ගුරු වැටුප් අරගලය දඩමීමා කර ගනිමින්, රටේ වැටුප් ප්‍රතිපත්තිය කාගේ හෝ පෞද්ගලික බූදලයක් වීමට ඉඩ හැරිය නොහැකියි

ravi-kumudesh

රජ්‍ය පරිපාළණ චක්‍රලේඛ 6/2006 තුල ඇති සාම්ප්‍රදායික හා වැඩවසම් ප්‍රතිපත්තිය මගින් අධ්‍යාපන සුදුසුකම් රාමුවට අනූව ගුරුවරුන්ට වැටුප් නොලැබීම මෙන්ම, කාර්‍යක්ෂම ගුරුවරයෙකුට හෝ විදුහල්පති වරයෙකුට උපයාගත් සුදුසුකම් හරහා අධ්‍යාපන පරිපාළණයට ඇතුලුවෙමින්, තෘප්තිකර සේවාක් සැපයීමට ඇති හැකියාව වලක්වා ඇත. ගුරු විදුහල්පති අර්බුධයේ ඇත්ත ගැටළුව එය වන අතර, රාජ්‍ය සේවාව අකාර්යක්ෂම සේවාවක් බවට පත් කල සහ කාර්‍යක්ෂම රාජ්‍ය නිලධාරීන් අධෛර්යට පත් කරමින්, රාජ්‍ය සේවාවේ මැද මට්ටමේ වෘත්තීමය සේවාවන් රැසකට එරෙහිව ඇති සැබෑ ගැටළුවද එයයි.

නමුත්, වැටුප් කොමිසමේ සහ වැටුප් ප්‍රතිපත්තිය හදන ඇතැම් නිළධාරීන් තමන් නියෝජනය කරන ගොණුවට අදාලව එම ප්‍රතිපත්තියේ ඇති වාසි සහගත තත්වය හේතුවෙන්, එම ප්‍රතිපත්තිය දිවිහිමියෙන් ආරක්ෂා කීරීමට පත්වන රජයන්ට උපදෙස් දෙමින් සිටී. 2006 වර්ෂයේදී නිර්මාණය කල එම වැටුප් ප්‍රතිපත්තිය තව දුරටත් ඉදිරියට ගෙන යමින් 1:12 වැටුප් අනුපාතයක් නිර්මාණය කිරීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය යෝජනා කරමින් සිටින්නේද, රට තුල වැටුප් ගැටලුව විසදීමට හෝ ගුරු අරගලය නිමා කිරීමට නොව, ජනාධිපතිවරයා හෝ රජය ඒ පිළිබදව විවෘත විමසීමක් සිදු කිරීම සැලසුම්සහගතව වැලැක්වීම උදෙසාය.

රා.ප.ච. 6/2006ට මගින් සමස්ත රාජ්‍ය සේවයම හිර කර ඇති ඉහල සහ පහල වැටුප් අනුපාතය සහ ඉහල සේවාවන් කිහිපයකට පමණක් සුපිරි වරප්‍රසාද ලබෙන අයුරින් එම වැටුප් පරාසයේ විහිදීම රකිමින් කිසිසේතම ගුරු වැටුප් විෂමතාවය හෝ රාජ්‍ය සේවයේ වැටුප් අර්බුධය කිසිසේත්ම විසදිය නොහැක.

එනයින් 6/2006 වැටුප් ව්‍යුහයේ පවතින ගතානුගතික වැඩවසම් ප්‍රතිපත්තිය බිද දැමීම මේ මොහොතේ රජයේ වගකීමක් වන අතර උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති "ශ්‍රි ලංකා සුදුසුකම් රාමුවට" අදාල සුදුසුකම් සදහා සම වැටුප් ලැබෙන වැටුප් ප්‍රතිපත්තියක් හා සේවා කාලයේදී උපයා ගන්නා මූලික සුදුසුකම් වලට අනූව කාර්‍යක්ෂම නිලධාරීන් සදහා රාජ්‍ය් සේවය තුල ඉහලට යෑමට හැකිවන වැටුප් ක්‍රමයක් පාදක කරමින් රටේ පවතින වැටුප් අර්බුදය විසදන ලෙස අප බල කර සිටිමු.

රවී කුමුදේශ්, සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය