ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, මාධ්‍ය සේවකයින් ඉලක්කර ගනිමින් සිදුකරන ලද අපරාධවලට එරෙහිව සහ වරදට දඩුවම් නොළබා සිටීමේ සංස්කෘතිය/ අවස්ථාව හෙවත් දණ්ඩමුක්තිය අවසන් [#endimpunity] කළ යුතු යැයි යන ප්‍රභල අර්ථයෙන් ලොව පුරා එවැනි අපරාධ සිදුකරන රාජ්‍යන්ට බලපෑම් කිරීමේ අරමුණින් 2013 නොවැම්බර් 2වනදා එක්සත් ජාතීන්ගේ 68වන සමුලුවේදී එකගතාවයක් ඇති කර ගන්නා ලදි. එය නම් ‘International Day to End Impunity for Crimes against Journalists / A/RES/68/163 ලෙස බලපෑම් කිරීමේ ජාත්‍යන්තර දිනයක් ලෙස සම්මත විය.
#ENDImpunity ලංකාව තුළ..!!!
විශේෂයෙන් ලංකාව තුළ පසුගිය වසර ගණනාව තුළ ජනමාධ්‍යවේදීන්ට, මාධ්‍ය ආයතනවලට සහ මාධ්‍ය සේවකයන්ට වෙත එල්ල කල කිසිදු අපරාධයකට මේ දක්වා කිසිවෙකුවත් නීතිය හමුවේ වරදකරුවෙකු කිරීමට බලධාරීන්ට නොහැකි වී තිබේ. 2004 සිට 2010 දක්වා මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් 44 දෙනෙක් ඝාතනයට ලක්ව ඇති බව JDS වාර්තා කර තිබේ. (1982 සිට ජනවාරි මස පමණක් ජනමාධ්‍යට එල්ලකරන ලද අපරාධයන් ගණන ද සුලුපටු නොවේ. බලන්න. ඒවාට ද මේ වන තෙක් යුක්තිය ඉටු වී නැත.)
මේ කාලය තුළ ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, අතුරුදන් කිරීම්, පහරදීම් හා වධහිංසා කිරීම්, තර්ජනය කිරීම්, ජනමාධ්‍ය අයතනවලට පහරදීම් හා ගිනිතැබීම් විශාල ප්‍රමාණයක් සිදු වූ අතර, ඒ කිසිවක් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට කිසිදු ආණ්ඩුවක් මෙතෙක් සමත්ව නැත.
කෙසේ නමුත් 2024 වසරේ දී බලයට පත්වූ අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිත්වයෙන් යුතු පාලනය විසින් ඝාතනයකළ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සහ අතුරුදහන්කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන සිදුකරන බව මාධ්‍ය වාර්තා කළේය. ඒ 2024 ඔක්තෝබර් 14 වන දා ය. අද 2025 නොවැම්බර් 2වන දාය. එය යහපත් ප්‍රවණතාවයක් වුවත් එහි සැලකිය යුතු ප්‍රගතියක් තවමත් පෙනෙන්නට නැත.
තත්ත්වය එසේ තිබියදී, දණ්ඩමුක්තියට එරෙහිව සටන් කිරීම යනු පුරවැසියන්ගේ ප්‍රමුඛ වගකීම පමණක් නොව, ප්‍රකාශනයේ නිදහස ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහිත සමාජයක් ගොඩනඟා ගැනීමට අත්‍යවශ්‍ය පියවරක්ද වන බව මෙම සංඛේතාත්මක වැදගත් දිනයේදී සටහන් කළ යුතුමය. මන්ද, දණ්ඩමුක්තිය යනු නීතියේ ආධිපත්‍යයට බරපතල තර්ජනයකි; එය බලය අයුතු ලෙස භාවිතා කරන්නන්ට ආරක්ෂාවක් සපයමින්, පුරවැසියාගේ අයිතිවාසිකම් කෙලෙසා දමන බැවිනි. මෙම සටන පුද්ගලික වගකීමක් ලෙස සීමා විය යුතු නොවේ. එය රාජ්‍ය ආයතන, මාධ්‍ය, සිවිල් සංවිධාන සහ අධ්‍යාපන ආයතන ඇතුළු සමස්ත සමාජයේම ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් විය යුතුය. එසේම, ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීම දණ්ඩමුක්තියට එරෙහි සටනේ ප්‍රධාන අංගයකි. එය එසේ වන්නේ, නිදහස් මාධ්‍යයකින් තොරව දූෂණ හෙළිදරව් කිරීම, බලය අයුතු ලෙස භාවිත කිරීම් හෙළි කිරීම සහ මානව හිමිකම් පදනම් වූ ජනමතයක් ගොඩනැඟීම අසීරු වේ. එබැවින්, මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව, තොරතුරු දැනගැනීමේ අයිතිය සහ අන්තර්ජාල නිදහස ඇතුලු ඩිජිටල් අයිතිවාසිකම් තහවුරු කිරීම මෙම සටනේ අත්‍යවශ්‍ය අංග වේ. අවසාන වශයෙන්, දණ්ඩමුක්තියට එරෙහි සටන යනු ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට තීරණාත්මක තත්ත්වයකි. එය නිදහස, යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය මත පදනම් වූ සමාජයක් ගොඩනැඟීමේ පදනම වේ. එබැවින්, සෑම පුරවැසියෙකුම, සෑම ආයතනයකම, දණ්ඩමුක්තියට එරෙහිව එක්ව සටන් කිරීම යනු ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී යුතුකමකි.
කෙසේ නමුත්, ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට එරෙහිව සිදුකෙරුණු, මෙතෙක් යුක්තිය ඉටු නොවූ සිදුවීම් රාශියක් අතුරින් සිදුවීම් කිහිපයක් පිළිබදව පහතින් දක්වමු!. ඒ (නොවැම්බර් 2) අද ට යෙදී තිබෙන “International Day to End Impunity for Crimes against Journalists” නිමිත්තෙනි.
[පහත දැක්වෙන්නේ, ඝාතනයට, අතුරුදහන් කිරීමට සහ පැහැරගෙන ගොස් බරපතල ලෙස පහරකෑමට ලක් වූ ජනමාධ්‍යවේදීන් සිය ගණනක් අතරින් කිහිප දෙනෙක් පමණි.









උපුටා ගැනීම - vikalpa.org

