උත්සව සමයේ සාප්පු සවාරි යන ජනතාවට පොලිසියෙන් දැනුම්දීමක්

උත්සව සමයේ සාප්පු සවාරි යන ජනතාවට පොලිසියෙන් දැනුම්දීමක්
කොරෝනා වසංගතය හමුවේ සිංහල අළුත් අවුරුදු සමය වෙනුවෙන් සාප්පු සවාරියේ යෙදෙන අය නිරෝධායන නීතීන් අනිවාර්යයෙන්ම පිළි පැදිය යුතු බව පොලිසිය අවධාරණය කර තිබේ.
 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඒ පිළිබද සොයා බැලීමට මෙන්ම මහජන ආරක්ෂාව සදහා ද සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරීන් යොදවන බවයි.