එංගලන්ත වැසියන්ට සතියකට කොවිඩ් පරීක්ෂණ 02ක් නොමිලේ

එංගලන්ත වැසියන්ට සතියකට කොවිඩ් පරීක්ෂණ 02ක් නොමිලේ

එක් සතියක් තුළ දී නොමිලේ දෙවරක් ක්ෂණික කොවිඩ් පරික්ෂාවන් කරගැනීමට එංගලන්ත වැසියන්ට අවස්ථාව හිමිව තිබෙනවා.

ඒ යටතේ මිනිත්තු 30ක කාලයකින් ප්‍රතිඵල ලබාදෙන කොවිඩ් පරික්ෂා කට්ටල නොමිලේ ලබාගැනීමේ අවස්ථාව ජනතාවට හිමි වනු ඇති.

එම කට්ටල රට තුළ සියලු පරික්ෂා මධ්‍යස්ථාන, ඖෂධ අළෙවිසැල් හෝ තැපෑල මගින් ලබාගැනීමට ද හැකියාව පවතිනවා.

එංගලන්ත සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ, අනාගත කොවිඩ් ව්‍යාප්තියක් වැළැක්වීම මේ මගින් අපේක්ෂිත බවයි.