දකුණු කොරියාවේ 2020දී නව උපත් ප්‍රමාණය ඉක්මවා මරණ සංඛ්‍යාව ඉහළ ගිහින්

දකුණු කොරියාවේ 2020දී නව උපත් ප්‍රමාණය ඉක්මවා මරණ සංඛ්‍යාව ඉහළ ගිහින්

දකුණු කොරියාව 2020 වසරේ දී ප්‍රථම වතාවට නව උපත් ප්‍රමාණය ඉක්මවා මරණ සංඛ්‍යාව ඉහළ යාමකට මුහුණ දී ඇත. මේ අනුව ලොව අඩුම නව උපත් සංඛ්‍යාවක් ඇති රට බවට ද එරට පත් වී ඇත. පසුගිය වසරේ එරට උපත ලබා ඇත්තේ ළදරුවන් 275,800ක් පමණි. එය 2019 වසරේ නව උපත් සංඛ්‍යාවට වඩා සියයට 10කින් පහත වැටීමකි.

2020 වසරේ 307,764 දෙනෙකු මියගොස් තිබේ. තම රටේ ප්‍රතිපත්තිවල පදනමින්ම වෙනස්වීම් සිදුවිය යුතුයැයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කොට ඇත.

ජනගහනය ශීඝ්‍රයෙන් පහත බැසීම රට කෙරෙහි විශාල බලපෑමක් ඇති කරනු ඇතැයි පැවැසේ. සෞඛ්‍ය කටයුතු සහ විශ්‍රාම කටයුතු සඳහා යන වියදම ඉහළ යාමෙන් මහජන සුබසාධන වියදම් ඉහළ යාමත්, තරුණ ජනගහනය පහත වැටීමෙන් ශ්‍රම බළකාය පහත වැටීමත් එරට අනාගතයේ මුහුණ දෙන ප්‍රධානම ප්‍රශ්න ලෙස හඳුනාගෙන ඇත.