ලිංගික හිංසනයේ ගෝලීය ව්‍යාප්තිය

ලිංගික හිංසනයේ ගෝලීය ව්‍යාප්තිය

කුමන හෝ කාන්තාවක්, කුමන රටකදී වේවා හිංසනයට හා ලිංගික අතවරයට ලක් වීම දෛනිකව සිදුවන්නකි. තරුණියක් හෝ කාන්තාවක් මාර්ගයේ යන විට එහි සිටින බොහෝ ගැටවරයන් 'hey beautiful' හෝ 'hey sexy' යන නම්වලින් සිනා මුසුව ආමන්ත්‍රණය කරනු ඔබ ඕනෑ තරම් දැක ඇත. මෙවැනි දේ මගින්  ආරම්භ වන කාන්තා හිංසනය දූෂණයකින් හෝ ශාරීරික වද දීමකින් බොහෝ අවස්ථාවල අවසන් වේ. ඔබ සැවොම දැනගත යුතු කාරණයක් වන්නේ, ලෝකයේ කාන්තාවන්ගෙන් 35%ක් ශාරීරික හෝ ලිංගික හිංසනයන්ට ලක්වන බවයි. 'UN WOMEN' මූලාශ්‍ර කර මේ සම්බන්ධ දත්ත සී. එන්. එන්. මාධ්‍ය ජාලය ඔස්සේ පසුගියදා නිකුත් කෙරිණි.

 ස්ත්‍රී දූෂණය යනු ලිංගික හිංසනයේ අවසාන ප්‍රතිඵලය ලෙස හඳුන්වාදෙන 'කාන්තා සහ ගැහැනු ළමයින් හා සම්බන්ධ ප්‍රචණ්ඩත්ව ක්‍රියාවලට එරෙහිව බිහි වුණ ගෝලීයකරණ වැඩසටහනේ' අධ්‍යක්ෂ රිචෙල් ජේකස් (Rachel Jewkes) ප්‍රකාශ කරනුයේ මෙයින් හැසිරීම් රැසක් නිරූපණය කරන බවයි.

සත්‍ය වශයෙන්ම ලිංගික හිරිහැර කිරීම යනු ව්‍යවහාරික ජීවිතයේ කොටසක් වන අතර, ඇය හඳුන්වාදෙන පරිදි එය විශේෂයෙන් පොදු ස්ථානවලදී  'ස්ත්‍රියගේ නිදහස කප්පාදු කිරීම' සඳහා යොදා ගන්නා ප්‍රධාන වාහකයකි.

ලෝකයේ ලිංගික හිංසනය සෑම රටකම, සෑම ස්ථානයකම පැතිර පවතින බව මෙම පර්යේෂණ වාර්තාව මගින් මැනවින් විශ්ලේෂණාත්මක දත්ත මගින් පැහැදිලි කර දේ. සමස්ත කාන්තා ජනගහනයෙන් මිලියන 750ක් තරුණියන් වයස අවුරුදු 18දී විවාහයට පත්වේ. එමෙන්ම තරුණියන්ගෙන් මිලියන 120ක් ලිංගික හිංසනය පිළිබඳ නීතිමය වශයෙන් පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

මෙහි ඇති ප්‍රධාන ගැටලුව නම් ගෝලීය මට්ටමින් ප්‍රමාණාත්මක නිර්ණය කිරීම්වලදී, අවම මට්ටමේ වාර්තා හා දත්තයන් මත පදනම් වීමයි. එම නිසා ඒ හා සම්බන්ධ පර්යේෂණ සිදු කිරීමේදී පර්යේෂකයන්ට ඔප්පු කිරීමට අවශ්‍ය දත්ත සීමා වීම නිසා ගැටලුකාරී අවස්ථා ඇතිවීම වැළැක්විය නොහැකිය. නමුත් ලබාගත හැකි දත්ත පදනමින්, ගෝලීය වශයෙන් එය විශ්ලේෂණය කළ හැකිය. ඒ අනුව එක් එක් කලාපීය වශයෙන් කාන්තා හිංසනය සිදුවන ආකාරය විශ්ලේෂණය කළ හැකිය.

