එක්සත් රාජධානිය ස්වයං-නිරෝධායන කාල සීමාව අඩු කිරීමේ තීරණයක

එක්සත් රාජධානිය ස්වයං-නිරෝධායන කාල සීමාව අඩු කිරීමේ තීරණයක
කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා තිබෙන ස්වයං-නිරෝධායන කාලසීමාව වෙනස් කිරීමට එක්සත් රාජධානිය තීරණයකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
ඒ අනුව ස්වයං-නිරෝධායන කාලසීමාව දින 14 සිට දින 10 දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙන අතර එමඟින් නව කොරෝනා ව‍ෛරස ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණවල සහාය ඇතිව ස්වයං-නිරෝධායන කාලසීමාව අඩු කෙරෙන අතර රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ජනතාවට ඔවුන් වෛරසය රැගෙන නොයන බව තහවුරු කිරීම ද අරමුණයි.
 
දින 14 ක ස්වයං නිරෝධායන කාලසීමාවට ජනතාව අනුකූල නොවීම, විශේෂයෙන්ම ඔවුන්ට එතරම් දීර්ඝ කාලයක් රැකියාවලට නොයා සිටීමට නොහැකි වීම යන කරුණු මත මෙලෙස ස්වයං-නිරෝධායන කාලසීමාව අඩු කිරීමට හේතු වී තිබෙන බවත් එමෙන්ම ඇතැම් ආයතන සමාගම් අසනීප නිවාඩු නොගෙවීම ද ඊට හේතුවක් වී තිබෙන බව සඳහන්.