10% ගෝලීය ජනගහනයෙන් මිලියන 770ක් වන අතර ඔවුන්ගෙන් තුනෙන් දෙකක් පමණ ඉහළ ආදායම් ලබන රටවල ජීවත් වේ.

එක්සත් රාජධානියේ චැතම් හවුස් චින්තනාගාරයේ පර්යේෂකයෙකු වන රූත් ටවුන්න්ඩ් පැවසුවේ, ප්‍රතිපත්ති සම්පාදනයේ අසමානතාවය කෙරෙහි අවධානය යොමු නොකර, වඩාත් තිරසාර සමාජයකට සාධාරණ සංක්‍රමණයක් ඇති කර ගැනීමට නොහැකි වනු ඇති බවයි.

හරිත ජීවන රටාවකට මාරුවීම සඳහා රජයන් විසින් කරන ලද බ්ලැන්කට් ප්‍රවේශය (blanket approach) සමාජයේ දුප්පත්ම ජනතාවට අසාධාරණ ලෙස අවාසි සහගත වන අතර විශ්වාසය පළුදු කළ බව ඇය පැවසුවාය.

“බදු අය කිරීම වැනි ප්‍රතිපත්ති  භාවිතා කළ යුත්තේ කප්පාදු කිරීමේ හැකියාව ඇති අය, එනම් වඩා හොඳ අය ඉලක්ක කර ගැනීමට පමණක් වන අතර, අසාධාරණ ලෙස බර පැටවෙන අයට සහනාධාර සහ ජීවන රටා වෙනස් කිරීමට සහාය වැනි ප්‍රතිපත්ති අවශ්‍ය වෙනවා” රූත් ටවුන්න්ඩ් වැඩි දුරටත් පෙන්වා දුන්නාය.

(blanket approach / බ්ලැන්කට් ප්‍රවේශයක් යනු විශේෂිත ආයතන සඳහා සාමාන්‍ය නීති සෑදීමේ ක්‍රමවේදයයි. නිදසුනක් වශයෙන්, කොන්ග්‍රසයට සියලුම වෘත්තිකයන් සුදුසුකම් ලැබීමට වසර හතක තෘතීයික මට්ටමේ අධ්‍යාපනයක් ලබා ගත යුතු බවට නීතියක් සම්මත කළ හැකිය)

ඇය වැඩි දුරටත් පැවසුවේ ධනවතුන්ට ඔවුන්ගේ යහපැවැත්මට හානියක් නොවන පරිදි ඔවුන්ගේ ඉහළ කාබන් ජීවන රටාව වෙනස් කිරීමට සම්පත් ඇති බවත්, ධනවතුන් අතර එම මාරුවට සහාය වීම හරිත ජීවන රටාවන් වඩාත් අභිලාෂකාමී කිරීමට උපකාරී වන බවත්ය.

| අනාගතය දෙස බලන විට ධනවතුන්ගේ ඉහළ විමෝචනය සමඟ කටයුතු කිරීම වඩාත් වැදගත් වේ. මෑත අධ්‍යයනයකින් හෙළි වූයේ උද්ධමනය සැලකිල්ලට ගනිමින් ඩොලර් මිලියනයක ධනයක් ඇති පුද්ගලයින් සංඛ්‍යාව (බොහෝ දුරට ඔවුන්ගේ නිවාසවල වටිනාකම) 2020 දී මිලියන 52 සිට 2050 දී මිලියන 511 දක්වා ඉහළ යාමට ඉඩ ඇති බවයි.

කෝටිපතියන්ගේ වර්ධනය

අනාගතය දෙස බලන විට ධනවතුන්ගේ ඉහළ විමෝචනය සමඟ කටයුතු කිරීම වඩාත් වැදගත් වේ. මෑත අධ්‍යයනයකින් හෙළි වූයේ උද්ධමනය සැලකිල්ලට ගනිමින් ඩොලර් මිලියනයක ධනයක් ඇති පුද්ගලයින් සංඛ්‍යාව (බොහෝ දුරට ඔවුන්ගේ නිවාසවල වටිනාකම) 2020 දී මිලියන 52 සිට 2050 දී මිලියන 511 දක්වා ඉහළ යාමට ඉඩ ඇති බවයි.