ආසියාව

  • ආසියාවේ කාන්තා හිංසනය වැඩියෙන්ම සිදුවන්නේ වියට්නාමයේ

විශේෂයෙන්ම ආසියාව පිළිබඳ හඳුනාගැනීමේදී ආසියාවේ පිරිමින්ට ලිංගික අයිතිවාසිකම් රැසක් පැවතීම දැකිය හැකි බව ඔවුහු වාර්තා කරති. බොහෝ අය දකුණු අප්‍රිකාවේ ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ නිගමන ඉදිරිපත් කළත්, ආසියානු පැසිපික් කලාපය තුළ පිරිමින් විසින් සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි බව මෙමගින් සනාථ කර තිබේ.

සියලුම ප්‍රසිද්ධ ස්ථානයන්ගේ පාලනය, වෙන කිසිවෙකුත් නොව පිරිමින් විසින් දරනු ලබන බව පර්යේෂකයෝ පෙන්වා දෙති. සමාජ සම්මතයක් වශයෙන් මිනිසුන්ට මේ ආකාරයෙන් සිටීමට ඉඩහැරීම මගින් කාන්තාවන්ට හිරිහැර කිරීමට ඉඩ සැලසෙන බව මෙයින් අනාවරණය විය.

වීදිවල පවතින අනාරක්ෂිත තත්ත්වයන් හේතුවෙන් ගැහැනුන් හා තරුණියන් නිවසේ තබා හෝ ඔවුන් පාසලෙන් පිටතට තබා ගැනීම පවා අනාරක්ෂිත වී තිබේ.

 ඒ අනුව කාන්තාවන් හෝ තරුණියන් ආසියාව තුළ කුමන අයුරින් හෝ ලිංගික පීඩාවකට,  ශාරීරික පීඩාවකට ලක් වී ඇති ප්‍රමාණය  ප්‍රතිශතයක් වශයෙන් ගණනය කිරීමේදී, බංග්ලාදේශය තුළ 57%ක්, කාම්බෝජය 77%ක්, ඉන්දියාව 79%ක් සහ වියට්නාමය තුළ 87%zssක අගයක් ගැනීම දැකිය හැකිය. ඒ අනුව ඉන්දියාව සහ වියට්නාමය තුළ මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවල වර්ධනයක් අනෙක් රටවලට සාපේක්ෂව දැකිය හැකිය.

2012 දී ඉන්දියාවේ නව දිල්ලිහිදී බස් රථයක තරුණ වෛද්‍ය ශිෂ්‍යාවක දූෂණය කිරීමේ සිද්ධිය මුළු ලෝකය  පුරාම ව්‍යාප්ත විය. මේ පිළිබඳ 'ActionAid' නම් අන්තර්ජාතික පර්යේෂණ ආයතනය මගින් සිදු කරන ලද පර්යේෂණයේදී වාර්තා වූයේ 2016 වර්ෂයේදී  මෙවන් ප්‍රචණ්ඩත්වයට ලක්වන කාන්තාවන්ගෙන් 44%ක් ප්‍රසිද්ධ සාකච්ඡාවට නිරාවරණය වී තිබෙන බවයි.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, කාන්තා සංවිධාන සවිබල ගැන්වීම පිළිබඳ දත්ත මගින් සහ අනාවරණය කර ඇති පරිදි, කාන්තාවන් 10 දෙනෙකුගෙන් ආසන්න වශයෙන් කාන්තාවන් 04දෙනෙකු සිය ජීවිත කාලය තුළදී කුමන හෝ අවස්ථාවකදී ලිංගික හෝ කායික හිංසනය අත්විඳ ඇති බවට තහවුරු වේ.

ආසියානු රටක් වන බංග්ලාදේශය තුළද එවන් පසුබිමක් දැකිය හැකිය. එම රට පිළිබඳ සිදුකළ සමීක්ෂණය තුළින් කාන්තාවන්ගෙන් 84%ක්ම ප්‍රචණ්ඩකාරී හෝ ලිංගික අතවරයන් අත්විඳින බව වාර්තා වේ. විශේෂයෙන් පොදු ප්‍රවාහනය තුළද මෙවැනි කාන්තා හිංසනික ක්‍රියා බොහෝ විට වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවන්ට අනුව, කාන්තාවන්ගෙන් අඩකටත් වඩා වැඩි පිරිසක් ශාරීරික හෝ ලිංගික අපයෝජනය අත්දැක හෝ අත්විඳ ඇති බව ඇස්තමේන්තු කර තිබේ.

