වර්තමාන පරම්පරාව සමාජ මාධ්‍යයේ යන සියලු දේ ඇත්ත කියල පිළිගන්න සුදානම් වෙලා ඉන්නවා - නීතිඥ ඩී. එම්. දිසානායක

වර්තමාන පරම්පරාව සමාජ මාධ්‍යයේ යන සියලු දේ ඇත්ත කියල පිළිගන්න සුදානම් වෙලා ඉන්නවා - නීතිඥ ඩී. එම්. දිසානායක

මෙවර  මැතිවරණය සමාජ මාධ්‍ය හා ඒ් අයි තාක්ෂණය ඔස්සේ සිදුකරනු ලබන දුස් තොරතුරු වලින් පිරුණූ මැතිවරණයක් බවට මේවන විටත පත්ව ඇති බවත් තාක්ෂණයත් සමග සිදුකරනු ලබන මැතිවරණයක් වනු අතැයි නිතිඥ හා මැතිවරණ හ ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාදාමයන් විශ්ලේෂක නීතිඥ ඩි. එම්. දිසානායක මහතා පැවසීය.

ඒ් මහතා මේ අදහස් පළ කර සිටියේ මෙවර මැතිවරණයේදි සමාජ මාධ්‍ය හා නව තාක්ෂණය සිදුකරනු ලබන බලපෑම සම්බන්යෙන් කළ විමසීකදී අදහස් දක්වමිනි.

වැඩිදුරටත්  අදහස් දකවමින් ඒ් මහතා මෙසේ කියා සිටියේය.

2019 වසරේ පැවති මැතිවරණයේදි අපි මේ තත්ත්වය යම් ප්‍රමාණයකට දැක්කා. නමුත් මේ මැතිවණය ආරම්භයත් සමග ඒ තත්ත්වය තීවුර වෙලා තියෙනවා. මේ මැතිවරණ ක්‍රියාවලිය එක්ක අපේ රටේ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හෝ AI තාක්ෂණය හරහා වැරදි තොරතුරු දුස් තොරතුරු සමාජ ගතවීම බහුලව සිදුවෙමින් පවතිනව. ඒ්කට ප්‍රධානම හේතුව තමයි සාමාප්‍රදායික මාධ්‍ය ක්‍රියාවලියට වඩා ක්ෂණයකින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් කරා මේ තොරතුරු සන්නිවේදය විම . ඒ් හේතුව නිසා අතිශය අවධානමක් හා භයානක තත්ත්වයක් බවට පත්වෙලා තියෙනවා .

ක්ෂණයකින් ලැබෙන එවැනි තොරතුරක්  ඕනෑම මොහොතක බලන්න පුලුවන්. ඒ් අවස්ථාවේදිම නැත්නම් තමන්ට පහසු වේලාවක.  තාක්ෂණික  ක්‍රියාවලිය තුලින් නිර්මාණය කිරිමත්  සමාජ මාධ්‍ය හරහා පැතිරිමත් ඒ්කාබද්ධවෙලා ක්‍රියාත්මක වෙනවා.

මෙ දිනවල 83 කාලයේ වර්ගවාදි ගැටුමක කළු සුදු ජයාරූපයක් පිංතුරයක් වර්ණ  ජයාරූපයක් විදිහට සමාජ මාධ්‍ය හරහා බොහොම වේගයෙන් ව්‍යප්ත වෙනවා. වර්තමාන පරම්පරාව විශේෂයෙන්ම 2000න් පසුව ඉපදුන පිරිස මේ ඉතිහාසය පිළිබඳව දන්නේ නෑ . ඒ් පිළිබඳව නිවැරදි අවබෝධයක් නෑ .අතීත දෙවල් දන්නේ නෑ. ඒ් නිසා ක්ෂණයකින් බොහෝ පිරිසක් අතරට වැරදි අවබෝධයක් ඇති වෙන්න පුලුවන්. ඒ් වගේම මේ සිදුවිම් සම්බන්ධ හැදෑරිමක් නොකරන කෙනෙකුට  පුද්ගලයෙකුට හෝ කණ්ඩායමක් වැරදි මතවලට යොමු කරන්න බොහොම පහසුවෙන් පුලුවන්. ඒ වගේම දේශපාලන පක්ෂයකට  දේශපාලනික වාසි ගන්නත් පුලුවන්. 70, 89-89, 90 කාලයේ සිටි අය දන්නවා මොක්කද ඇත්ත කියලා .

