ඇමරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලට අගුළු වැටෙයි

ඇමරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලට අගුළු වැටෙයි

ආරක්ෂාවට ඇතිවූ තර්ජනයක් හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන්හි කැපිටල් ගොඩනැගිල්ල වසා දමා තිබේ.

එම ස්ථානයේ හදිසි අවස්ථාවක් ක්‍රියාත්මක කර ඇති අතර බයිඩන් මහතාගේ සමාරම්භක උත්සවයේ පෙරහුරුවද අත්හිටුවා තිබේ.

ජාතික ආරක්ෂක භටයන් දහස් ගනනක් යොදවා ප්‍රදේශයේ ආරක්ෂාව තරකර ඇතැයි වාර්තාකරුවෝ පවසති.

කැපිටල් ගොඩනැගිල්ල ඇතුලත සිටින සියල්ලන්ට පොලිසිය විසින් ආරක්ෂක අනතුරු ඇඟවීමක් ද සිදුකර ඇත.

ඇමරිකාවේ තේරී පත්වූ නව ජනපති ජෝ බයිඩන් මහතාගේ දිවුරුම් දීමට දින දෙකකට පෙර මෙම සිදුවීම වාර්තා වෙයි.

එක්සත් ජනපද කොංග්‍රසයේ නිවහන වන කැපිටල් ගොඩනැගිල්ලේ ට්‍රම්ප් හිතවාදී කණ්ඩායම් විසින් ජනවාරි 06 වැනිදා සිදුකළ ආක්‍රමණයක් හේතුවෙන් 05 දෙනකු මියගිය අතර බොහෝ පිරිසක් තුවාල ලැබූහ