ඉන්දියාව, පකිස්තානය හා බංග්ලාදේශය තුළ ස්ත්‍රී පුරුෂ අසමානතාව කැපීපෙනෙන දෙයක් බව මෙහි නිගමනය විය. හිමිකම් පිළිබඳ ගැටලුව සමාජය විසින් ස්ථිර ලෙස ප්‍රකාශයට පත් කරන බව එම වාර්තාව මගින් තරයේ ප්‍රකාශ කරයි.

බංග්ලාදේශය ආදී රටවල කාන්තාවන් ස්වකීය රැකියාව සිදුකරනවාද නැද්ද යන්න තීරණය කරනුයේ තම ස්වාමිපුරුෂයාගේ කැමැත්ත අකමැත්ත මතයි. බංග්ලාදේශයේ කාන්තාවන් බහුතරයක් ඇඟලුම් කම්හල්වල වැඩ කරයි. කළමනාකරුවන් හා ව්‍යාපාරික හවුල්කරුවන් ආදී ක්ෂේත්‍රයන්හි රැකියාවන් පවා එම රටේ කාන්තාවන්ට සිදුකිරීමේ සුදුසුකම් පවතින නමුත්, විවාහයෙන් පසුව කාන්තාවන් එවැනි දේ සඳහා යොමු වීමේ එතරම් වර්ධනයක් පෙන්නුම් නොකරයි. මෙම ගැටලුව කාම්බෝජයේ හා වියට්නාමයේ ප්‍රබලව දැකිය හැකිය.

එම රටවල කාන්තාවන් සිවුදෙනෙකුගෙන් තිදෙනෙක් මෙලෙස හිරිහැර කිරීම් හා ලිංගික ප්‍රචණ්ඩත්වය අත්විඳිමින් ජීවත් වේ. තරුණයන් සිටින පොදු ස්ථානවල තරුණියන් හිංසනයට ලක්වන ප්‍රතිශතය 40%ක් බව මෙහි වාර්තා වේ.

  • කාන්තාවන් 37%ක් කුමන හෝ ප්‍රචණ්ඩකාරී අත්දැකීමකට සිය ජීවිත කාලය තුළ  මුහුණ දෙයි

මැද පෙරදිග හා උතුරු අප්‍රිකාව

අරාබි ලෝකය තුළ මෙවැනි හිංසාකාරී හා ප්‍රචණ්ඩකාරී ක්‍රියා අනෙක් රටවලට සාපේකෂ්ව සිදු වූවත් ඒවා වාර්තා වන්නේ ඉතා සුළු වශයෙන් බව මෙහි සටහන් වේ. නිශ්ශබ්දය පිටුපස බොහෝ හේතූන් සැඟවී ඇති බව ලෙබනනයේ පිහිටි අරාබි ලෝක කාන්තා අධ්‍යයන පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂිකා ලීනා ඇබිරාෆ් (Lina Abirafeh) ප්‍රකාශ කරයි.

ඇය මේ සම්බන්ධයෙන් නොයෙක් කාන්තාවන්ගෙන්  අසා විමසුවත් ඒ සඳහා ඔවුන්ගෙන් පිළිතුරක් වෙනුවට භය වීමක් ඔවුන්ගේ මුහුණුවලින් පෙන්නුම් කළ බව ඇය ප්‍රකාශ කර ඇත. කාන්තාවන් ලිංගික හිරිහැර සහ පහරදීම් පිළිබඳ අත්දැකීම් ගැන කතා කිරීමට අකමැති විය‍. මෙම වාර්තාව මගින් පැහැදිලි වූයේ අරාබි ලොව කාන්තාවන් 37%ක් කුමන හෝ ප්‍රචණ්ඩකාරී අත්දැකීමකට සිය ජීවිත කාලය තුළ මුහුණදී ඇති බවයි. එමෙන්ම ඊජිප්තුවේ කලාප 07ක් තුළ කාන්තාවන් 99෴ක් පමණ ලිංගික හිංසනයට ලක් වී ඇත. අරාබි ලෝකයේ ඉදිරියට පැමිණෙන ගැටලුවක් වනුයේ කාන්තාවන්ට රැකියා අවස්ථා අහිමි වීමයි. එමෙන්ම බොහෝ කාලයක් විවාහ නොවී සිටි පවුලේ කන්‍යාවන් මරා දැමීමට පවා මොවුන් යොමු වේ. අරාබි ලෝකය තුළ පිතෘ මූලිකත්වය වඩා ශක්තිමත් මුහුණුවරක් ගනියි. මෙවැනි පසුබිමක් තුළ හිමිකම යන හැඟීම් තුළින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවේ. මෙහි සැලකිය යුතු අවදානමක් ගනු ලබන්නේ ‍සංක්‍රමණිකයන් සහ ගෘහ සේවය සඳහා පැමි‍ණෙන කාන්තාවන් විසිනි. ඔවුන්ට මුහුණපාන්නට සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට එරෙහිව සාධාරණය ඉටුවන සුලු සිද්ධීන් කිහිපයක් පමණක් වාර්තා වීම දැකිය හැකිය.

