සෞදි අරාබිය විදේශික ශ්‍රමිකයින්ට වැදගත්වෙන නීති වෙනසකට සූදානමක්

සෞදි අරාබිය විදේශික ශ්‍රමිකයින්ට වැදගත්වෙන නීති වෙනසකට සූදානමක්

සෞදි අරාබිය විසින් 2021 වසර වනවිට එරට තුළ ක්‍රියාත්මක වන කෆාලා ක්‍රමවේදය අහෝසි කිරීමට කටයුතු කරන බව සෞදි පුවත් සේවා වාර්තා කරයි.

මෙම ක්‍රමවේදයේ වෙනසත් සමඟ සෞදියේ සේවය කරන මිලියන 10ක් පමණ සංක්‍රමණික සේවකයින්ගේ නෛතික තත්ත්වය ඔවුන්ගේ සේවායෝජකයා සමඟ බැඳී පවතින බවයි එම පුවත් සේවා පෙන්වා දෙන්නේ.

සෞදි රජය විසින් එරට තුළ දැවැන්ත කම්කරු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමේ සූදානමක් මත ඉතා නුදුරේදීම මෙලෙස කෆාලා (sponsorship) ක්‍රමය යටතේ රැකියාවන් කිරීම අවසන් කිරීමට කටයුතු කරනු ඇත.

මෙම ක්‍රියාවලිය යටතේ ඉදිරි කාලයේ ශ්‍රමිකයින්ට තම කැමැත්ත මත සේවය කරන ආයතන මාරු කිරිම හෙ කැමැත්ත පරිදි නිවාඩු ලබා ගැනීම, නැවත පැමිණීම හෝ පිටවීම යන කාරණා සිදුකළ හැකි බවත් සෞදි පුවත් සේවා පෙන්වා දෙයි.

ගල්ෆ් කලාපයේ රටවල් බොහෝමයක් මෙම කෆාලා ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කර තිබෙන නමුත් එහිදී යම් යම් ප්‍රතිසස්කරණ පමණක් සිදුකරමින් සම්පූර්ණයෙන්ම කෆාලා ක්‍රමවේදය අහෝසි කිරීමට කටයුතු නොකළ බවත් පුවත් සේවා වැඩිදුරටත් සඳහන් කරයි.