විකිණීම ගෙවන වාට්ටු සංකල්පය හරහාද පැමිණිය හැකියි

විකිණීම ගෙවන වාට්ටු සංකල්පය හරහාද පැමිණිය හැකියි

බැලූ බැල්මට විකුණන ලයිස්තුවේ සෞඛ්‍ය සේවාව නැත. එය විකිනෙන්නට ඉඩ හරිමින් සැලසුම් සහගතව කටයුතු කරන එක මේ වන විටත් සිදු වෙමින් පවති.

සෞඛ්‍ය සේවාව නිවැරදිව කළමණාකරණය  නොකරමින්, එය ප්‍රතිඵලදායක බවින් අසමත් සේවාවක් බවට පරිවර්ථනය කිරීම මේ වන විට සිදු වෙමින් පවති. එය වලක්වාගත යුතු පාර්ශව විසින්ම හොරකමට හුරු කරන යාන්ත්‍රණයකට අයාලේ යන්න ඉඩ හරිමින්, සේවා සැපයුම් අඩාල වෙන්නනට ඉඩ හැර ඇත.

පගා ගැසීම, වංචාව, දූෂණය, කොමිස් ගැහිල්ල හේතුවෙන් අවුරුදු 5ක වියදම අවුරුද්දකින් වියදම් කෙරෙන ක්‍රමවේදයක සිටින සෞඛ්‍ය සේවාව ආර්ථිකමය වශයෙන් අසමත් බව සැබෑය.

ඉදිරියට එන්නේ ගෙවන ඉස්පිරිතාල සහ නොගෙවන ඉස්පිරිතාල එක වැට මායිමක් ඇතුලේ තිබෙන රෝහල් ක්‍රමයකි. ඒ සදහා පළමු අමාත්‍යමණ්ඩල පත්‍රිකාව අනුමත් වූ බව ජනාධිපතිවරයා සතුටින් ප්‍රකාශයට පත් කර හමාරය.

හෙට අනිද්දා ඔබට හමුවන රෝහල තුල නොගෙවන වාට්ටුවේ සිට මෝචරියට දුර ඉතා ළඟ විය හැකි අතර, ගෙවන වාට්ටුවක් සිට එය විශාල දුර පරතරයක් පවතින බව ඔබටම පසක් කරවනු ඇත. තෝරා ගැනීම හිමි වන්නේ ඔබටමය. කලින්ම මෝචරියට යන්නට අකමැති ඔබ, අතමිට මුදල් ඇත්නම් පමණක් 'ගෙවන වාට්ටුවේ' ගුණ වයණු ඇත. මුදල් නොමැති වූ විටෙක ඔබ විසින්ම මෝචරිය තෝරා ගනු ඇත.

සෞඛ්‍ය සේවාවට එරෙහිව නැගෙන චෝදනාවන්ට අදාලව උත්තර නෑ

පසුගිය මාසයක කාලය තුල පමණක් සෞඛ්‍ය භාවිතාවන් පිලිබඳව බරපතල චෝදනා දහයකට වැඩි ප්‍රමාණයක් පවතිනවා. වගකිවයුතු කිසිදු පාර්ශවයක්  මෙතෙක් පිළිතුරු සපයා නැහැ.

නියාමනය ඈලියාවට යවලා

මහජනතාවගේ සෞඛ්‍ය සේවාද නියාමනය කිරීමට ඇති ආයතන තුනම ඈලියාවට යවා ඇත.

රවී කුමුදේශ්

කැදවුම්කරු

වෘත්තීය සමිති එකමුතුව