 2013 වර්ෂයේ ඊජිප්තුව පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් වාර්තාවක් නිකුත් කළේය. එම වාර්තාව 'හැරිස් මැප්' (Harassmap) ලෙසින් හඳුන්වයි. ඔවුන් කයිරෝ අගනුවරෙහි අනාරක්ෂිත ප්‍රදේශ පිළිබඳ අවධාරණය කිරීම සඳහා කාන්තාවන් දැනුවත් කිරීමක යෙදෙන සමාගමකි. නගරය තුළ වෙසෙන ගැහැනුන්ගෙන් 95෴ කට වැඩි පිරිසක් හිංසනයන්ට ලක් වී ඇති බවට එහි වාර්තා වේ.

අරාබි ලෝකයේ රාජ්‍ය 22 පුරා කාන්තාවන්ට සිදුවන හිරිහැර සහ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ මට්ටමක් ගන්නා බවත්, එහි ඇතැම් රාජ්‍යවල කාන්තාවන් ලිංගික ශල්‍යකර්මවලට පවා යොමු කරන අතර, ඇතැමුන් මෙවැනි තත්ත්වන් තුළ ගැටලුකාරී පසුබිමක සිටියි. කෙසේ නමුත් මෙම වාර්තාව මගින් පෙන්වා දෙනුයේ කාන්තාවන් ලිංගික හිංසනයන්ට හා ස්ත්‍රී දූෂණයන්ට ලක්වන බවයි. 

ජනගහන විමර්ශන කාර්යාංශයේ දත්තවලට අනුව සෝමාලියාව හා යේමනය වැනි රටවල ළමා විවාහයන් පොදු දෙයක් බවට පත්ව තිබේ.  මේ වනවිට ජෝර්දානය තුළ දූෂණයට හෝ අගතියට පත් කාන්තාවන් විවාහ කර ගන්නේ නම් නීතියෙන් ලැබෙන දඬුවම ලිහිල් කර ඇත. 2016 වනවිට ලෙබනනය විසින් මේ සම්බන්ධයෙන් පවතින ස්වකීය නීතිය අවසන් කිරීමට සැලසුම් කර ඇති බව 2016 දී නිවේදනය කර ඇත.

2016 වර්ෂයේදී අපයෝජනයට ලක් වූ කාන්තාවන් 80%ක්

බටහිර සහ උප- සහරානු අප්‍රිකාව

හිරිහැර කිරීම අප්‍රිකාව පුරාම මිලියන ගණනක් කාන්තාවන්ට බලපාන නමුත් මෙම කලාපයේ ලිංගික හිංසනය වඩාත් බහුල වශයෙන් සිදු වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවට අනුව ටැන්සානියාවේ කාන්තාවන්ගෙන් 50෴ කට වැඩි පිරිසක් තම පුරුෂයන් හෝ සහකරුවා මගින් හිංසනයට හෝ ප්‍රචණ්ඩත්වයට ලක්වන බව සඳහන් කරයි. එම තත්ත්වය 71%ක් දක්වා ඉතියෝපියාව තුළ වාර්තා වේ. නයිජීරියාවේ වෙසෙන තරුණියන් 43%ක් ඔවුන්ගේ වයස අවුරුදු 18 සපිරීමටත් පෙර විවාහ වේ. එලෙස විවාහ වන දරුවන් දසදෙනෙකුගෙන් හය දෙනෙක්ම ශාරීරික, මානසික හෝ ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා ආදී කුමන හෝ දෙයක අත්දැකීමක් ලබා තිබේ. 

