දකුණේ පමණක් පවත්වාගෙන ගිය නිළමය වහල් ඇගළුම් කර්මාන්ත සේවය, 2009 යේ යුද්ධය අවසන් වූ සැනින් ම , උතුරු පළාතයෙහි වව්නියාව, කිලිනොව්චිය සහ මුලතිව් යන දිස්ති‍්‍රක්කයන් හි ආරම්භ කිරීම සිදුකරනු ලැබුවේ , උතුරේ ජිවත්වන තරුණ , තරුණියන්ගේ රැකියා අවශ්‍යතාවය සපුරාලීම සඳහාම නොවේ.
අවම පහසුකම් යට, වැඩි ලාභයක් ඉපයීම මුල් කරගත් සුරාකෑම, ඉතාමත් සාර්ථකව කරගෙන යා හැකි තෝතැන්නක් බව, ඇගළුම් කර්මාන්ත ශාලා හාම් පුතුන් විසින් හඳුනාගෙන සිටි නිසාය.
එම මොහොතේ, උතුරේ නිර්මාණය කර තිබු සමාජ හා ආර්ථික සන්දර්භය , දරිද්‍රතාවයෙන් යුතු වූ සමාජ සන්දර්භයකී. දරිද්‍රතාවය නිසා ම පීඩනයේ බලපෑම හා එහි ප‍්‍රතිඵලය සෘජුවම බලපෑවේ කාන්තා සමාජයටය.
එබැවින් වැඩි වශයෙන් ඇගළුම් ක්ෂේත‍්‍රයේ රැකියාවන් සඳහා දායකත්වය ලබාදුන්නේ ද,
ඇගළුම් සේවිකාවන්ගේ මෙම ආර්ථික අර්බුදයේ ත්‍රීරතාවය මනා ලෙස හඳුනාගත් හාම්පුතුන්, වෘත්තිකයකු වශයෙන් ඔවුනට තිබෙන මූලික අයිතිවාසිකමක් වන සංවිධානය විම සහ තම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමේ බලය සහ හැකියාව සැලසුම සහගත ලෙස හින කිරීම හාම්පුතාගේ සිට පහළම නිළධාරියා වන සුපරික්ෂක දක්වා විවිධ ක‍්‍රම මගින් සිදු කරනු ලබයි.
මේ අධිපීඩන, පසුඛිම යටතේ ඇගළුම් කාන්තාව ඇයගේ ශ‍්‍රමය, නිදහස, ජීවිතය, ලිංගිකත්වය මත පදනම්ව සියලු ආකාරයේ සුරාකෑම් සහ හිංසනයන්වලට ලක්කරනු ලබන්නේ, ආර්ථික දරිද්‍රතාවය මත පදනම්වය. (උදා - කම්කරුවාගේ පුද්ගලික අවශ්‍යතාවයන් පවා තීරණය කරනු ලබන්නේ කර්මාන්ත ශාලා පාලකයින් විසි)
තත්ත්වය මෙසේ තිබියදී , 2020 මාර්තු මස ලංකාවට කොවිඞ් 19 වෛරසය පැමිණිමත් සමඟ රටේ සියලු රැුකියා ක්ෂේත‍්‍රයන්වලට සෘජුවත්, වක‍්‍රවත් වෛරසයේ බලපෑම ලක්විීමෙන්, රටේ ආර්ථිකය සිඝ‍්‍රයෙන් කඩා වැටිීමත් සමඟ කඩා වැටුණු ආර්ථිකයට මුක්කු ගැසීමේ ජාතික වගකීම භාරවූයේ, කාන්තා ශ‍්‍රම බලකායක් වන ඇගළුම් ක්ෂේත‍්‍රයට ය.
නමුත්, කොවිඞ් මාරයාගේ ඡුායාවෙන් ඛේරිීම සඳහා ඔවුනට රටේ ජාතික ආරක්ෂාවක් නොලැබුණි. එමනිසා ම මිනුවන්ගොඩි ආරම්භ වූ වසංගත සුළඟ උතුරු පළාත ඉතා ඉක්මණින් වෙලා ගත්තේ ඇගළුම් කම්කරුවන්ට දකුණේ මෙන්ම සියලු සමාජ අපවදායන් අවලාදයන් ද සමගිනි.
