ජල ගැලීම් නිසා ඕස්ට්‍රේලියාව අවදානමේ -18,000ක් අවතැන්

ජල ගැලීම් නිසා ඕස්ට්‍රේලියාව අවදානමේ -18,000ක් අවතැන්

ඕස්ට්‍රේලියාවට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් මෙවනවිට එරට ජන ජීවිතයට විශාල බලපෑමක් ඇතිකර තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ගංවතුර හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 18,000ක් පමණ ජනතාව අවතැන්වී සිටින අතර එම පිරිස් ආරක්‍ෂිත ස්ථාන කරා යොමුකිරීමට කටයුතු කර ඇත.

විශේෂයෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නැගෙනහිර වෙරළබඩ කලාපයට ගංවතුරෙන් දැඩි බලපෑම් ඇතිව තිබෙන අතර දින කිහිපයක් පුරා පැවති අධික වර්ෂාව හේතුවෙන් ප්‍රාන්ත අගනගරය වන සිඩ්නි හි ගංගා සහ වේලි පිටාරගලමින් පවතින බවත් සදහන්.

එම ප්‍රාන්තයේ මෙවැනි ගංවතුර තර්ජනයක් වාර්තා වී ඇත්තේ වසර 50කින් පමණ පසුව බව බලධාරීන් පැවසීය.

උන්හිටි තැන් අහිමි වූ පිරිස් සඳහා මූල්‍යාධාර පිරිනමන බව ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් සඳහන් කරයි.