දකුණු අප්‍රිකාවේ කාන්තා ප්‍රතිශතයෙන් 12%ක් අසල්වාසීන් මගින් වාචිකව හෝ ශාරීරිකව සිදුවන අපචාරයන්ගෙන්  සුරක්ෂිත වී සිටියි. ඒ අනුව පසුගිය වසරේදී සමීක්ෂණ වාර්තාවලට අනුව අපයෝජනයට ලක් වූ කාන්තාවන් 80%කි. මේ බව 2015 'ActionAid' වාර්තාවලින් මැනවින් තහවුරු කරගත හැකිය.

ලිංගික අඩත්තේට්ටම් බොහෝමයක් මෙයින් වාර්තා වන අතර, නමුත් එය ආසියාවේ මෙන් කාන්තා හැසිරීම් සීමා නොකරන ප්‍රදේශයක් බව පර්යේෂකයන්ගේ මතය විය. ඔවුන් පෙන්වා දෙන්නේ එය ආසියාවේ මෙන් සංස්කෘතිය කෙරේ ඇති ගෞරවය හෝ පවුලේ සාමාජිකයන්ගේ අවංකභාවය නිසා නොවන බවයි.

දකුණු අප්‍රිකාවේ කාන්තා හිංසනය ඉහළය. අනෙක් ප්‍රදේශවලට සාපේක්ෂව ස්ත්‍රී දූෂණයට වැඩි තර්ජනයක් මෙහි පවතින බව තහවුරු වේ. එහි කාන්තාවන් විශාල ප්‍රමාණයක් දූෂණය කර ඇති බව අනාවරණය විය.

දකුණු අප්‍රිකානු සංවිධානයේ දත්ත විශ්ලේෂණය කිරීමේදී හා  එරට පොලිස් වාර්තා සලකා බැලීමේදී 2014 සහ 2015 වර්ෂවලදී, ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව 53,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. ඒ අනුව දිනකට 150කට ආසන්න ප්‍රමාණයක් එවැනි සිද්ධීන් පොලීසිය විසින් වාර්තා කර තිබේ. එය ඉතාම අසුභ පුවතකි.

බොහෝ ඒවා වාර්තා නොවීමද ගැටලුවකි. අප්‍රිකාව තුළ එය දරුණු ලෙස තිබෙන ප්‍රශ්නයක් බව පර්යේෂකයන් පෙන්වා දේ. සිම්බාබ්වේ ජාතික සංගණන ආයතනය 2012 වර්ෂයේදී සිදුකළ ගණනය කිරීම් අනුව, එහි වෙසෙන කාන්තාවන් 5 දෙනෙකුගෙන් එක් අයෙක් පළමු වරට ලිංගිකව එකතුවන්නේ බලහත්කාරයෙන් හෝ ස්ව කැමැත්තකින් තොරව බවට වාර්තා වේ.

එමෙන්ම 2016 වර්ෂයේ සිදුකළ සංගණනයට අනුව සිම්බාබ්වේහි කාන්තාවන් 3 දෙනෙකුගෙන් එක් අයෙකු කුමන හෝ වේලාවක හෝ තමන්ගේ සහකරුවා අතින් ශාරීරික හෝ ලිංගික ප්‍රචණ්ඩත්වයට හසුවේ. තමන්ගේ දුප්පත්කම නිසා මුදල් සෙවීමට ගණිකා වෘත්තිය සිදුකරන තරුණියන් රැසක් මෙරට තුළ සිටියි. ඔවුන්ගේ ප්‍රධාන ජීවිකාව වී ඇත්තේ ගණිකා වෘත්තියයි. එමෙන්ම මෙම රට තුළ තිබෙන තවත් ගැටලුවක් වන්නේ අනාථ දරුවන් සහ ඔවුන්ගේ නිවාස ප්‍රශ්නයයි. විස්තෘත පවුල් පසුබිම තුළ විරැකියාව සහ දරුවන්ගේ ආරක්ෂාව ගැන ප්‍රබල ගැටලුවක් උද්ගත වේ.

සිම්බාබ්වේ වෙසෙන කාන්තාවන් සහ ගැහැනු ළමයින්ට දිළිඳුකම නිසා ලිංගික හිංසනය නිරන්තරයෙන් අත්විඳින දෙයක් වේ. එරට තුළ  ළමා විවාහ සහ ගණිකා වෘත්තියේ යෙදීම සුලබ දෙයක් බවට පත්ව තිබේ.

