ගුරු-විදුහල්පතිවරන්ට ආයාචනයක්

ගුරු-විදුහල්පතිවරන්ට ආයාචනයක්
  • විදුහල්පතිවරුන්ට ගුරුවරුන්ට මේ කියන්නේ - පොසොන් පෝය කියලා ළමුන් දෙමාපියන් අමාරුවේ දාන්න එපා

මහා ආර්ථික අර්බුදයකට යට වුන, බඩු හිඟයක් සමග සීඝ්‍රයෙන් භාණ්ඩ මිල ඉහළ යන රටක, දෙවේලක්වත් හරියට කන්න බැරිව, ජීවිත සටනක නිරත දෙමාපියන්ට පොසොන් පොහොයට අනවශ්‍ය බර පටවන පාසල්වල මහා සීල ව්‍යාපාර, දාන මාන සංවිධානය කිරීම වහා නතර කළ යුතුයි.

ඒවායින් ළකුණු දාගන්න හදන්නෙ දූෂිත විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් බව තේරුම් ගන්න. එවැනි වැඩ කරන්නේ සමාජ වගකීම් නොසළකන, කුහක ආත්මාර්ථකාමී විදුහල්පතිවරුන් හා ගුරුවරුන් බව තේරුම් ගන්න,

මුස්ලිම් බැතිමතුන් අවුරුද්දට එකම වරක් මක්කම යන ඔවුන්ගේ ඉතාම පූජනීය ගමනත් මේ ආර්ථික අර්බුදය නිසා මේ වසරේ නොයන්නට තීන්දු කළ බව මතක් කර ගන්න. ඔවුන් අන් සියල්ලන්ට ලබා දෙන්නේ වැදගත් ආදර්ශයක්.

එවන් සාධාරණ ප්‍රායෝගික තීන්දු ගන්න දෙගුරුන් පමණක් නෙවෙයි සංඝයාද සූදානම් විය යුතුයි. මෙවර පොසොන් පොහොය උත්සව වලින් තොරව, ධර්මානුකූලව ගත කරන්න කියලා මහනායකවරුන් ප්‍රසිද්ධියේ ඉල්ලීමක් යුතුයි.

kusal perera

ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දී කුසල් පෙරේරා

2022 ජුනි 10