බ්‍රිතාන්‍යය රටවල් 04කට සචාරක තහංචි දමයි
බ්‍රිතාන්‍ය විසින් එරට සංචාරක තහනම් රතු ලැයිස්තුවට රටවල් 04ක් අලුතින් එක්කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ඒ අනුව,කෙන්යාව, බංග්ලාදේශය, පකිස්තානය සහ පිලිපීනය යන රටවල් 04ට එළැඹෙන 09 වෙනිදින අලුයම 04.00 සිට මෙම තහනම ක්‍රියාත්මක වනු ඇත.
කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත. බ්‍රිතාන්‍ය, අයර්ලන්ත ජාතිකයන්ට සහ එරට පදිංචිය සදහා හිමිකම් ඇති අයට බ්‍රිතාන්‍යයට ඇතුල්විය හැකි නමුත් දින 10ක් නිරෝධායනය විය යුතුය.
මේවන විට බ්‍රිතාන්‍යය රතු ලැයිස්තුවේ’ රටවල් 39 ක් ඇතුළත් වෙයි.