ළමා ශ්‍රමය යනු සූරාකෑමකි: එහි ‘හොඳ’ සහ ‘නරක’ වැඩ කියා දෙකක් නැත - UN

child-labour

මාරාන්තික කොරෝනා වෛරස් අර්බුදය හමුවේ තවත් ළමුන් කෝටි ගණනක් රැකියාවලට තල්ලු කිරීමේ අවදානමක් මතුවී ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබේ.

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල (UNICEF) පෙන්වා දෙන්නේ දශක දෙකකට පසු පළමු වතාවට ළමා ශ්‍රමය භාවිතා කිරීම ඉහළ ගොස් ඇති අතර, කොරෝනා වෛරස් අර්බුදය හේතුවෙන් තවත් මිලියන ගණනක් ළමුන් එම ඉරණමට තල්ලු කර දැමීමේ අනතුරක් පවතින බව යි.

අන්තර්ජාතික කම්කරු සංවිධානය (ILO) සහ එක්සත් ජාතීන්ගේ ළමා කාර්යාංශය (UN children’s agency) විසින් නිකුත් කොට ඇති අලුත්ම ඒකාබද්ධ වාර්තාව පෙන්වා දී ඇත්තේ, 2020 වසර ආරම්භයේදී ළමා ශ්‍රමිකයන් සංඛ්‍යාව මිලියන 160 ක් වූ අතර එය 2016 වසරේ සිට ගතවූ වසර හතර තුළ දී මිලියන 8.4 කින් වැඩිවීමක් ලෙසිනි.

සෑම වසර හතරකට වරක් ප්‍රකාශයට පත් කෙරෙන මෙම වාර්තාව පෙන්නුම් කරන්නේ, ලොව පුරා වන ළමා ශ්‍රමිකයන් සංඛ්‍යාවෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 5 ත් 11 ත් අතර ළමුන් වන බවයි.

මෙහි දී එම වාර්තාව තදින් අවධාරණය කර ඇත්තේ “ළමා ශ්‍රමය යනු සූරාකෑමකි: එහි ‘හොඳ’ සහ ‘නරක’ වැඩ කියා දෙකක් නැත,” යන්නයි.

2000 සිට 2016 දක්වා කාලය තුළ ළමා ශ්‍රමිකයන් සංඛ්‍යාව මිලියන 94 කින් අඩු වූ අතර, වසංගත පීඩාව ආරම්භයට කෙටි කලකට කලින් ඇරඹුණු ඉහත දැක්වූ වැඩිවීම, ඒ වන තෙක් පැවතුනාවූ ළමා ශ්‍රමය පහත වැටීමේ ප්‍රවණතාවය අනපේක්ෂිත අයුරින් ආපසු හරවනු ලැබූ බව පෙන්නුම් කරන්නේ යැයි එම වාර්තාව සඳහන් කරයි.

Sri Lanka's child labour reduced by 60 percent | Daily News

“කොවිඩ් -19 අර්බුදය උග්‍ර වීමට පටන් ගැනීමත් සමඟම, ගෝලීය වශයෙන් ළමුන් 10 දෙනකුගෙන් එක් අයකු ළමා ශ්‍රම වෙළඳපලේ සිරවී සිටී. මෙයින් වැඩිපුරම පීඩාවට පත්ව ඇත්තේ උප සහරා අප්‍රිකා ප්‍රදේශයයි. ළමා ශ්‍රමිකයන්ගේ ප්‍රතිශතය 2016 ට සමාන මට්ටමක පැවතුනද, ජනගහන වර්ධනය අනුව එම සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව පෙනී යයි,” යනුවෙන් වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

වසංගත අවදානම තුල තත්වය වඩාත් නරක අතට හැරෙන බව එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය පවසයි.

එමෙන්ම කෝවිඩ් වසංගතය හමුවේ දරිද්‍රතාවයට ඇද වැටෙන පවුල් වලට උපකාර කිරීමට ඉක්මන් පියවර නොගතහොත්, ඉදිරි වසර දෙක තුළ තවත් ළමුන් මිලියන 50 කට ආසන්න සංඛ්‍යාවක් ළමා ශ්‍රමිකයන් ලෙස henrietta foreබලහත්කාරයෙන් වෘත්තීන්හි යෙදවිය හැකි බවට ද ඔවුන් අනතුරු අඟවා තිබේ.

henrietta fore“ළමා ශ්‍රමය යොදා ගැනීම අවසන් කිරීමේ සටන තුළ අපට දැන් පසුබැසීමට සිදුවෙමින් තියෙනවා,” යැයි පැවසූ යුනිසෙෆ් ප්‍රධානී හෙන්රියාටා ෆෝරේ අවධාරණය කර සිටියේ “කෝවිඩ්-19 අර්බුදය විසින් පෙර තිබූ නරක තත්වය තවත් නරක අතට හරවමින් පවතිනවා. ඒ තත්ත්වය තුල දැන්, ගෝලීය වශයෙන් සිදුකරන අගුලු දැමීම්, පාසල් වසා දැමීම්, ආර්ථික කඩාවැටීම් සහ ජාතික අයවැය හැකිලී යාමේ දෙවැනි වසරට ඇතුල් වී ඇති තත්වය තුළ, පවුල් වලට හද කම්පාකරවන තීරණ ගැනීමට බල කෙරී තිබෙනවා,” යනුවෙනි.

