අදූරදර්ශී, පළපුරුදු නිලධාරින් පත් නොකිරීම අර්බුදයට හේතුවක්

අදූරදර්ශී, පළපුරුදු නිලධාරින් පත් නොකිරීම අර්බුදයට හේතුවක්

රජය ආර්ථිකය හැසිරවීමේදී යලි යලිත් පෙන්නුම් කරන ලද අසමත්බාවය, රට විශාල අර්බුධයක හිරිවීමට හේතු වූවා සේම, ජානාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද ඇතම් ලේකම්වරුන් හා ඉහල නිළධාරීගේ උද්දච්ඡ තීරණ සහ කළමනාකරණ අසමත්භාවය, රට යලි ගොඩ ගත නොහැකි මට්ටමේ අර්බුධයක් වෙත තල්ලු කර ඇත.

සෞඛ්‍ය ලේකම් තනතුර සදහා ජනාධිපතිවරයාගේ පත් කිරීම ඒ සදහ ඉතා හොද නිදසුනක් වන අතර, සෞඛ්‍ය සේවාව දූරදර්ශීව හා තිරසාරව පාලනය කිරීම සදහා තෝරාගත හැකි අද්දැකීම් බහුල නිළධාරීන් ඕනෑ තරම් සොයාගත හැකිව තිබියදී, පරිපාළණය පිළිබද අද්දැකීමක් නොමැති වර්තමාන සෞඛ්‍ය ලේකම්වරයාව තෝරා පත් කිරීම සදහා ඇති ලොකුම සුදුසුකම ලෙස සැලකිය හැක්කේ ඔහු හමුදා නිළධාරියෙකු වීමය. ඒ හරහා පෞද්ගලික දැන හැදුනුම්කමක් පැවතිය හැකි වීමය.

ඒ නිසාම ඔහු විසින් ගනු ලැබූ බොහෝ තීරණ ඇමතිවරුන් අභිබවන, ඇහුම්කන් නොදෙන, සකච්ඡා නොමැති, ඒකාධිකාරී ඒවාම වූ ඇතර, සෞඛ්‍ය සේවාවේ සාමූහිකත්වය බිද වැටීමට එය ප්‍රධාන හේතුවක් විය.

එසේම ඔහු විසින් ගනු ලබන බොහෝ තීරණ, ඔහුගේ අභිමතය පරිදි පමණක් ගන්නා ඒවා වූ අතර, කෙතරම් වැරදි තීරණයක් ගනු ලැබූවද එය වෙනස් නොකරන උද්දච්ඡ කමක්ද පවත්වා ගන්නා ලදී.

කෙසේ වෙතත් සෞඛ්‍ය සේවාව ඉතාම අසරණ අඩියකට වැටී ඇති මේ මොහොතේ පවා ඔහුගේ පාළණ ක්‍රමයේ වෙනසක් නොමැති ඇතර, සෞඛ්‍ය සේවාවම වසා දැමුවද, ඔහු ඔහුගේ තීරණ වල උද්දච්චව ලැග සිටීමට තරම් අසංවේදීය.

සෞඛ්‍ය සේවාවේ පවතින ත්ත්වයෙන් ඛේදවාචකයකින් තොරව ගොඩ ඒමටනම්, පවතින රාමුවෙන් ඔබ්බට ගොස්, නිර්මාණශිලී උත්තර හෙවීමේ කළමනාකරුවෙකු අවශ්‍ය වන බව ජනාධිපතිවරයා තේරුම් ගත් යුතු වුවද, ඔහුගේ ගෝලයන් කෙරෙහි ඔහු දක්වන දැඩි ඇල්ම, සෞඛ්‍ය ප්‍රශ්ණයට සේම, බොහෝ උඩුදුවා ඇති ගැටළු රැසකට ප්‍රධානතම හේතුව බවා අවබෝධ කරගත යුතුමය.

කෙසේ නමුත් ප්‍රමාද වී හෝ ජනාධිපතිවරයාට එම ගති ස්වභාවයෙන් මිදීමට හැකි වන්නේනම්, සෞඛ්‍ය ඇතුළු මහජන අවශ්‍යතා කළමණාකරණය කලයුතු අමාත්‍යාංශ සදහා හැකියාව සහ අද්දැකීම් සහිත නිර්මාණශීලී නියමුවන් කිහිප දෙනෙක් වහා පත් කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පවතී.

ravikumudesh photo

රවී කුමුදේශ්, සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය