යුරෝපයේ තුන්වන කොවිඩ් රැල්ලක් ගැන අනතුරු ඇඟවීමක්

යුරෝපයේ තුන්වන කොවිඩ් රැල්ලක් ගැන අනතුරු ඇඟවීමක්

2021 වසරේ මුල් භාගය වන විට යුරෝපා කලාපය තුළ කොවිඩ් නයින්ටීන් තුන්වන රැල්ලක් නිර්මාණය විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

එම සංවිධානයේ කොවිඩ් නයින්ටීන් පිළිබඳ විශේෂඥවරයෙකු වන ඩේවිඩ් නබාරෝ විසින් මේ බව සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ වන විට දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් පවතින දෙවන කොවිඩ් රැල්ල පාලනය කිරීමට යුරෝපා කලාපයේ රාජ්‍යයන් අපොහොසත් වී ඇති බව ඔහු පෙන්වා දී ඇත.

පළමු කොවිඩ් රැල්ලෙන් අනතුරුව දෙවන රැල්ලක් නිර්මාණය වීම වළක්වා ගැනීමට පියවර නොගැනීමෙන් එම කලාපයේ රටවල් රැසක් වසංගත ව්‍යාප්තියේ දරුණු තත්ත්වයක් පෙන්නුම් කරන බව ඩේවිඩ් නබාරෝ ප්‍රකාශ කරයි.

මේ හේතුවෙන් යුරෝපා කලාපයේ ව්‍යාප්ත වී ඇති දෙවන කොවිඩ් රැල්ල පාලනය කර ගැනීමට කටයුතු කිරීම දැඩි අවශ්‍යතාවයක් වන බව ඔහු සඳහන් කර තිබේ.

වැඩබිම