මෙරට තුළ ලිංගික අතවරයක් වාර්තා කරන විට එමගින් ගැහැනු ළමයින් බරපතළ අවදානමකට ලක්වන අතර, ඇය ඥාතීන් සමග ජීවත් වනවා නම්, එම ඥාතී නිවසින් පන්නා දමන තත්ත්වයක් උදා කරයි.

ඇතැමුන් මෙම ක්‍රියාවන් නිසා ඇයව, සිරකර තැබූ විට පවුලේ පැවැත්ම කෙරේ එය ප්‍රබල බලපෑමක් වන අතර, කිසිදු මූල්‍යමය ආධාරයක් ඔවුන්ට හිමි නොවේ. එමෙන්ම මේ නිසා ගැහැනු ළමයෙක් ගැබ් ගන්නේ නම් ඇයට අනාරක්ෂිත තත්ත්වයන් තුළ වූවත් ගබ්සාවක් සිදු කිරීමට බල කෙරෙයි.

  • ඇමෙරිකාවේ කාන්තාවන්ගෙන් 65%ක් වීදි හිරිහැරවලට ලක්වෙයි

එක්සත් ජනපදය හා කැනඩාව

මෑතකදී බටහිර රටවල බලකාමී පුද්ගලයන් පිළිබඳ සිදුකළ චෝදනාවන් ඉදිරිපත් වීමත් සමග ලිංගික හිංසනය හා හිංසාකාරීත්වයේ වැඩි වර්ධනයක් තිබෙන බව අනාවරණය විය.

ස්ත්‍රී, පුරුෂභාවයට වඩා මිනිසුන්ට වඩා වටිනා දේ, පිරිමින්ට වටිනා දේවල් ලෙස නිරූපණය කිරීම එම සමාජයේ හටගත් එක් ප්‍රධාන මතයකි.

ඇමෙරිකාවේ කාන්තාවන්ගෙන් 65%ක් වීදි හිරිහැරවලට ලක්වන බව 2014 වර්ෂයේදී 'විදී හිරිහැර නවතමු' ජාත්‍යන්තර සංවිධානයෙන් ඉදිරිපත් කළ පර්යේෂණ වාර්තාවේ සඳහන් වේ. එයින් 23%ක් කාන්තාවන් ලිංගික හිංසනයට ලක්ව සිටියි. එමෙන්ම රාත්‍රී කාලයේ වීදි ඔස්සේ හිරිහැරයකින් තොරව නිවසට පැමිණෙන්නේ කාන්තාවන්ගෙන් 37%ක් පමණි. 'Sex Assault Canada' වෙබ් අඩවියට අනුව ලිංගික අපචාර සිද්ධීන් 80%ක් සිදුවන්නේ ඔවුන්ගේ නිවස තුළින් බවට වාර්තා කොට ඇත. එමෙන්ම මෙම ස්ත්‍රී දූෂණ සම්බන්ධ සිද්ධීන් 1%ක් හෝ 2%ක් දෛනිකව පොලීසියට වාර්තා වේ.

නමුත් ලෝකයේ වෙනත් ප්‍රදේශවලට සාපේක්ෂව,පර්යේෂකයන් දක්වන අයුරින් උතුරු ඇමෙරිකාවේ හිංසනයේ අඩු මට්ටමක් ඇති බවත්, ස්ත්‍රී දූෂණය අඩු වශයෙන් වාර්තා වන බවත් පැවසිය හැක.

කාන්තා හිංසනය වැඩිම රට ලෙස යුරෝපයේ ඩෙන්මාර්ක්

යුරෝපය

මූලික අයිතිවාසිකම් පිළිබඳ යුරෝපා සංගම් නියෝජිතායතනය විසින් 2012 දී පැවැත් වූ පුළුල් සමීක්ෂණයක් මගින් ස්ත්‍රීන් මුහුණදී ඇති හිංසාකාරී තත්ත්වය පිළිබඳ විස්තර අනාවරණය වීම සිදුවිය. මෙය යුරෝපයේ රටවල් 28ක් පිළිබඳ කෙරෙන පුළුල් අනාවරණයකි. යූරෝපා සංගමයේ 2012 වර්ෂයේදී එක්රැස් කළ දත්ත මගින් ශාරීරික සහ ලිංගික ප්‍රචණ්ඩත්වය ඇති රටවල් ප්‍රතිශත වශයෙන් දැක්වීය. ඩෙන්මාර්කය 52%ක්, ෆීන්ලන්තය 47%ක්, ස්වීඩනය 46%ක්, නෙදර්ලන්තය 45%ක්, ප්‍රංශය 44%ක් සහ එක්සත් රාජධානිය 44%ක්, ලෙට්වියාව 39%ක්, ලක්සම්බර්ග් 38%ක්, බෙල්ජියම 36%ක් සහ ජර්මනිය 35%ක් වශයෙන් වාර්තා වේ. ඒ අනුව කාන්තා හිංසනය වැඩිම රට ලෙස යුරෝපයේ ඩෙන්මාර්ක් හඳුනාගත හැකිය.

