රාජ්‍ය සේවය රටට බරක් වෙනවා නම් ඒ රාජ්‍ය සේවයෙන් වැඩක් නැති බව ජ්‍යෙෂ්ඨතම රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු වන ඔස්ටින් ප්‍රනාන්දු මහතා රාජ්‍ය සේවය රටට බරක් විය හැකි ක්‍රම කිහිපයක් ඇති බව පෙන්වා දුන්නේ “රටට බරක් නොවන රාජ්‍ය සේවයක් උදෙසා ගත යුතු මඟ” මැයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සංවිධානය කරන ‘කතිකාව’ සංවාදයට එක්වෙමිනි. මෙම සංවාදය මෙහෙයවනු ලැබුවේ, මාධ්‍යවේදී සරෝජ් පතිරණ විසිනි.
ඔස්ටින් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ, රටට බරක් නොවන සේ රාජ්‍ය සේවය පවත්වා ගෙන යාමට නම් රාජ්‍ය සේවකයින් තුළ ආකල්පමය වෙනසක් සිදුවිය යුතු බව අවධාරණය කළ ඔස්ටින් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ සුළු කරුණු ලෙස පෙනුන ද රාජ්‍ය ආයතනවල බහුල ගැටලුවක් හා අඩුපාඩුවක් වන ද්‍රව්‍යමය සම්පත් හිඟය හා යාන්ත්‍රික දෝෂ (පරිගණක අක්‍රිය වීම වැනි) රාජ්‍ය සේවකයින්ගේ ඍණාත්මක ආකල්ප සමඟ එක් වූ විට තත්ත්වය තව දුරටත් තීව්රර කරන බවයි.
තමන්ගේ ඉතාම සුළු හෝ වැදගත් කටයුත්තක් ඉටුකර ගැනීමට රාජ්‍ය ආයතනයකට යන පුරවැසියාට තමන් අපේක්ෂා කරන සේවය ඉටුකර ගැනීමට නොහැකි වූ විට ඔහු රාජ්‍ය සේවය රටට බරක් ලෙස දකිනවා. ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබමින්, රජයෙන් නඩත්තු කරන නිල නිවාසවල සිටිමින්, රජය විසින් ලබා දුන් වාහනයෙන් ගමන් කරන නිලධාරියෙක්ගෙන් පුරවැසියා අපේක්ෂිත සේවය නොලැබෙන්නේ නම් ඒ පුරවැසියාට රාජ්‍ය සේවය බරක් ලෙස පෙනී යාම පුදුමයක් නොවෙයි ඔස්ටින් ප්‍රනාන්දු මහතා ජනතාව අතර පවතින සුලභම හා බලවත්ම චෝදනාව ගෙන හැර පෑවේ ය.
නාස්තිය, දූෂණය, අකාර්යක්ෂමතාව, හීන ඵලදායීතාවය පමණක් නොව පගාව සහ සොරකම පවා රාජ්‍ය සේවය රටට බරක් ලෙස හැඟී යාමට හේතුවක් බව ඔහු සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා රාජ්‍ය සේවය තුළ සිදුවන දූෂණය බරපතළ කරණක් ලෙස නම් කර ඇති බව සඳහන් කළ ඔහු රාජ්‍ය සේවය තුළ දූෂණය සිදුවීමට රජය ද යම් පමණකට වගකිව යුතු බව පෙන්වා දුන්නේ ය.
දූෂණයේ තවත් නවමාන පැහැදිලි කරමින් ඔස්ටින් ප්‍රනාන්දු මහතා මෙසේ ද සඳහන් කළේය, දේශපාලන දූෂණය සුලභව රාජ්‍ය සේවකයින් අතින් සිදුවන දෙයක්. උදාහරණයක් විදිහට ඉතාම බරපතළ අණපනත් මඟින් විවිධ ආයතන ස්ථාපිත කරලා තිබෙනවා. එසේම පාර්ලිමේන්තු ස්ථාවර නියෝග මඟින් කෝප්, කෝපා වැනි කාරක සභා ස්ථාපිත කරලා තිබෙනවා. මේ කාරක සභාවලින් රජ්‍ය සේවකයින්ට ලබා දෙන නියෝග අදාළ රාජ්‍ය නිලධාරීන් විසින් ක්‍රියාත්මක කරනවා ද? යන්න බරපතළ ගැටලුවක්. එසේම ජනාධිපතිවරයා විසින් හෝ අමාත්‍යවරුන් විසින් විවිධ විෂයන් සම්බන්ධ කොමිෂන් සභා පත්කරනවා. ඊට පස්සේ එම කොමිෂන් සභා විවිධ වාර්තා නිකුත් කරනවා. කළ යුතු දේවල් ගැන නිර්දේශ ලබා දෙනවා. මේ වාර්තා මඟින් ලබා දෙන නිර්දේශ බොහෝ රාජ්‍ය ආයතන සහ නිලධාරීන් විසින් ක්‍රියාත්මක කරනවාද? යන්න බරපතළ ගැටලුවක්. මේක රටට අවැඩදායි දෙයක්, මෙවැනි නිර්දේශ ක්‍රියාත්මක නොකරන රාජ්‍ය සේවය රටට බරක්.
