සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයින් හිංසනයට හා ප්‍රචන්ඩත්වයට ලක්වන්නේ කෙසේද?

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයින් හිංසනයට හා ප්‍රචන්ඩත්වයට ලක්වන්නේ කෙසේද?

“කාන්තාවන්ට හා ගැහැණුන්ට වන හිංසනය“ පිටුදැකීමේ වෙනුවෙන් එයට එරෙහිව ජාත්‍යන්තරව කරනු ලබන විරෝධතා සතිය වෙනුවෙන් මෙම ලිපිය සම්පාදනය කරනු ලබයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අන් කවරදාකටත් වඩා 2020 වැර්ෂය මුළුමහත් ලෝකයටම සුවීශේෂී වර්ෂයක් වී ඇත. ඒ මන්දයත් කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් මුළු ලෝකයම වෙලාගෙන ඇති අවස්ථාවකය. මෙම කොවිඩ් 19 වසංගතය හමුවේතම ජිවිතය පරදුවට තබා ඉදිරියෙන්ම සටන් වදින කණ්ඩායම සෞඛ්‍ය අංශවල සේවය කරන්නන්වේ.

සෞඛ්‍ය අංශ වල සුවීශේෂී කණ්ඩාමක් ලෙස හෙද නිලධාරිනියන් දැක්විය හැකියි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ දැනට සමස්ත හෙද නිලධාරීන් සංඛ්‍යාව 40000කට ආසන්නවේ. මෙයින් 95%ක්ම නියෝජනය කරනු ලබන්නේ කාන්තවන්ය. සමස්ත සමාජය තුළ හෙද නිලධාරිනිය ආදරණීය මවක්, බිරිඳක්, දියණියක් ලෙස කටයුතු කරයි. තමන්ට හිමි මෙම භූමිකාවන් ඉටු ඉටුකරමින් ඇයගේ

වැඩබිමේ (රෝහලේ) තුල තම ප්‍රධාන භූමිකාව වනුයේ “රෝගියාට ලැබිය යුතු විශිෂ්ඨතම හෙද සාත්තුව ලබාදිමයි“. මෙම හෙද සේවාව ලබාදීමට නම් අය දැනුමෙන්, කුසලතාවයෙන්, කරුණාවෙන් පෝෂණය වූ තැනැත්තියකි විය යුතුය. එමෙන්ම කායික, මානසිකතාවයෙන් සමබර විය යුතුයි. රෝහලේ රෝගීන් නිරෝගී පුද්ලයෙක් බවට පත් කිරීමට ඇයට අනිවාර්යෙන්ම දැනුම, ආකල්ප හා කුසලතා වලින් සවිමත් වෘත්තීමය පිරිපුන් තැනුත්තියක් විය යුතුය.

තම සේවා ස්ථානය වන රෝහල තුළදී ඇය විවිධ ප්‍රචන්ඩත්වයන්ට හා හිංසනයයන්ට ගොදුරුවේ. විහේෂයෙන් හෙද සේවාව තුළ 95% කාන්තාවන් වන අතර, ඉහුතරය ඉහල නිලතල වල සිටිනුයේද කාන්තාවන්ය. හෙද සේවාව තුළ ජ්‍යෙෂ්ඨත්වය හා කනිෂ්ඨත්වය මද පදනම් කරගනිමින් බොහෝ රෝහල් වල ජ්‍යෙෂ්ඨයින් විසින් කණිෂ්ඨයින් පිඩනයට ලක් කරන අවස්ථාවන් එමටය. මෙම තත්ත්වය බෝහෝ රෝහල් වල සුලභව දැක්නට ඇති තත්ත්වයකි. මෙහිදී කණිෂ්ඨ සේවකයා තම සේවාව ලබාදීමේදී ඉතාමත් අතෘප්තිමත්ව තම රාජකාරියෙහි යෙදී සිටීම දක්නට ලැබෙන අතර, ඇයට/ඔහුට මෙම තත්ත්වය යටතේ රෝගියකුට තම උපරිම සේවය ලබාදීමට හැකිද?

එමෙන්ම හෙද සේවාව තුළ වෙනස් කොට සැලකීම බහුලව දැකීමට හැකිය. දක්ෂතා හා කුසලතා පදනම් කරගෙන රැකියාවේ උසස්වීම් හා පුහුණුවීම් වලට අවස්ථාව ලබාගැනිම වෙනුවට ඉහල නිලධාරියාට හෝ අංශ ප්‍රධානියට පක්ෂග්‍රාහී වීම එම වරප්‍රසාද ලබාගැනීමට පහසුම මාර්යක් වේ. මෙවැනි දෙවල් වලට විරෝධය දැක්වීමට ඉදිරිපත් වන්නන්ට අත්වනුයේ පුද්ගලික පළිගැනීම් වලට ලක්වීමයි. ඔවුන්ට හට පුහුණුවීම්, උසස්වීම්, හා අනෙකුත් වරප්‍රසාද කුමාණුකූළව කප්පාදුවීම බොහෝ රෝහල් වල දැකගැනීමට හැකිය. හෙද නිලධාරින් රෝගියාට අවශ්‍ය විශිෂ්ඨතම සේවාව ලබාදුන්නත්, හෙද නිලධාරින් ලෙඩ වූ විට ඔවුන්ට ප්‍රතිකර ලැබීමේදී දෙවන පෙලේ සැලකීම් අවස්ථාද රෝහල් තුළ දැකිය හැකිය.  සමහර හෙද නිලධාරින්ට ප්‍රචන්ඩත්වයෙන් සැලකීම ද දක්නට ඇති අවස්ථාවන්ද දක්නට ඇත.

මෙවැනි තත්ත්වයක් යටතේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් කාන්තාවන් හිංසනයෙන් හා ප්‍රචන්ඩත්වයෙන් මුදවා ගැනිම සඳහා සී 190 සම්මුතිය ශ්‍රී ලංකාවේ පනතක් ලෙස සම්මත කර ගැනිමේ අවශ්‍යතාවය දැඩිව මේ වන විට මතුව තිබේ.

එය සමස්ත රෝහල් පද්ධතියේ සියලු තල වල සේවය කරනු ලබන සේවය කරන්නන්ට මේ මොහොතේ රජය විසින් ගත යුතු ක්‍රියාමාර්ගයක් වන්නේය.

අනුරුද්ධිකා ඉරෝෂණී ජයරත්න / රජයේ හෙද නිලධාරින්ගේ සංගමය - කාන්තා සංසදය