ඇෆ්ගනිස්ථානයේ දේවස්ථානයක පිපිරීමකින් 10 ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ දේවස්ථානයක පිපිරීමකින් 10 ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර දේවස්ථානයක සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් 10 දෙනෙකු පමණ මියගොස් තිබෙනවා.

සිකුරාදා දේව මෙහෙය පැවැත්වෙන අවස්ථාවේ මෙම පිපිරීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

ප‍්‍රහාරයෙන් තවත් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ද සඳහන්.

පිපිරීම සිදුවන අවස්ථාවේ දේවස්ථානයේ විශාල පිරිසක් එක්ව සිට ඇති අතර සිද්ධිය ඇසින් දුටුවන් විදෙස් මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර ඇත්තේ මියගිය සහ තුවාල ලැබූ පුද්ගල සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.