එක්සත් රාජධානියේ 2016 වර්ෂයේ දත්ත මගින් කාන්තාවන් 64%ක් අනවශ්‍ය අයුරින් ප්‍රසිද්ධ ස්ථානවල ලිංගික ප්‍රචණ්ඩත්වයට හසුව ඇති බවට වාර්තා වේ.

  • බ්‍රසීලයේ කාන්තාවන් 86%ක් ප්‍රසිද්ධ ස්ථානයන්හි ලිංගික හිංසනයට ලක්වෙයි

ලතින් ඇමෙරිකාව

'Actionaid' විසින් කරන ලද දත්ත සමීක්ෂණයට අනුව බ්‍රසීලයේ කාන්තාවන් 86%ක් ප්‍රසිද්ධ ස්ථානයන්හි ලිංගික හිංසනයට ලක්වේ. ඉන් කාන්තාවන් 84%ක් මෙම හිංසනික ක්‍රියා පිළිබඳ පොලීසියට පැමිණිලි කර ඇත.

2011 වර්ෂයේ %ජාතික සංගණන හා භූ විද්‍යා ආයතනය^ විසින් සිදුකරනු ලැබූ පර්යේෂණයකදී, මෙක්සිකෝවේ ජාතික වශයෙන් ගත්කල සිය ජීවිත කාලය තුළ කාන්තාවන් ලිංගික හිංසනයට ලක්වන ප්‍රමාණය 38%ක් වන බවට වාර්තා විය. නමුත් මෙක්සිකෝ නගරය තුළ එය 60.2%දක්වා වර්ධනය වී තිබේ.

  • වීදි හිරිහැරවලට ලක්වන කාන්තාවන්ගේ ප්‍රමාණය කාන්තාවන්ගෙන් 87%ක්

ඔස්ට්‍රේලියාව හා පැසිෆික්

ඔස්ට්‍රේලියාව, ෆීජි සහ පැපුවා නිව්ගිනියාවේ සෑම කාන්තාවකගේම හිංසනයට ලක්වන අනුපාතය ඉහළ අගයක් ගනියි.

ඕස්ට්රේලියානු දත්ත ඔස්සේ වීදි හිරිහැරවලට ලක්වන කාන්තාවන්ගේ ප්‍රමාණය කාන්තාවන්ගෙන් 87%කි. රාත්‍රී කාලයේ තමන්ගේම අසල්වැසියන්ගෙන් හිංසනයට ලක්වන පිරිස 40%ක් ලෙස වාර්තා වේ.

බස් රථ තුළ සිදුවන ලිංගික හිංසනයෙන් පීඩාවට පත්වන පිරිස  77%කි. එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්ත අනුව පෙන්වන්නේ කාන්තාවන් 64%ක් තම සහකරුවන්ගෙන් ලිංගික හිංසනයට ලක්වන බවයි.

පැපුවා නිව්ගිනියාවන්හි පොදු ප්‍රවාහනයේදී ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණදෙන කාන්තාවන් 90%ක් වාර්තා වේ. ගෝලීය වශයෙන් කාන්තාව හිංසනයට හා ප්‍රචණ්ඩත්වයට ලක්වන අතර, එහි බලපෑම මුළු මහත් සමාජයටම බලපාන පොදු දෙයකි. එනිසා මේ පිළිබඳ රාජ්‍ය වශයෙන් හෝ ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වී අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ගයන් වැඩි කිරීම හෝ වෙනයම් විකල්ප ක්‍රම භාවිතා කරමින් මෙය අවම තත්ත්වයකට ගෙන ඒමට සියලුදෙනා කටයුතු කළ යුතුය.

(wonder women- ada.lk)