ඊශ්‍රායලය මිලියනයකට කොවිඩ් එන්නත විදී

ඊශ්‍රායලය මිලියනයකට කොවිඩ් එන්නත විදී

ඊශ්‍රායලය මේ වන විටත් තම රටේ ජනගහනයෙන් මිලියන එකකට කොවිඩ් 19 සඳහා ලබාදෙන එන්නත ලබා දී තිබේ.

මේ අනුව තම කොවිඩ් එන්නතක් ලොව වැඩියෙන්ම ලබා දුන් රට බවට එරට පත්වේ. මිනිසුන් 100කට 11.55ක අනුපාතයකින් එරට එන්නත ලබා දී ඇත. මීළඟට සිටින බහරේනය සියයට 3.47ක් ද එක්සත් රාජධානිය සියයට 1.47ක් ද වශයෙන් තම රටේ ජනතාවට කොවිඩ් -19 සඳහා එන්නත් ලබා දී තිබේ. මේ දත්ත ලබාගෙන ඇත්තේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවියෙනි. මෙය කොරෝනා රෝගයට තදින්ම ගොදුරු වූ ප්‍රංසය සමඟ සසඳා බලන විට ඇත්තේ ඉතාම විශාල පරතරයකි. දෙසැම්බර් 30 වැනි දා වන විට ප්‍රංසයේ සම්පූර්ණයෙන්ම කොවිඩ් 19 සඳහා එන්නත් ලබා දී තිබුණේ 138 දෙනකුට පමණි.