තත්ත්වය එසේ වූවත්, මේ වන විටත් කිසිඳු රාජ්‍ය ආයතනයක්, ඇගළුම් කර්මාන්තයෙහි සේවය කරමින් ජාතික ධනය උපයන ජීිවිතවලට කිසිඳු රක්ෂණයක් ලබා දී නොමැත.
අවම වශයෙන් වෘත්තීය සමිතිත් , රජයත්, හාම්පුතුනුත් එකතු ව සැඳුම්ලත් ත්‍රෛයිපාර්ශවිීය බලකාය හි එකඟ වූ ඉල්ලීම් ටිකවත් කි‍්‍රයාත්මක කිරීමට රජයත් , හාම්පුතුනුත් මානුෂිය නොවිය. එම නිසාම දිනපතා එක් ඇගළුම් ආයතනයකින් දෙතුන් දෙනාගේ සිට විස්ස, විසිපහ දක්වා වෛරසයට නතුවෙවින් සිටියි.
සෞඛ්‍ය අංශ සහ හමුදා අංශ, සියලු ජනමාධ්‍ය උපයෝගී කරගනිමින් විසිහතර පැය පුරාවට ම කොවිඞ් වසංගතයේ මරණීය තත්ත්වයන් පිළිබඳව සංවාද , සාකව්ඡුා සිදුකළත්, ඇගළුම් කර්මාන්ත ශාලාවල සේවය නියුතු අය පිළිබඳව කිසිඳු ප‍්‍රතිචාරයක් නොදැක්විමෙන් පෙනී යන්නේ ,
රාජ්‍ය පවත්වාගෙන යාම සඳහා දිවි පුදන මෙම කම්කරුවන් පිළිබඳව, රජයට කිසිඳු වගකිමක් නොමැති බවයි. එම නිසාම කර්මාන්ත ශාලා හාම්පුතුන්ට සිත්සේ, කම්කරුවාගේ රුහිරු උරා බීමට අවස්ථාව සලසා දී ඇති බව නොවේයිද? වගකීමකින් තොර වූ මෙම වැඩපිළිවෙල නිසා කම්කරුවා අද වන විට පවත්ව ඇති අවධානම් තත්ත්වයන් ලෙස ,
මෙම තත්ත්වයන් තවදුරටත් වර්ධනීය තලයකට පැමිණියහොත්, ශාරීරිකව සහ මානසිකව රෝගීවූ ඇගළුම් සේවක සමාජයක් අපට ඉතිරි වනු ඇත. එමනිසා ම, වගකීමක් සහිත රජයක කාර්යභාර්ය විය යුත්තේ, රටට විදේශ විනිමය ගෙනෙමින්, තම ජීවිත පරදුවට තබා, ජාතික ආර්ථිකය සඳහා දායකත්වය සපයන,
ජාතික සම්පතක් වන ඇගළුම් කම්කරුවන්ට තම රැකියාව, සෞඛ්‍ය සම්පන්නව , සුරක්ෂිත භාවයකින් හා මානසික සුවතාවයකින් තම රැකියාව කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙමින් , ඔවුන්ව රටේ ආර්ථික සංවර්ධන කි‍්‍රයාවලියට දායක කරගැනීම මිස, හාම්පුතුන්ගේ ඕනෑ එපාකම් ඉටු කිරීමෙන් නොවේ.
එම නිසා, කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින, සියලු සංවිධාන, රජයට සහ හාම්පුතුන්ට දැඩිව බලපෑම් කිරීම කාලීන අවශ්‍යතාවයකී.
| නලින් රංජන් ප‍්‍රනාන්දු, ස්තී‍්‍ර මධ්‍යස්ථානය, උතුරු පළාතේ සම්බන්ධිකාරක
