ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට යලිත් කොවිඩ් තර්ජන

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට යලිත් කොවිඩ් තර්ජන
මාස දෙකක් පුරාවට ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම නගරය ලෙස සැලකෙන මෙල්බර්න් නුවරින් කොව්ඩ් ආසාදිතයින්  හමුනොවීම නිසා නගර වැසියන්ට කලකට පසුව නිදහසේ කාලය ගත කිරීමට අවස්ථාව උදා විය.
 
කෙසේ නමුත් යලිත් වරක් මෙල්බන් නුවරින් ඊයේ (31) දිනයේ කොවිඩ් ආසාදිතයින් 6 දෙනෙක් හඳුනාගෙන තිබෙන අතර සිඩ්නි නගරයෙන් පැමිණි පුද්ගලයෙක් හරහා එය පැතිරෙන්නට ඇතැයි විශ්වාස කෙරෙන බව විදෙස් පුවත් සේවා සඳහන් කරයි.
 
පසුගිය ජුලි සිට ඔක්තෝබර් දක්වා මෙල්බර්න් නගරයේ දැඩි සංචරණ සීමා පනවා කොවිඩ් පැතිරයාම පාලනයට බලධාරීන් කටයුතු කිරීම නිසා  එහි දෙවන කොවිඩ් රැල්ල පාලනය කිරීමට බලධාරීන් සමත් විය.
 
නැවත වරක් මෙල්බන් නුවර කොවිඩ් අවදානම මතුව ඇති බැවින් මෙම නවතම තත්ත්වය පාලනයට කඩිනමින් කටයුතු කරන බව නගර බලධාරීන් නිවේදනය කර තිබෙන අතර එහිදී මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය කර තිබේ. ඊට අමතරව සෞඛ්‍ය උපදෙස්ද අකුරට පිළිපදිය යුතු බවත් නිවේදනය කර තිබේ.
 

මේ සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ මෙල්බර්න් නගරයේ කොවිඩ් පැතිරයාම "දරුණු තත්ත්වයක්" බවයි.