පර්යේෂකයන් ඇස්තමේන්තු කළේ ගෝලීය ජනගහනයෙන් 0.7% සිට 3.3% දක්වා කෝටිපතියන්ගේ ප්‍රක්ෂේපිත වර්ධනය නිසා ගෝලීය උණුසුම පවත්වා ගැනීමට නම් 2021 දී ඉතිරිව ඇති විමෝචන අයවැයෙන් 70%ක් පමණ වන CO2 ටොන් බිලියන 286ක සමුච්චිත විමෝචනයක් සිදුවනු ඇති බවයි. කාබන් අයවැය පිළිබඳ වඩාත් මෑත ඇස්තමේන්තුවක් ටොන් බිලියන 250ක් වූ අතර, කෝටිපතියන්ගේ වර්ධනය පමණක් එය සම්පූර්ණයෙන්ම අතුගා දැමිය හැකි බව යෝජනා කරයි.

අධ්‍යයනයට නායකත්වය දුන් ස්වීඩනයේ ලිනේයස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටෙෆාන් ගෝස්ලින් පැවසුවේ “මනුෂ්‍ය වර්ගයාගේ මෙතරම් කුඩා කොටසක් ඉතිරි කාබන් අයවැයෙන් වැඩි ප්‍රමාණයක් පරිභෝජනය කිරීම වැදගත් යැයි මම සිතනවා. කාබන් මත බදු පැනවීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඊට හේතුව වන්නේ ධනවතුන්ට ඉතා පහසුවෙන් අමතර මුදල ගෙවීමට හැකි වුවත් මෙම අමතර මුදල ගෙවීමේදී දිළිඳු ජනතාවට වඩාත් පීඩාවට පත් වීමට සිදු වෙනවා”

මෑත වාර්තාවක් හෙළි කළේ ගෝලීය ජනගහනයෙන් 0.001%ක් වන සුපිරි ධනවතුන් මත (වත්කම්වලින් ඩොලර් මිලියන 100 ක් හෝ ඊට වැඩි පුද්ගලයින්) 1.5%ක “සාපේක්ෂ වශයෙන්” ප්‍රගතිශීලී ධන බද්දක් පැනවීම මගින් වසරකට ඩොලර් බිලියන 295ක් රැස් කර ගැනීමට හැකි වන බවයි. එය දේශගුණ අර්බුදයේ වැඩෙන බලපෑම්වලින් ලෝක ජනතාව ආරක්ෂා කිරීමට අවශ්‍ය මුදලට සමාන මුදලකි.

නව දේශගුණික අයකිරීම් වෙත තල්ලු කිරීම සඳහා ජාත්‍යන්තර බදුකරණ කාර්ය සාධක බලකායක් Cop28 හි දියත් කිරීමට නියමිත අතර ධනය, පොසිල ඉන්ධන, නැව්ගත කිරීම, ගුවන් සේවා සහ මූල්‍ය ගනුදෙනු සඳහා බදු සලකා බලනු ඇත.

මේ සම්බන්ධයෙන් ටවුන්එන්ඩ් මෙසේ පැවසුවේය “යහපැවැත්මට හානියක් නොවන පරිදි කාබන් විමෝචනය අඩු කිරීම සඳහා පොහොසත් ජීවන රටාවන් වෙනස් කළ හැකියි. මිනිසුන්ට වඩාත්ම වැදගත් වන්නේ අන් අය සමඟ අපගේ සබඳතා සහ සමාජීය වීමට ඇති හැකියාවයි, එම දේවල් භුක්ති විඳීමට හෝ නඩත්තු කිරීමට කාබන් තීව්‍ර ජීවන පැවත්මක් අවශ්‍ය වන්නේ නැහැ”

https://www.theguardian.com/environment/2023/nov/20/revealed-huge-climate-impact-of-the-middle-classes-carbon-divide

(climate alert)