ත්රස්ථවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතහි අන්තර්ගත ප්‍රතිපාදන සහ පුරවැසි අයිතීන්
1979 අංක 48 දරණ ත්‍රස්ථවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත අහෝසි කිරීම හා නව ත්‍රස්තාවාදය වැළැක්වීමේ නීතියක් ස්ථාපනය කිරීම සදහා ත ත්රස්ථවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත” 2026 සැප්තැම්බර් මස 18 වන දින ගැසට් පත්‍රයේ පලකරන ලද අතර එය 2026 ඔක්තෝබර් මස 6 වන දින පලමුවර කියවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී
එම කෙටුම්පත දැනට පවතින 1979 අංක 48 දරණ ත්‍රස්ථවාදය වැළැලක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ ප්‍රතිපාදනයන්ට සාපේක්ෂව සිවිල් අයිතීන් කෙරෙහි බලපාන ආකාරය පිලිබදව සංක්ෂිපත් විවරණයක් මෙමගින් සිදුකරනු ලැබේ-
සාධනීය ලක්ෂණ
පවතින නීතිය යටතේ පොලිසියට සිදුකරන පාපොච්ඡාරණය ඔහුට එරෙහිව යොදාගැනීම පිලිබද ප්‍රතිපාදන මෙම කෙටුම්පත මගින් සාධනීය ලෙස සංශෝධනය කිරීමට යෝජනා කර ඇත.
එමෙන්ම ත්‍රස්ථාවදී ක්‍රියාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා පුද්ගලයන් පැය 48ක් තුල මහේස්ත්‍රාත් වරයකුට ඉදිරිපත් කිරීමේ අතවශ්යතාව, වෛද්යපරීක්ෂණයකට භාජනය කිරීමේ අවශ්‍යතාව, අත් අඩංතුවට ගැනීම පිලිබදව ඥාතීන්ට දැනුම්දීමේ අවශ්‍යතාව, මෙන්ම පැය 48ක් තුල ශ්‍රීලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම්දීමේ අවශ්‍යතාව පිලිබද ප්‍රතිපාදන සලසා ඇත.එමගින් සැකරුවන්ගේ අයිතිවාසිකම් මෙන්ම මෙම පනත වැරදි ලෙස යොදාගැනීමට අවම කිරීමේ හැකියාවක් පවතී.
පුරවැසි අයිතිවාසිකම් සීමාවන ප්‍රතිපාදන
- ත්‍රස්ථවාදය නැමති වරද ඉතා පුලුල් ලෙස අර්ථ ගන්වා ඇති බව පැහැදිලි වේ. විශේෂයෙන්ම යම් ක්‍රියාවක් සිදු කිරිමට හෝ සිදු කිරීමෙන් වැළකී සිටීමට යම් ආණ්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් වෙත අයුතු ලෙස බලකිරීම යන්න ඉතා පුලුල් අර්ථ දැක්වීමක් දක්වා ගෙන යා හැකිය- ආණ්ඩුවේ ප්රතිපත්තියකට විරුද්ධව කටයුතු කිරිමද ඒ සදහා සිදුකරන වෘත්තීය සමිති ක්රියාමාර්ගයන්ද ත්‍රස්ථවාදය නැමති වරද සිදුකරන බවට චෝදනා නැගීමේ වැඩි සම්භාවිතාවක් පවතී. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ෂෂෂ වන පරිච්ඡේදයේ සදහන් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, නීත්‍යානුකූල රැකියාවක නියලීමේ අයිතිය, සමාගමයේ නිදහස, යාම් ඊම් නිදහස දැඩි ලෙස සීමාවන බව පෙනී යයි.
- කෙටුම්පතේ 10 වන වගන්තියේ විස්තර කරන ත්‍රස්ථවාදී ප්‍රකාශන පිලිබද වරද සම්බන්ධයෙන් වන ප්රතිපාදනද සිවිල් අයිතීන් දැඩි ලෙස සීමාකල හැකි ආකාරයට අර්ථ ගන්වා ඇති අතර සාමකාමී උද්ඝෝෂණයක් සදහා ජනතාව පොළඹවන හෝ කැදවන ප්රකාශනයක් බෙදා හැරීමද මෙම වගන්තිය යටතේ අර්ථ ගන්වා අත් අඩංගුවට ගැනිමේ අවධානමක් පවතී.