ඒ් වගේම වර්තමාන පරම්පාරාවට කිසිම කෙනෙක් නිවැරදි කරන්න කාලයක් ඇත්තෙත් නෑ. උත්සහ කරන්නෙත් නෑ. කවුරුවත් ඒ්ක නිවැරදි කරන්න මැදිහත් වෙන්නේ නෑ. සමහරවිට වර්තමාන පරම්පරාව ඒ්ක ඇත්ත කියලා විශ්වාස කරනවා වෙන්නත් පුලුවන්. විශේෂයෙන්ම  වැඩහිටි පරම්පරාව මේ සමාජ මාධ්‍ය හැසිරීම ගැන දන්නෙත් නෑ . ඒ් ගැන අවබෝධයක් නෑ. ඒ්වාට ප්‍රතිචාර දක්වන්න දන්නේ නැතිවිමත් ලොකු ගැටලුවක්.

බටලන්ද කියන්නේ අතිශ්‍ය කුරිරු වදකාගාරයක් කියලා අපි අහලා තියෙනවා. ඉතිහාසය දන්න ඕන කෙනෙක් දන්නවා නමුත් මේ දවස්වල ඒ්ක පුනරුත්තාපන මධ්‍යස්ථනයක් කියලා පෝස්ට් සමාජ මාධ්‍ය අතරේ ෂෙයාර් වෙනවා. ඒ් තොරතු‌රේ  තියෙන විකෘතිය සමාජය දෙන්න හදන විදිහ, ඒ්ක වාර්තා කරන විදිහ අතිශය බේදණීයයි. වර්තමාන පරම්පාරාව මේ ඉතිහාසය ගැන හැදෑරිමක් නෑ. මාධ්‍ය භාවිතය අඩුයි. පොත් පත කියවන්නේ නෑ. මේ සමාජ මාධ්‍යයේ  තියෙන ඔක්කොම දේවල් ඇත්ත කියලා පිළිගන්න සුදානම් වෙලා ඉන්නවා. අඩුම තරමේ පසුගිය වසර 10ක ඉතිහාසයවත් ඔවුන් හරිහැටි දන්නේ නෑ. ඒ් වගේ කණ්ඩායමකට මේවගේ තොරතුරු සමාජ ගතකළාම  මොනතරම් බරපතල බලපෑමක්  ප්‍රජාත්තවාදයට හා  රාජ්‍ය යාන්ත්‍රණයට සිද්ධවෙයිද කියලා හිතා ගන්න බෑ .

මැතිවරණ සමීක්ෂණ තවත් බරපතල කාරණයක්. එවැනි  සමික්ෂණයක් කළ යුතු පිළිවෙලක් ක්‍රමවේදයක් තියෙනවා. එකට භාවිතා කළ යුතු නියැදියක් තියෙනවා. සමික්ෂණය පැවැත්වු අකාරය ප්‍රසිද්ධ කළ යුතු ආකාරයක් තියෙනවා පිළිගත් සමික්ෂණයක් කළ යුතු ආකරය වන්නේ ඒ් විදිහටයි.

නියදිය තොරගනන් ඕන ස්වාධීන ක්‍රමවේදයක් තියෙනවා. අපේ රටේ ජනගහණයට සාපේක්ෂව 2000කට වඩා ඉහළ නියැදියක් සම්බන්ධ කරගත යුතුයි. නමුත් මේ දවස්වල සිදුකරන සමික්ෂණ වල එවැන්නක් අපිට පෙන්නේ නෑ. විවිධ වෙලාවල්වල සමාජගත කරන සමික්ෂණ ප්‍රතිපළ අතිශය ප්‍රයෝගකාරියි.  ජනතාව  නොමග යවනසුලුයි. ඕනෑම කෙනෙකුට පුළුවන් ඒ් වගෙ සමීක්ෂණ ප්‍රතිපල හදලා දාන්න.

මැතිවරණ කොමිසමේ මාධ්‍ය උපමාන වල තියෙනවා ආයතනයක් සමිකෂණයක් පළකරවානම් ඒ් සමික්ෂණය කලේ කවුද? නියැදිය කුමක්ද? පාවිච්චි කළ ප්‍රශ්ණාවලිය, නියදිය තොරාගත්තේ කෙහෙමද? මේවගේ තොරතුරු හෙළිකල යුතුයි.  ප්‍රධාන ධාරවේ මධ්‍යයක් ගත්තොත් හෙළිකල යුතුයි .

