ඩෙංගු සහ බස්නාහිර පලාතේ  පාසල් ළමුන්ගේ නිල ඇඳුම

ඩෙංගු සහ බස්නාහිර පලාතේ  පාසල් ළමුන්ගේ නිල ඇඳුම

“මටත් ආරංචි වුනා” - සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය නලීන් ආරියරත්න මහතා 

“ඩෙංගු වලින් ආරක්ෂා වීම සඳහා සුදුසු ලා පැහැති දිග ඇඳුමක් පාසල් නිල ඇඳුමට යටින් ඇඳීම සඳහා බස්නාහිර පළාතේ පසල් ළමුන්ට අවසර ලබා දී තිබේ. එම විශේෂ අවසරය අද දින (19) සිට ක්‍රියාත්මකයි. “ යනුවෙන් පුවතක් අද පලවී තිබිනි.

මෙම  ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් “අලුත් සුව පුවත්” දැන් සිදුකල විමසීමකදී  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා (වෛද්‍ය නලීන් ආරියරත්න මහතා _ 0740931033) ප්‍රකාශ කලේ ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම් දීමක් මේ දක්වා තමන් වෙත ලැබී නැතත් එවැනි වැඩපිලිවෙලක් සම්බන්ධයෙන් තමන්ට ද  දැනගන්නට ලැබී ඇති බවයි.