රාජ්‍ය සේවය රටට බරක් වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ රාජ්‍ය සේවය තුළ අතිරික්ත සේවකයින් ප්‍රමාණයක් සිටීම බවට වන පොදු තර්කය තමා ද පිළිගන්නා බව කී ප්‍රනාන්දු මහතා, රාජ්‍ය සේවකයින් පමණක් නොව ඇතැම් රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල පවා කිසිම ආකාරයක ඵලදායී මහජන සේවයක් ලබා නොදී ඍජුව භාණ්ඩාගාරයෙන් යැපෙමින් රටට බරක්ව තිබෙන බව පෙන්වා දුන්නේ ය.
මේ බව තව දුරටත් පැහැදිලි කළ ඔස්ටින් ප්‍රනාන්දු මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා පෙන්වා දී ඇති ආකාරයට මෙවැනි දැවැන්ත රාජ්‍ය සේවකයින් පිරිසක් සහ ඵලාදායීතාවයෙන් තොර ආයතන තව දුරටත් පවත්වා ගෙන යා යුතු ද යන්න ගැන රජය තීන්දුවක් ගත යුතු වුවත් එවැනි අභියෝගාත්මක තීන්දුවක් ගැනීමට ආණ්ඩු බයයි. ඇතැම් ආණ්ඩු මෙවැනි ආයතනවල ක්‍රියාත්මක වෙමින් තිබෙන, තම දේශපාලන පක්ෂයට ගැති වෘත්තීය සමිතිවල මතයට කන් දෙනවා. ඒ නිසා මෙවැනි ආයතන වසා දැමීමට හෝ වෙනත් පියවරක් වෙත යාමට නොහැකිව දිගින් දිගටම මහා භණ්ඩාගාරයේ මුදල්වලින් නඩුත්තු කරමින් සිටිනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ අතිරිත්ත සේවකයින් ඉවත් කිරීමට පියවර නොගෙන සමස්ත අයවැයෙන් 12%ක් වැනි විශාල මුදල් ඔවුන්ට වැටුප් ගෙවීමට සහ නඩත්තු කිරීමට වැය කරමින් සිටිනවා. පුද්ගලයින් 10කට හෝ 12කට එක් රාජ්‍ය සේවකයෙක් බැගින් සිටින තරමට අපේ රාජ්‍ය සේවය පුළුල් කර තිබෙනවා. කඩිනමින් රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව අඩුකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ වෙනත් බලපෑම් ආයතන රජයෙන් ඉල්ලා තිබෙනවා. නමුත් ආණ්ඩු ඒ ගැන කිසිම අවධානයක් යොමු කරන බවක් දැකගන්න නැහැ.
මෙහිදී හිටපු ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේ සමස්ත රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව සම්බන්ධ නිල දත්ත නොමැතිවීම බරපතළ ගැටලුවක් බවයි. විවිධ කමිටු සහ දේශපාලන හා ආයතන ප්‍රධානීන් රාජ්‍ය සේවය කප්පාදු කළ යුතු සංඛ්‍යව පිළිබඳව එකිනෙට පරස්පර සංඛ්‍යා ඉදිරිපත් කරන බව පෙන්වා දුන් ප්‍රනාන්දු මහතා’ හිඟන්නෙකුට දෙන මුදල තීරණය කරන ආකාරයට මෙවැනි තීන්දු ගැනීමට හැකියාවක් නොමැති බව අවධාරණය කළේ ය.
රුපියල් මිලියන ගණන් වැය කරමින් ස්ථාපිත කළ ජනාධිපති කොමිෂන් සභා විසින් ලබා දුන් නිර්දේශවලින් කොපමණ සංඛ්‍යාවක් අදාළ රාජ්‍ය නිලධාරීන් හෝ ආයතන විසින් ක්‍රියාත්මක කර තිබේදැයි (ඔබගේ දැනුම අනුව) සරෝජ් පතිරණ මෙහි දී ඔස්ටින් ප්‍රනාන්දු මහතාගෙන් විමසා සිටියේ ය. එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔස්ටින් ප්‍රනාන්දු මහතා කියා සිටියේ, එම වාර්තාවල නිර්දේශ ක්‍රියාත්මක කිරීම තබා නීතිය අනුව අදාළ වාර්තාවල නිල පිටපත් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට පවා ලබාදීමක් කර නොමැති බව තමාට සහතික කර ප්‍රකාශ කළ හැකි බවයි.
මෙම වාර්තා යට ගැසීම හෝ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පමා කිරීම හෝ නොකරම සිටීම පිටුපස දේශපාලන හෝ පුද්ගලික ආදි වශයෙන් සංකීර්ණ හේතු රැසක් පවතින බව කී ඔස්ටින් ප්‍රනාන්දු මහතා මෙම නිර්දේශ යට ගැසීම හෝ නොසලකා හැරීම ද රාජ්‍ය සේවය රටට බරක් වීමට හේතුවක් වූ බව සඳහන් කළේ ය.