- එසේම දණ්ඩ නීති සංග්‍රහයේ පවතින සාමාන්‍ය අපරාධයන්ද ත්රස්ථාවාදී වරදක් ලෙස අර්ථ ගන්වා මෙම පනත යටතේ ක්‍රියාත්මක වීමේ අභිමතය මෙමගින් ආරක්ෂක අංශවලට හිමිවේ. එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සලසා දී ඇති නීතිය ඉදිරියේ සමානාත්මතාවය සීමා වීමේ තර්ජනයක් පවතී.
- පනත යටතේ වන වැරදි සම්බන්ධයෙන් වරෙන්තුවක් නොමැතිව පොලිස් නිලධාරියකුට සන්නද්ධ හමුදා නිලධාරියකුට හෝ වෙරළ ආරක්ෂක නිලධාරියකුට අත් අඩංගුවට ගැනීමේ හැකියාව ඇත(19 වගන්තිය) . දැනට ක්‍රියාත්මක වන ත්‍රස්ථවාදය වැලැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ ප්‍රතිපාදන අනුව ත්‍රස්තවාදි ක්‍රියාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ ලිබිත නියෝගයක් මත උප පොලිස් පරීක්ෂකවරයකුට හෝ ඉහල නිලධාරියකු විසින් අත් අඩංගුවට ගැනිම සිදුකල යුතුය. ඒ අනුව අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පවතින ප්‍රතිපාදන දැනට පවතින නීතියද අභිබවා පුරවැසි අයිතිවාසිකම් සීමාකිරීමක් බව පෙනී යයි.
- රැදවුම් නියෝග නිකුත් කිරීමේ බලතල ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වෙත පවරා ඇත. එමගින් එය හදිසි අවස්ථාවකදී භාවිතා කල හැකි බලයක් වුවද අධිකරණයක් විසින් නිකුත් කල යුතු පුරවැසියකුගේ නිදහස සීමා කිරීමේ නියෝගයක් නිලධාරියකු විසින් නිකුත් කිරීම පුරවැසි අයිතීන් සීමා කිරිමකි.
- එමෙන්ම විමර්ශණ බලතල සම්බන්ධව පොලිස් නිලධාරීන්ට විශාල අභිමතයක් පවරා ඇති අතර විමර්ශණවලට අදාල නියෝග නිකුත් කිරිමේදී මහේස්ත්රාත්වරයාගේ අභිමතයද සීමා කර ඇත- විශේෂයෙන්ම අධිකරණයේ අධික්ෂණයකින් තොරව ආණ්ඩුවේ රස පරීක්ෂක වරයා ඇතුල විශේෂඥ පරීක්ෂා ව සදහා අයිතමයන් ඉදිරිපත් කිරීමට පොලිසියට සෘජුවම බලතල ලබාදීම මගින් එය වැරදි නිර්මාණය කිරීමේ හැකියාවක් පොලිසියට පවතී- එමෙන්ම එය මෙතෙක් පැවති පටිපාටීය නීතියට පටහැකි කටයුත්තකි.
සමාප්තිය
මෙම කෙටුම්පත මගින් අත් අඩංගුවට ගන්නා පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා යම් යම් ප්‍රතිපාදන සලසා ඇති බවද පිලිගත යුතු අතර එම ප්‍රතිපාදන පවතින නීතියට වඩා සාදනීය වේ. විශේෂයෙන්ම පවතින නීතිය යටතේ පොලිසියට සිදුකරන පාපොච්ඡාරණය ඔහුට එරෙහිව යොදාගැනීම පිලිබද ප්‍රතිපාදන මෙම කෙටුම්පත මගින් සාධනීය ලෙස සංශෝධනය කිරීමට යෝජනා කර ඇත. නමුත් ත්‍රස්ථවාදය නැමති වරද අර්ථ ගන්වා ඇති ආකාරය මෙන්ම w;a අඩංගුව ගැනීම පිලිබදව පවතින ප්‍රතිපාදන දෙස බලන විට එය පවතින නීතියටත් වඩා පුරවැසි ksoyi අනතුරේ දැමීමක් බව නිරීක්ෂණය වේ- එසේම පොලිසියට පවරා ඇති බලතල අසීමිත වීම මතද එය පුරවැසි අයීතීන් සීමාකිරීමට හේතුවක් වනු ඇත.

| නීතිඥ ජගත් ලියන ආරච්චි
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
2026 ඔක්තෝබර්