මෙම සති අන්තය වන විට පමණක් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කරසිටි කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 145ක් දක්වා ඉහළගොස් තිබූ බවයි විදෙස් වාර්තා පැවසුවේ. එය ගතවු මාස 05 ක කාලය තුළ බරපතළ තත්ත්වයේ පසුවන ආසාදිතයින්ගේ ඉහළම සංඛ්‍යාවයි. පවත්න තත්ත්වය සලකා ප්‍රංශයේ සියලු පාසල්, අත්‍යවශ්‍ය නොවන වෙළෙඳසැළ් සති 04ක් වසා තැබීමටයි පියවර ගෙන ඇත්තේ.
රාත්‍රී 07 සිට උදෑසන 06 දක්වා ඇදිරිනීතියද පනවා ඇතැයි විදෙස් මාධ්‍යන්හි සඳහන්. ලබන අගහරුවාදා සිටි විශේෂ හේතුවක් නොමැතිව තම නිවසේ සිට කිලෝ මීටර් 10 දුර යාමටද ප්‍රංශ වැසියන්ට නොහැකි වී තිබෙනවා.