වසංගතය හේතුවෙන් දරිද්‍රතාවය වැඩි වීම සම්බන්ධයෙන් වන නව ගණනය කිරීම් සත්‍ය වුවහොත්, 2022 අවසන් වන විට, තවත් ළමුන් ලක්ෂ අනූවක් ළමා ශ්‍රමිකයන් බවට පත්වනු ඇතැයි එම ඒකාබද්ධ වාර්තාව අනතුරු අඟවයි.

ඒ නමුත් මෙම වාර්තාවේ සම කර්තෘවරිය වන යුනිසෙෆ් සංඛ්‍යාලේඛන විශේෂඥ ක්ලෝඩියා කැපා ට අනුව, ඒ සම්බන්ධයෙන් වන සංඛ්‍යානමය ආකෘති නිර්මානයේ දී පෙන්නුම් කරන්නේ එම සංඛ්‍යාව එමෙන් පස් ගුණයකට වඩා වැඩි විය හැකි බවයි.

ලබන වසර අවසන් වන විට, “කප්පාදු කිරීම් ආදී හේතු සාධක හේතුවෙන් හා වෙනත් සාධක මත සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලවල් පවතින වත්මන් මට්ටම්වලින් පහත වැටුණහොත්, ළමා ශ්‍රමිකයන් බවට පත්වන දරුවන්ගේ සංඛ්‍යාව අමතර ලෙස තවත් මිලියන 46 කින් ඉහළ යා හැකියි” යනුවෙන් ඇය AFP පුවත් සේවය ට පවසා තිබේ.

ළමා ශ්‍රමිකයන් අතරින්, පිරිමි ළමුන් වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇති අතර, 2020 ආරම්භයේදී ළමා ශ්‍රමිකයන් මිලියන 160 න් 97 ක්ම පිරිමි ළමුන් ලෙස වාර්තා වී තිබේ.

නමුත් සතියකට අවම වශයෙන් පැය 21 කින් පමණ ඉටුකරන්නාවූ සාමාන්‍ය ගේ දොර වැඩ ගණන් බලන විට, ඒවායේ දී ස්ත්‍රී පුරුෂ පරතරය අඩකින් අඩු වන බව වාර්තාව පෙන්වා දෙයි.

දරුවෙකුගේ සංවර්ධනයට, අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානු ඇතැයි සැලකෙන, අනතුරුදායක වැඩ ලෙස වර්ගීකරණය කර ඇති ක්‍රියාකාරකම් වල, වයස අවුරුදු 5 ත් 17 ත් අතර ළමුන් නියැලීමේ සැලකිය යුතු වැඩි වීමක් ද දක්නට ලැබේ.

National Policy to eliminate child labour in Sri Lanka | Page 4 | Daily Newsපතල් කැණීම හෝ බර යන්ත්‍රෝපකරණ භාවිතා කරනු ලබනු අනතුරුදායක කර්මාන්තවල වැඩ කිරීම මෙන්ම, පාසල් යාමට නොහැකි වන සේ සතියකට පැය 43 කට වඩා වැඩ කිරීම ද මෙම වර්ගයේ ක්‍රියාකාරකම් වලට ඇතුළත් වන බව පෙන්වා දෙන වාර්තාව, 2020 ආරම්භයේදී ළමුන් මිලියන 79 ක් මෙවැනි අන්තරායදායක කටයුතු කරන බවට ගණනය කරනු ලැබ ඇති අතර, එය වසර හතරකට පෙර සංඛ්‍යාවට වඩා මිලියන 6.5 ක ඉහළ යාමක් බව ද පෙන්වා දී තිබේ.

ළමා ශ්‍රමය වැඩි වශයෙන් සංකේන්ද්‍රණය වී ඇත්තේ කෘෂිකාර්මික අංශයට බව මෙම අධ්‍යයනයෙන් හෙළි වී තිබේ. එම කාණ්ඩයට මුළු ගෝලීය ළමා ශ්‍රමිකයන් ප්‍රමාණයෙන් 70% ක්, එනම් ළමුන් මිලියන 112 ක් අයත් වෙයි.

ළමා ශ්‍රමයේ විශාලතම වැඩිවීම දක්නට ලැබෙන්නේ උප සහරා අප්‍රිකාවේය.

In India, child labour victims struggle for state compensation | Eye on  Asia | China Daily

ජනගහන වර්ධනය, දිගින් දිගටම ඇති වූ විවිධ අර්බුද, අන්ත දරිද්‍රතාවය සහ ප්‍රමාණවත් සමාජ ආරක්ෂණ ක්‍රියාමාර්ග නොමැති වීම හේතුවෙන් 2016 සිට ළමුන් මිලියන 16.6 ක් ළමා ශ්‍රමිකයන් වීම සඳහා තල්ලු කර ඇති බව වාර්තාව අනාවරණය කරයි.

මෙම උප සහරා අප්‍රිකා ප්‍රදේශ වල වයස අවුරුදු 5 ත් 17 ත් අතර ළමුන්ගෙන් හතරෙන් එකක් එනම් 25% ක් පමණ දැනටමත් ළමා ශ්‍රමිකයන් බවට පත්ව සිටින අතර, යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ දී මෙම අනුපාතය 2.3% ක් පමණි.

(සෑම වසරකම ජුනි මස 12 වැනි දින "ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය" යෙදී තිබේ. the leader)