එසේ නොවේනම් අපට පැමිණිලි කරන්න පුලුවන්. නමුත් සමාජ මාධ්‍යයේ යනකොට කිසිදු පදනමක් නෑ.  ඕනෑම බොරු තොරතුරක් සමාජ මාධ්‍ය හරහා යවන්න පුලුවන්. මේ බරපතලකම අද තියෙන තාක්ෂණයත් එක්ක  ඉතාම සංවේදි  විදිහට සකස් කරන්න  පුලුවන්. ඇහට පේන, හිතට වදින කෙනෙකුට සංවේදි ආකාරයට. ඒ් නිසා හිතාමතාම වැරදි තොරතුරු සමාජ ගතවීම මැතිවරණය ආරම්භ විමත් එක්ක අද දවසේ  බරපතල තත්ත්වයට පත්වෙලා තියෙනවා.

මැතිවරණ කොමිසම මේ වසරේ මේ වසරේ සමාජ මධ්‍ය උපමානවලට ඇතුළත් කළ පමණින් මැතිවරණ කොමිසම ඒ්වා නිරික්ෂණ කරන්නේ කෙසේද? යන්න ගැටලුවක් ? පියවර ගත්නේ කොහමද කියන එක ගැටලුවක්.

පසුගිය මැතිවරණයේදි අපි දැක්කා එවකට තිබු ෆේස්බුක් සමාගමත් එක්ක අවබෝධතාවයකට ඇවිල්ලා තිබුණා. මැතිවරණයට අදාල යම්කිසි පොස්ටුවක් ඉවත් කරන්න කියලා කිව්වොත් ඒ්ක ඉවත් කරන්නත් ඒ් අය කැපවෙලා හිටියා. ඒ් අනුව  පෝස්ට් දහස් ගණනක් ඉවත්කරන්නත් මැතිවරණ කොමිසමට හැකිවුණා. නමුත් මෙවරත් සාකච්ඡා කිහිපයක්ම තිබුණා. නමුත් කොතරම් දුරට සාර්ථකද කියන එක කියන්න බැහැ. මැතිවරණ කොමිසම නිරික්ෂණය කරන්නේ නෑ. අපි කවුරු හරි දැකලා ඒ්ක දැනුම් දෙන්න ඕනෑ.. ඊට පස්සේ කොමිසම ෆේස්බුක් සමාගමට දැනුම්  දිලා ඒ්ක ඉවත් කරන්න කටයුතු කරනවා. ඒ් කටයුත්තට අවම වශයෙන් දින දෙකකට වඩා කාලයක් ගත වෙනවා ඒ් වෙනකොට වැරදි  තොරතුරින් වෙන්න ඕනෑ හානියත් වෙලා ඉතිහාසයට එකතු වෙලාත් ඉවරයි .

තවත් දෙයක් තමයි නිවරදි කිරිමේ පොස්ටුවක් දැම්මත් ඒ්ක කලින් පොස්ටුව තරම් ප්‍රසිද්ධියක් ලැබෙන්නේ නෑ. වැරදි තොරතුර සමාජ ගතවෙලා ඇති කරපු බලපෑම නිවැරදි වෙන්නේ නෑ. මේ මැතිවරණ ක්‍රියාවලිය ඇත්තේ තියෙන ප්‍රබල අභියෝගයක්. පුද්ගලයෙකුට හානියක් වෙනවානම් සමාජ  ආරක්ෂණ පනත පාවිච්චියට ගන්න පුලුවන්. නමුත් දැනට පොලිසියට පැමිණිලි කරන්න විතරයි පූලුවන්. කොමිසක් හදල නැති නිසා ක්‍රියාමාර්ගයක්  ගන්නත් බෑ .

ඒ් නිසා සිවිල් පුරවැදියන් විදිහට අපි හැකි හැම විටම සිදුකළ යුත්තේ එවැනි අසත්‍ය හා දුස් තොරතුරු  මතවාද හා ප්‍රචරයන් බලපෑම් මැතිවරණ කොමිසමට දන්වා සහය දැක්වීමයි.

සටහන -  වැල්ලවාය ඉන්දක රොෂාන් ගරුසිංහ